අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අවසන් සටන ඇරඹේ - 2027 දී රනිල් පාර්ලිමේන්තුවට

රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුවේ දේශපාලන හිරිකඩු පිපෙයි

රනිල්ගේ ස්ථාවරයේ වෙනසක් නැහැ

දැන්වීම

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු ජනපති සහ එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රට-ජනතාව වෙනුවෙන් සිය අවසන් දේශපාලන සටන දියත් කරමින් 2027 දී පාර්ලිමේන්තුවට යළි පැමිණීමට සූදානම්ව සිටියි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ම මේ බව තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගෙන් සහ දේශපාලන සේම මාධ්‍ය උපදේශකයෙකුගෙන් "lankanewsweek" කළ විමසීමක දී ඔවුහූ ද මේ බව තහවුරු කර සිටියහ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් ෆයිසර් මුස්තාපා මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති අතර රවී කරුණානායක මහතා තව දුරටත් පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරනු ඇත.

මේ තොරතුර ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට ද මේ වන විටත් ලැබී ඇති අතර බුද්ධි අංශ තොරතුරු "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේ, ෆයිසර් මුස්තාපා මහතාගේ ඉල්ලා අස්වීම කෙසේ හෝ වළක්වා ගැනීමට ආණ්ඩුව උත්සහ කරන ඔවුන්ගේ දේශපාලන හැසිරීමෙන් පෙනී යන බවය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවසන් සටන ඇරඹේ - 2027 දී රනිල් පාර්ලිමේන්තුවට | Lanka Newsweek