අර්බුද මැද ඔත්තු සේවා ඇස ගෝඨා පසු පස..!

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිකම අත් හරියි..? (සුජිත් මංගල ද සිල්වා) පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම…
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිකම අත් හරියි..?
(සුජිත් මංගල ද සිල්වා)
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණයවීමත් සමගම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම ශ්‍රී ලනකාවට යළි පැමිණීම පිළිබඳව ඇමරිකානු සහ ඉන්දියානු රාජ්‍ය ඔත්තු සේවාවල විශේෂ අවධානය යොමු වී තිබේ.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඉල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීමය.
දැන්වීම
ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඇමරිකානු “සී.අයි.ඒ.” සහ ඉන්දියානු “රෝ”ඔත්තු සේවා මේ දිනවල සීරුවෙන් සිටියි.
ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සහ විදේශ තානාපති අංශ ආරංචි මාර්ග “lankanewsweek” හෙළි කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපොහොසත් වුවහොත් රට අස්ථාවර වීම වැළැක්වීම සඳහා ඉන්දියාව වහාම මැදිහත් වනු ඇති බවය.
ඊට හොඳම උදාහරණය වන්නේ මාලදිවයින් රාජ්‍යට අත් වූ ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වීමේ අවදානමක් තිබෙන නිසා රට අස්ථාවර වීමෙන් වළක්වා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහ ඇමරිකානු තානාපතිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී අනතුරු අඟවා තිබීමය.
ශ්‍රී ලංකාව රටක් ලෙස අස්ථාවර වුණොත් කලාපීය වශයෙන් ඉන්දියාවට ද ඒ ඔස්සේ ඇමරිකාවට ද එම ප්‍රශ්නය බලපාන බව ද එසේ වන්නේ එවැනි වාතාවරණයකදී චීනය කෙසේ ක්‍රියා කරනු ඇද්ද යන සැකයත් සමග බව ද පෙන්වා දුන් දේශපාල විචාරකයෝ මේ අනුව මේ ප්‍රශ්නය මේ වන විට ඉන්දියාව,චීනය සහ ඇමරිකාව අතර ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.
