අර්ධ මැරතන් ජය සජිත් හා චාමිනීට

සජිත් දිල්ශාන් ගුණසේකර ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධාන කළ පළමු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පසුගිය 1 වැනිදා රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කගේ පමණ සහභාගීත්වයෙන් කොළඹදී පැවැති අතර ගාලු…
සජිත් දිල්ශාන් ගුණසේකර ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධාන කළ පළමු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පසුගිය 1 වැනිදා රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කගේ පමණ සහභාගීත්වයෙන් කොළඹදී පැවැති අතර ගාලු මුවදොර පිටියෙන් ඇරැඹුණු කි.මී. 21 අර්ධ මැරතන් පිරිමි තරගය ජය ගැනීමට සමත් විය.
එහි දෙවැනි ස්ථානය උදාර චානක රූපසිංහට හිමි වූ අතර මුධුරංග උපුල් කුමාර තෙවැනි ස්ථානය දිනා ගත්තේය. එහි කාන්තා තරගයේ ජය චාමිනී සමුදිකා හිමිකරගත් අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් වත්සලා මදුශානි හා නයනා සෙව්වන්දි සතු වුවේය.
කිලෝ මීටර් 10 චැලේන්ජර්ස් පිරිමි තරගය ජයග්‍රහණය කිරීමට මුදියන්සේලාගේ සරත් කුමාර සමත් වූ අතර දෙවැනි ස්ථානය මුත්තුසාමි සිවරාජන් සතු විය. විමල්ක දිලුක්ශාන් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
දැන්වීම
චැලේන්ජර්ස් කාන්තා තරගය ජය ගැනීමට මෙත්මි රසාරා සමත් වූවාය. සමන්තිකා දිල්හානි එහි දෙවැනි ස්ථානය දිනාගත අතර තෙවැනි ස්ථානය අජන්තා කුමාරිට හිමි විය. කිලෝ මීටර් 5ක තරගයක් ලෙස පැවැති ෆැමිලි පිරිමි තරගය සෙල්වරත්නම් චන්ද්‍රදාසන් ජයග්‍රහණය කරද්දී කාන්තා තරගයේ ජය වේලු කරිශාන්තනීට හිමි විය.
ප්‍රථම වටර සංවිධාන කළ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන බව මෙම ඉසව්ව පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් අනිර්බන් බැනර්ජී සඳහන් කළේය.