අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආගමන නිලධාරීන් අකුරට වැඩ

ආගමන නිලධාරීන් අකුරට වැඩ

(නිලන්ති චන්ද්‍රසේන) ආගමන විගමන නිලධාරීහු ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර…

(නිලන්ති චන්ද්‍රසේන)

ආගමන විගමන නිලධාරීහු ඊයේ (17)  මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්නුයි  ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීමේ  මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පැමිණ ඇත්තේ. ඊයේ දිනයේ පවතී විරෝධතාවයට බලධාරීන්ගෙන් නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් අද මෙම ක්‍රියාමාර්ගයට පැමිණි බව එම සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කරයි.

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට  සිදුවන අපහසුතාවයට පාලනාධිකාරිය වගකිව යුතු බවද  අරුණ කණුගල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ට පිටත්වීමට පය 03කට පෙර   ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස  දැනුම් දී ඇත.

ආගමන විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවතින තුරු මගීන්ට සිදුවන අපහසුතාවය වලක්වා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක කරන මෙන් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආගමන නිලධාරීන් අකුරට වැඩ | Lanka Newsweek