අලව්ව -කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) අලව්ව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොහොලාන ප්‍රදේශයේ අද (13) පස්වරු සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අද (13)…
(නිලන්ති චන්ද්‍රසේන)
අලව්ව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොහොලාන ප්‍රදේශයේ අද (13) පස්වරු සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අද (13) පස්වරුවේ කොළඹ සිට ගල්නෑව සහ කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථ දෙකක් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මේ වන විට තුවාලකරුවන් 30 පමණ අලව්ව සහ කුරුණෑගල රෝහල්වලට ඇතුලත් කර ඇති අතර රෝහල් ආරංච් මාර්ග සඳහන් කරන්නේ ඉන් 17 දෙනෙකුගේ පමණ තත්වය බරපතළ බවයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, අවුරුදු 60 පමණ පිරිමි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1