අලියාගේ පහරින් ජිවිතයක් අහිමි වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි. සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා…
වවුනියා උතුර කට්කුලම් පත්තාරෙයි පිරින්දකුලම්හිදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නෙදුන්කෙනි පොලිසිය සදහන් කරයි.
සිය පුතා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා ගිය පියාට මෙසේ වන අලියා පහරදී ඇති අතර ඔහු එහිදී එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 58 ක් පමණ වන පස්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1