අර්ජුන ඇලෝසියස්-කසුන් පලිසේන 16 තෙක් රිමාන්ඩ්..!

පර්පෙචුවල් ට්‍රේසරීස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස දහසය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (05) නියෝග…
පර්පෙචුවල් ට්‍රේසරීස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස දහසය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (05) නියෝග කළාය.
අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ගේ ඉදිරිපත් කළ ඇප අයදුම්පත් සලකා බැලීම අනිද්දා (07) සිදු කිරීමට ද මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය තීන්දු කළාය.
මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදු වී ඇතැයි කියන මහා පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස අධිකරණය මගින් නම් කරනු ලැබ සිටි අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (04) උදේ ඒ අයගේ නිවාසවලදීම අත්අඩංගුවට ගන්නා ලදුව වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසුව ඊයේ (04) රාත්‍රියේදීම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර අද (06) දක්වා බන්ධනාගාර ගත කරනු ලැබිණ.