අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව නදීෂා තරග බිමට

අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව නදීෂා තරග බිමට

2024, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ අගෝස්තු (07) තරග කිරීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය මෙරට…

2024, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා දිල්හානි ලේකම්ගේ අගෝස්තු (07) තරග කිරීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය මෙරට වේලාවෙන් අගෝස්තු [7] පස්වරු  01.55ට පමණ ආරම්භ වීමට නියමිතයව ඇත.

මෙම තරගය ‘ඒ’ හා ‘බී’ කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන අතර මීටර් 62 සීමාව ඉක්මවා යන ක්‍රීඩිකාවන්ට හෝ ඉහළම දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩිකාවන් 12 දෙනා අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

දැන්වීම

2022 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළලෙහි ඇය රිදී පදක්කමක් ද, ආසියානු මලල ක්‍රීඩා උළලෙහි ඇයි රීදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබීමත් විශේෂත්වයකි.

37 හැවිරිදි නදීෂා දිල්හානි මේ වනවිට වාර්තා කර ඇති පෞද්ගලික හොඳම දුර ප්‍රමාණය මීටර් 61.57කි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න