අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවුරුදු හයක් ධූරය දැරීම සදාචාරයට විරුද්ධයි

අවුරුදු හයක් ධූරය දැරීම සදාචාරයට විරුද්ධයි

ජනාධිපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ උපදේශනයක් පමණයි උපදේශනය තීන්දුවක් නොවෙයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ උපදේශනයක් හෙවත් අර්ථ…

ජනාධිපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ උපදේශනයක් පමණයි

උපදේශනය තීන්දුවක් නොවෙයි

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ උපදේශනයක් හෙවත් අර්ථ නිරූපණයක් පමණක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම උපදේශනය තීන්දුවක් නොවන අතර ඊට කිසිදු  නීතිමය බැඳීමක් නොමැති බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන එම උපදේශනාත්මක අර්ථකථනය ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ බලය ජනාධිපතිවරයා සතු බව ද අවධරණය කළේය.

දැන්වීම

ජ්‍යෙෂ්ඨ නීතිඥ එස් ජී පුංචිහේවා මහතා මෙසේ ද කීය.

“ජනාධිපති ධූර කාලයට අදාළ මේ ප්‍රශ්නය නීතියෙන් ඔබ්බට ගිය දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බව කිව යුතුයි.2015 ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ව්‍යාපාරයේදීත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කරන විටත් මේ සියලු නායකයින් රටට ජනතාවට ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහට සීමා කරන බවට වූ අදහසයි.ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට අවුරුදු හයක්ම ධුරයේ රැදී සිටිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය අර්ථ නිරූපණය මගින් කියා සිටියත් පොරොන්දු වූ පරිදි  තමා ධූරයේ රැදී සිටින්නේ අවුරුදු පහක් පමණක් බවට ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.එසේ තිබියදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන යම් යම් කරුණු හෝ ඉලක්කම් හෝ අපැහැදිලිකම් හෝ අඩුපාඩු මත අවුරුදු හයක ධූර කාලයක් සඳහා තර්ක ඉදිරිපත් කිරීම නීත්‍යානුකුල වුණත් සදාචාරාත්මක නොමැති බව කිව යුතුයි.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවුරුදු හයක් ධූරය දැරීම සදාචාරයට විරුද්ධයි | Lanka Newsweek