අසත්‍ය ප්‍රකාශ නඩුවේ සැකකරුවකු ලෙස රවී කරුණානායක නම් කරනු බැහැ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අධිකරණය තීන්දුකරයි-“සීඅයිඩී”ය ඇණ ගනී..! (නිලන්ති මානෙල්) මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල…
අධිකරණය තීන්දුකරයි-“සීඅයිඩී”ය ඇණ ගනී..!
(නිලන්ති මානෙල්)
මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් ගොනු කළ නඩුවේ සැකකරුවෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කළනොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අවධාරණය කර සිටියේය.
මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව රවී කරුණානායක මහතා එම අසත්‍ය සාක්ෂි ලබා දීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළනොහැකි බව එම නඩුව අද (08) කැඳ වනු ලැබූ අවස්ථාවේදී අවධාරණයෙන් යුතුව කියා සිටිමින් තීන්දු කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි චෝදනා එල්ල කරමින් රවී කරුණානායක මහතාට එරෙහිව මේ නඩුව ගොනු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
රවී කරුණානායක මහතාට අයත් බව කියන සමාගමේ අධ්යක්ෂ මණ්ඩල වාර්තා ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර තිබෙන බව එහිදී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මේ මස 22 වන දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1