අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අහිමි වූ ජිවිත ගණන 09 ... අයහපත් කාලගුණික තත්වය තව දුරටත් ...

අහිමි වූ ජිවිත ගණන 09 ... අයහපත් කාලගුණික තත්වය තව දුරටත් ...

(නිලන්ති චන්ද්‍රසේන) අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පවතින ආපදා තත්ත්වය හමුවේ, මේ වන විට පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව…

(නිලන්ති චන්ද්‍රසේන)

අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

 පවතින ආපදා තත්ත්වය හමුවේ, මේ වන විට පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා සඳහන් කරන්නේ වැඩි ම පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4000කට ආසන්න පිරිසක් පීඩාවට පත්වන ඇති බව , කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කරයි.

මේ වන විට පවතින ආපදා තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 3980 ක් පීඩාවට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන්  කරේ මාතර දිස්ත්‍රික්කයේ පවුල් 9 කට අයත් පුද්ගලයින් 38 දෙනෙකු පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් එම්.ජී.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ එම දිස්ත්‍රික්කයේ පවුල් 921 ක පුද්ගලයින් 3531 දෙනෙකු පීඩාවට පත් වී ඇති අතර එම දිස්ත්‍රිකයේ නිවාස 191ක් අර්ධ හානි සින්දු වී ඇති අතර පුර්ණ හානි වූ නිවාස ගණන 03ක් බවයි.

මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතින බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය 27 වන දා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අහිමි වූ ජිවිත ගණන 09 ... අයහපත් කාලගුණික තත්වය තව දුරටත් ... | Lanka Newsweek