අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ. නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි…

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සඳහාම බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබේ.
 
නියමු ව්‍යාපෘතියක් ලෙස කවුළුව විවෘත කළ අතර එහි සාර්ථකත්වය සලකාබලා ඊයේ (23) සිට සියලුම විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන් සඳහා මෙම පහසුකම හඳුන්වාදී ඇත.
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අධික තදබදය නිසා විදෙස්ගතවීමට අපේක්ෂිත ශ්‍රමිකයන්ට මුහුණදීමට සිදුවූ අපහසුතා රැසක් මින් මඟහැරෙන බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක් | Lanka Newsweek