අලුත් නීති සකස්කර හෝ අනුරට දඬුවම් කළ යුතුයි

අපේ රට කියන්නේ අවුරුදු 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියන රටක්.රාවණ ඉතිහාසයත් එක්ක ගත්තොත් අපේ ඉතිහාසය තවත් අවුරදු දහස් ගාණක් ඈතට දිව යනවා.ඒ ගැනත් සදහන් ග්‍රන්ථ සහ සුස්කොළ පොත් ප්‍රමාණයක් තවමත් නොනැසී…
අපේ රට කියන්නේ අවුරුදු 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියන රටක්.රාවණ ඉතිහාසයත් එක්ක ගත්තොත් අපේ ඉතිහාසය තවත් අවුරදු දහස් ගාණක් ඈතට දිව යනවා.ඒ ගැනත් සදහන් ග්‍රන්ථ සහ සුස්කොළ පොත් ප්‍රමාණයක් තවමත් නොනැසී තියනවා.රාවණා යුගයට සමාන්තරව ලියුණු ඉන්දියාවේ රාමායණයෙන් විජයට පෙරසිට පැවති සශ්‍රීක,දේශපාලන සහ යුධ බලයෙන් ආඪ්‍ය දේශයක් විදිහට ලංකා පුරය හදුනාගෙන තියනවා.
පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ගත්තත් අවුරදු ලක්ෂයකටත් එහාට යන මානව ජනාවාස මෙහි තිබුණ බව සදහන් වෙනවා.ඒක නිසා අපි සුවිශේෂි අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක්.අද වනවිට සිංහල,දෙමළ,මුස්ලීම්,බර්ගර් සහ මැලේ ජාතිකත්වයන් ජීවත් වන රටක්. බෞද්ධ,හින්දු,කතෝලික,ඉස්ලාම් ආගම් තියන රටක්.මේ රටේ මහ සංස්කෘතිය විදිහට තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය.ඊට අමතරව ඒ ඒ ජාතිකත්වයන් සහ ආගම්වලට අනුව නිර්මාණය උන තවත් උප සංස්කෘතීන් ගණනාවක් තියනවා.
මේ සංස්කෘතින් අතර ස්වීකරණයන් සිදුවුන තැනුත් තියනවා.මේ අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුලින් උකහා ගත්ත දැනුම සහ අද්දැකීම්,අගමික සංස්ථාවන් තුලින් කරපු හික්මවින් සහ විශ්වාසයන්, ඒ වගේම ලෝකයත් එක්ක හුවමාරු උන දැනුම සහ අද්දැකීමී විසින් නිර්මාණය කරපු මිනිහෙක් අද මේ පොලොව උඩ ඉන්නවා.එයා කවදාවත් ඉතිහාසයෙන් වියුක්තව නිර්මාණය උන කෙනෙක් නෙවෙයි.
දැන්වීම
ඒක නිසා අපේ පෞරුෂයය නිර්මාණය වෙන්නේ අවුරදු දස දහස් ගාණක ලබපු දැනුම සහ අද්දැකීමී පරම්පරාවෙන් පරම්පරාවට පැමේණිමෙන්.ඒක නිසා අද අපේ පෞරුෂයයට රාවණා ඉතිහාසය සම්බන්ධයි,විජයගෙන් පස්සේ ඉතිහාසය සම්බන්ධයි,දුටුගැමුණුලා,එළාරලා සම්බන්ධයි,කාලිංග මාඝලා සම්බන්ධයි, පෘතුග්‍රීසි,ලන්දේසී,ඉංග්‍රීසි සම්බන්ධයි. එයාලත් එක්ක කරපු යුධ ඉතිහාසය සම්බන්ධයි.කැප්පෙටිපොල,පුරන් අප්පුලා,ගොන්ගාලේ ගොඩ බණ්ඩලා මේ සියලු දෙනා සම්බන්ධයි.
අද මේ දක්වා විකාශනය වෙලා තියෙන්නේ ඒ සමාජීය සංවර්ධනයයි.ඒක නිසා පුද්ගලයෙක් විදිහට වගේ රටක් විදිහට අපට පෞරුෂයක් තියනවා.මේ පෞරුෂය කාටවත් අයින් කරන්න බැරි එකක්.ඒක කාටවත් හෑල්ලු කරන්න අයිතියක් නෑ.මොකද රටකට හෞතිකව වෙන හානිය හදන්න පුළුවන්.සමාජ සංවර්ධන අස්සේ පැරණි දේට වඩා අලුත් හොඳදේ බිහි වෙනවා.ඒක නිසා අපි ඉතිහාසයේ අද්දැකීම් එක්ක වර්තමානය සහ අනාගතය නිර්මාණය කරන්න ඕනි. කවුරු හරි තමන්ගේ පුද්ගල පෞරුෂය ස්වකැමැත්තෙන් විනාශ කරගන්නව නං අපිට කරන්න දෙයක් නෑ.
හැබැයි අපේ රටේ පෞරුෂය විනාශ කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ.ඒ අයිතිය වැඩි වශයෙන් රකින්න ඕනි රටේ නායකයන්.එයාලා මොන දේශපාලන මත දැරුවත් රටේ පෞරුෂය ආරක්ෂා කිරීම එයාට කියන අනුල්ලංඝනීය යුතුකමක්.ඒ වෙනුවෙන් ලෝකය පුරාම උදාහරණ තියනවා.අපේ රටේ ඉතිහාසය පුරාත් උදාහරණ ඕනි තරම් තියනවා.හැබැයි ඒ අතර දොන් ජුවන් ධර්මපාලලා,පස්වෙනි මිහිඳුලාත් හිටලා තියනවා.රාවණා ඉතිහාසය ගියොත් ඔයාලා දන්නවා රාම රාවණ යුද්ධය ගැන.
රාම රාවණා යුද්ධය ඇති වෙන්නේ රටේ පෞරුෂය සහ කාන්තාවන්ගේ ගරුත්වය කියන ප්‍රශ්නය මුල්කරගෙන.රාවණාගේ සහෝදරියක් උන සුපර්ණිකාට රාමා සහ ලක්ෂ්මන් අඩන්තේට්ටම් කිරීම තමයි මූලික හේතුව.සුපර්ණිකා කියන්නේ ඉන්දියාවේ යම් ප්‍රදේශයකක් පාලනය කරපු රාවණාගේ සහෝදරියක්.කොහොම උනත් සටනට පදනම වෙන්නේ ලංකාපුරයේ පෞරුෂයයි.ඒ සටන ඉතිහාසය වෙනස් කළා තමයි.ලංකාපුරය තුලම පාවාදෙන විහීෂණලා හිටියා තමයි.
හැබැයි මව්බිමේ පෞරුෂය වෙනුවෙන් රාවණා සටන තේරුවා.ඒ වගේම ඔයාලා ඊට මෙහා ඉතිහාසය ගජබා රජ සමය ගැන අහලා ඇති.අපේ රටේ හිටියා කියන ශක්තිමත්ම යෝධයා විදිහට හදුන්වන " නීල " (නීල මහා යෝධයා)හිටියෙත් ගජබා රජ්ජුරුවන්ගේ කාලේ.ගජබා රජ්ජුරුවන්ගේ තාත්තගේ කාලයේදී එල්ලවුන සොලී ආක්‍රමණයකින් පස්සේ අපේ රටේ තරුණයින් 12000ක් සොළී දේශයට වහළුන් විදිහට පැහැරගෙන යනවා.ඒ පැහැරගෙන යෑම විසින් එදා ලාංකීය සමාජය මත දැඩි කම්පනයක් නිර්මාණය කරලා තිබුණා.
ගජබා වෙස්වළාගෙන රාත්‍රියේ රට වැසියන් ගැන හොයන්න යද්දී දරුවන් දෙදෙනාම පැහැරගෙන ගිය අම්මා කෙනෙක්ගේ විලාපය ඇහෙනවා.ඊට පස්සේ ගජබා තීරණය කරනවා සොලී දේශයට යන්න.ඔයාලා අහලා ඇති නීල මහා යෝධයා වැලි මිරිකලා වතුර හරි තෙල් හරි සොලී රජුට අරන් පෙන්නුවා කියන්නේ එතනදී.අවසානයේ ගජබා අපේ තරණයන් 12000යි ඒ හිලව්වට එහෙන් තරුණයන් තවත් 12000කුත් අරගෙන ආවා කියලා ඉතිහාසයේ කියනවා.එහෙන් 12000ක් ගෙනාපු හින්දා මෙහේ අම්මලා විදපු දුක වගේ දුකක් එහේ අම්මලත් විදින්න ඇති.
හැබැයි ගජබා සටන තෝරන්නේ රටේ පෞරුෂය වෙනුවෙන්.ඒකයි රාජ්‍යත්වයේ වගකීම කියලා ගජබා දැනගෙන හිටියා. මෑතකාලීන කියන්න තියන උදාහරණ කියපූ ගමන් ජවීපෙ ඩෝබිලා ටික ඇවිස්සෙන බව රටේ රාළ දන්නවා.ඒත් ඇත්ත කියන්න ඕනි.අද එදා වගේ සෘජු යුද්ධවලින් රටවල් යටත් කරගැනීම අඩුයි. අද තියෙන කුමන්ත්‍රණ පරාජය කරන්න තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම හරහායි. ඒක නිසා අපිට ඉස්සෙල්ලාම කුමන්ත්‍රණ හදුනා ගන්න පුළුවන් වෙන්න ඕනි.
ඒකට මෑතකාලිනව තියන හොඳම උදාහරණය දෙක තමයි රනිල් සහ අනුර. රනිල් කියන්නේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.රනිල්ට සාපේක්ෂව අනුර කියන්නේ දේශපාලන වශයෙන් ගෝත්‍රිකයෙක්.එදා ඔයාලට මතක ඇති චැනල් 04 එකට රනිල් ගෙනැල්ලා බටහිර රටක් විදිහට අපට දෙන්න හදපු ගේම, රනිල් එතනදී රට වෙනුවෙන් පෙනී හිටියා, අපේ ආරක්ෂක හමුදා වෙනුවෙන් පෙනී හිටියා,බෙදුම්වාදයට විරුද්ධ පෙනී හිටියා. හැබැයි අනුරලා බටලන්ද කෑල්ල අල්ලගෙන අල්ලගෙන බටහිරත් එක්ක රනිල් පෙනී හිටියා.ඇත්තටම ජවිපෙ පෙනී හිටියේ රටට හතුරුවයි.
එදා අර බිමල් රත්නායක නියම ගෝත්‍රිකයෙක් වගේ හැසිරුණ හැටි ඔයාලා දකින්න ඇති.අපේ රටේ හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් ලෝකය ඉස්සරහා රට පාවලා දීලා නෑ.හැබැයි මේ පාර එක්සත් ජාතින්ගේ සමුළුව අමතමින් අනුර ලෝකය ගැන හොද කියමින් අපේ රට පාවා දුන්නා.අපේ රට කළු රටක් විදිහට ලෝකය ඉස්සරහා හදුන්වා දුන්නේ රටේ ජනාධිපති.ඇත්තටම අනුර කියන්නේ රූකඩ පාලකයෙක්.
අනුරගේ ඒ කතාවෙන් පස්සේ ඇමරිකන් ආයෝජකයන්ට ලංකාව ආයෝජනයට නුසුදුසු තැනක් විදිහට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එනවුන්ස් කළා. අනුරගේ ජපාන සංචාරයේදී එක හොඳටම පෙනුනා.රටේ පෞරුෂය අරගෙන ගිහිල්ලා තමන්ට අතමිට මොලවන ඒ රටේ ඉන්න මෙ රටේ මුදලාලිලා හතර පස් දෙනෙකුට අනුර වික්කා.
ඔතන හිටපු සමහර මුදලාලිලා ගැන රටේ රාළ හොඳටම දන්නවා.මේ රටේ හැම ජනාධිපති කෙනෙක්ම එයාලගේ උවමනාවට පාව්චිචි කරගන්න හැදුවත් ඒක බැරිවුනා.හැබැයි දැන් මේ මහා ඉතිහාසයට සම්බන්ධ නැති අහිගුණ්ටිකයෙක් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නවා.ඒ අහිකුණ්ටිකයා පාව්චි කරගෙන ජාවාරම්කාරයෝ ලෝකෙ වටේ නයි සහ රිලව් නටවනවා.
රටේ රාළ අහන්නේ මෙච්චරයි රටේ පෞරුෂයට හානිකරපු අනුර රටට ඒ කරපු හානිය වෙනුවෙන් තියන නීති ප්‍රමාණවත් නැත්තන් අලුතින් නීති හදලා හරි දඬුවම් කරන්න ඕනි කියලයි.