අරවින්ද මාමාගේ කාර්යමණ්ඩලය

ආයුබෝවන් මචංලා...... මචං.....උඹලගේ ලොක්කගේ මාධ්‍ය ඒකකයේ ඉන්න උන්ගේ නම් ටික තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් දෙන්නෑලු බං. මචං.......ලොක්කට " මාමා " කියන සෙට් එකක් එතන ඉන්න හින්දා දෙන්නේ නෑ කියලා අර…
ආයුබෝවන් මචංලා......
මචං.....උඹලගේ ලොක්කගේ මාධ්‍ය ඒකකයේ ඉන්න උන්ගේ නම් ටික තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් දෙන්නෑලු බං.
මචං.......ලොක්කට " මාමා " කියන සෙට් එකක් එතන ඉන්න හින්දා දෙන්නේ නෑ කියලා අර ලොක්කගේ UK ගජයා කියනවා.
දැන්වීම
ඌ මචං......ලොක්කගේ බොක්කක් නේද?
මචං.....අප්සෙට් පූටිංටත් හිතුනා මොකද්ද අවුල කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
මචං.......ලොක්කට " මාමා " කියන එවුන් ඉන්න එකනේ මචං කේෂ් එක.කවුද බං උන්.
මචං.......කොල්ලෝ ලොක්කට ජෝක් එකට මාමා කියලා දාගෙනද දන්නෑ.
මචං ඩයිවලින්,මේක් අප්වලින්......... ඔහොම හිටියට ලොක්කත් දැන් තලස්තෑනියානේ බං.
දැන් මචං....මහීට සීයා කියනවා නං රනිල් ලොක්කට කජු සීයා කියනවා නං ලොක්කට මාමා කියන එකේ ලොකු අවුලක් නෑ බං.
හැබැයි මචං........එහෙම කොල්ලෝ ජොක් කරන කේෂ් එකතුත් දැනගන්න නෑ.
ඊළඟට මචං.......අප්සෙට් ෂූටිං හිතුවේ මුන් ඔක්කොම ලොක්කාගේ ඥාති වෙන්න ඇති කියලා.
ඒත් මචං .......ඥාති කිව්වට කොයි පැත්තෙන්ද ඥාති වෙන්නේ කියලා බලන්නත් ඕනිනේ.
මචං.........ලොක්කගේ පැත්තෙන්ද, ආර්යාවගේ පැත්තෙන්ද දන්නේ නෑනේ. මචං මුලදී අප්සෙට් ෂූටිං......හිතුවේ ෂුවර් එකට ආර්යාවගේ පැත්තේන් වෙන්න ඇති කියලා.එහෙමනේ මචං සාමාන්‍යයෙන් වෙන්නේ.
මචං......ලොක්කා ආර්යාවත් පෙන්නන්නේ නැති එකේ ආර්යාවකගේ ඥාති පැටව් ටික කොහොමවත්ම පෙන්නන එකක් නෑනේ.
ඒක......හින්දා හංගනවද දන්නෑනේ මචං.
බලනකොට මචං.......එහෙම සෙට් එකකුත් එතන නෑ.
ලොක්කා......ආර්යාවට සලකන විදිහට තමයි බං ඒ සනුවරේ උන්ට සළකන්නේ. ලොක්කා උන්ව ගණන් ගන්නේ නෑ මචං.
මචං.......එහෙනං ෂුවර් එකට ලොක්කගේ පැත්තේ ඥාති වෙන්න ඕනිනේ.
මචං.......එකක් ලොක්කාගේ ඥාති කියලා දැන ගත්තොත් ඒකත් අවුල්නේ.
අනික මචං........තඹුත්තේගම පොරවල්ගේ නම එකපාරට දෙන්නත් බයක් ඇති.
අර ලොක්කා.....නිදහස් කරපූ මෑනුත් ආය වෙන වරදකට හිරේ ගියානේ.මිනිහත් තඹුත්තේගමනේ මචං.
බලනකොට මචං එතන ලොක්කාගේ ඥාතිත් නෑ කියහන්කෝ.
ඊට පස්සේ මචං......අප්සෙට් ෂූටිං හිතුවේ ෂුවර් එකටම මුන් කැලණි බැචාලගේ පොඩේ එවුන් වෙන්න ඇති කියලා.
මචං.........මහ එවුන් ටික ආයතනවලට දාලා පොඩි එවුන් ටික ලොක්කා ළඟට අරන්ද දන්නේ නෑනේ.
සියලු හොඳදේ දරුවන්ට කියලා ලෙනිනුත් කියලා තියනවනේ.
මචං........හොඳට හොයලා බැලුවා එහෙමත් නෑ බං.
හරි මචං.........ෂුවර් එකටම පක්ෂය වෙනුවෙන් දිවි පුදපු සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට චාන්ස් එකක් දීලා ඇති.
උන් ඒ කාලේ ඉදන්ම ලොක්කට කියන්නේ " අරවින්ද මාමා " කියලනේ.
මචං.......පැලවත්තේ ගජමෑන් මැදිහත්වෙලා කට්ටි තොරගන්න ඇති. මචං ඕකුන් ඒ දරුවන්ට.......පක්ෂ අරමුදලෙන් ශතයක් වියදම් කළේ නෑනේ.
මචං......මෙතෙන්ට ගත්තම අරමුදලෙන් යන්නෙත් නෑ,අතින් යන්නෙත් නෑනේ.
ලොක්කාගේ......වැය ශීර්ෂයෙන්ම දීලා දාන්නත් පුලුවන්නේ බං.
මොකද මචං.......රුපියල් කෝටි තිහේ හතලිහේ කජු,චීස් කන්න සීයට හොඳනං දිවි පුදපු පරම්පරාවක දරුවන් වෙනුවෙන් දෙයක් කළහම මොකද වෙන්නේ.
ලොක්කා එහෙම හිතන්න ඇති.
මචං....ඒ නම් ටික ප්‍රසිද්ධ කරන්නත් බෑනේ.
එතකොට.......විපක්ෂයේ උන් කියයි මිනීමරුවන්ගේ ලමයින්ට රස්සා දීලා කියලා.
අනික මචං........ඕක ආරංචි වෙලා දිවි පුදපු අනිත් අයගේ පවුල්වල ඔක්කොම එන්න පටන් ගත්තොත් දිවි පුදපු අයගේ දරුවන්ට වෙනම ස්කීම් එකක් හදන්න වෙනවා.එතන මචං හැටහැත්තැ දාහක් ඉන්නවනේ.
ඒක හින්දා මචං......මොන පනතෙන් ඉල්ලුවත් බඩු දෙන්න බෑනේ.
ඒක සාධාරණයි.
එහෙම හිතලා මචං........ලොක්කාගේ කාර්යාලය පොරකට පොඩි ගානක් දීලා බොහොම අමාරුවෙන් නම් ටික හොයා ගත්ත.
මල කෙලියයි මහ රජ කිව්වලු......මචං
මචං........දිවි පුදපු එවුන් එකෙක්ගේ දරුවෙක් එතන නෑ.
එතන ඉන්නේ...........දිවිපුදපු උන් විකුණාගෙන කාපු උන්ගේ ළමයි බං.
මචං........මොකාගේ උනත් අපිට ඉතින් පොඩි උන් එක්ක තරහක් නෑනේ.
මචං......මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ.
මචං.......159 දෙනාගෙන් දරුවෝ ඉන්න අය ඉන්නේ.උන්ගේ දරුවෝ ටික අරගෙන.
ඊට අමතරව මචං......පැලවත්ත ගජමෑන්ගේ ෆුල්ටයිම් සෙට් එකේ දරුවෝ ටිකත් ආරන්.
ඊට පස්සේ මචං......ලොක්කගේ විතරක් නෙවෙයි අනිත් අමාත්‍යාංශයවල කාර්යමණ්ඩල තියෙන පුරප්පාඩුවලට මුන්ටික දාලා.
දැන් මචං උන් ඒවයේ ඉන්නවා.
වැඩක් කරන්නෙත් නෑ.
කරන්න දන්නෙත් නෑ.
වෙලාවට පඩිය ගන්නවා.
මචං.........ලොක්කගේ ඔෆීස් එකේවත්,වෙන මාත්‍යාංශයකවත් මෙලෝ වැඩක් යන්නේ නෑ.
ඇත්තටම මචං.....උන් පව්.මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
ඇයි බං........රටේ මෙච්චර සුදුස්සෝ ඉන්දැද්දී මූන්ටික මේවට දාලා තියෙන්නේ.
මචං......මේ රටේ කොච්චර සුදුස්සෝ හිටියත් මුන්ට මිනිස්සූ නෑ.
ඒක හින්දා මේවා....මැට්ටන්ගෙන් පුරවලා.
උනුත්.....මැට්ටෝ හින්දා මේක මැටි වැඩක් කියලා තේරෙන්නෙ නෑ.
මචං..........ඔන්න බලපන් බලය නැති කාලේ තොරතුරු පනත උල්ලංඝනය කලාට ලොක්කටයි ෂොක්කන්ටයි ඔක්කොටෝම ජම්පරේ අදින්න නං වෙනවා