අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආගම්වාදී-ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුයි

ආගම්වාදී-ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුයි

පටු දේශපාලනයට තිත තැබිය යුතුයි -විපක්ෂ නායක අවධාරණය කරයි- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේ රට ඒකීය-සෛරී සහ භෞමික අඛණ්ඩතවය සහිත ප්‍රජාතන්ත්‍රවාදය ඇති ශ්‍රී ලංකාවක් ලෙස ශක්තිමත් කර ඇති බවත් එම සංකල්පය…

පටු දේශපාලනයට තිත තැබිය යුතුයි 

-විපක්ෂ නායක අවධාරණය කරයි-

ආගම්වාදී-ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේ රට ඒකීය-සෛරී සහ භෞමික අඛණ්ඩතවය සහිත ප්‍රජාතන්ත්‍රවාදය ඇති ශ්‍රී ලංකාවක් ලෙස ශක්තිමත් කර ඇති බවත් එම සංකල්පය මහ පොළවේ සත්‍යක්-යථාර්ථයක් බවට පත් කිරීම ගිහි පැවැදි අප සැමගේ වගකීම බවත් ජාති-ආගම් අතර සමගිය-සංහිඳියාව ඇති කිරීමටත් ගතානුගතික සිතුම් පැතුම්වලින් ඔබ්බට ගොස් සුවිශේෂ කාර්යක් ඒ වෙනුවෙන් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අප රටට ජාතික හා ආගමික සමගිය වැදගත් බවත් සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුවිශේෂ තැනක් ලබා දී ඇති බවත් බුදුදහම වර්ධනය කිරීම පෝෂණය කිරීම මෙන්ම සෙසු  ආගම්වලට ලැබිය යුතු සුරක්ෂිතභාවය රැකවරණය හා නිසි නිසි තැන ලබා දිය යුතු බවත් මේ තුළින් ආගමික ජාතික සමගිය සංදිහියාව ප්‍රවර්ධනය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහනායක ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා නායක ධුරය පිළිබඳ ශ්‍රී සන්ස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සව අවස්ථාවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

සාමය සහෝදරත්වය සංහිඳියාව ප්‍රවර්ධන කර විවිධ අවස්ථාවල මතුවන අභියෝගවලට මුහුණ දීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් හා සර්ව ආගමික නායකයන්ගේ මෙන්ම සර්වපාක්ෂික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සිදුවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආගම ජාතිය මුලික කර ගෙන කටයුතු කිරීම පටු දෙයක් බවත් රට සංවර්ධනය නොකර සෞභාග්‍යය උදා නොකර කෙටි කාලීන ජනප්‍රියත්වය වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවල අර්බුධ ඇති කර රටේ එකමුතුභාවයට අභියෝග එල්ල කරන නිසා මේ අභියෝග ජය ගන්න එකමුතුභාවය ඇති කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම වර්තමානයේ විවිධ ප්‍රවණතා නිසා බුදුසසුනට අභියෝග ඇති බවත් විවිධ න්‍යායපත්‍ර හරහා බුද්ධ ධර්මය විවිධ ආකාරයෙන් විකෘති කරන්න කටයුතු කරන බැවින් මේවාට විරුද්ධව නැගි සිටිය යුතු බවත් අඩුවන දහම් පාසල් සිසුන් වර්ධනය කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැකගත යුතු බවත් තරුණ පරපුර ආගමික සිද්ධාස්ථාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ තුළින් රටේ සාමය සතුට සෞභාග්‍යය උදා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න