අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට

(නිලන්ති චන්ද්‍රසේන) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වන අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලීසේන කොටුව මහේස්ත්‍රාත්…

(නිලන්ති චන්ද්‍රසේන)

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්  සැකකරුවන් වන අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලීසේන කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන මස 10 වන දා දක්වා අද (26) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

දැනට අධිකරණය මගහැර සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගැනීමට හැකිවුවහොත් කඩිනමින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය කටයුතු පහසු කිරීම සඳහා මෙම නඩු වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය අද එහිදී  නියෝග කළාය.

හිටපු මහ බැංකු අධිපති  අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට නිකුත් කර ඇති රතු නිවේදනය රටවල් 192 ක බලාත්මක බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අද  කියා සිටියේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න