අරලිය මැදුරේ සුළු සේවකයින් සාගලගේ නිවස සුද්ද කරන්න යොදවලා..!

අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්රධානීකම ඇමතිවරයකුට දරන්න බැහැලු..? සාගලට එම තනතුරත් අහිමි වන ලකුණු..! (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අරලිය ගහ මන්දිරයේ සේවයේ නියුතු…
අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්රධානීකම ඇමතිවරයකුට දරන්න බැහැලු..?
සාගලට එම තනතුරත් අහිමි වන ලකුණු..!
(සුමුදු පෙරේරා)
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අරලිය ගහ මන්දිරයේ සේවයේ නියුතු සනීපාරක්ෂක සේවක සේවිකාවන් සිය නිවස පවිත්‍ර කර ගැනීමේ කටයුතු සඳහා ද කාලයක් මුළුල්ලේ යොදා ගනිමින් සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.
ඊට අමතර ඔහු මාතර,දෙනියාය සිය ආසනයේ සංචාරය කරන විට එහි පිහිටි ඔහුගේ නිවස සහ වත්ත සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා ද මේ සේවක සේවිකාවන් ගෙන ගොස් අයුතු ලෙස ඒ අය සේවයේ යොද වන බව අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” වෙත හෙළි කළේය.
දැන්වීම
අරලිය ගහ මන්දිරයේ පිරිසිදු කිරීමේ සියලු කටයුතු, කොන්ත්‍රාත් පදනම මත පවරා තිබෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාරිසරික සහ සමීපාරක්ෂක සේවා සමාගමකට වන අතර සාගල රත්නායක මහතා කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවස සතියකට වරක් පිරිසිදු කර ගැනීම සඳහා යොදා ගනිමින් සිටින්නේ එම සේවක සේවිකාවන්ය.
මේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම හෙළා දකින බව පැවසූ කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියන් මේ තත්ත්වය රාජ්‍ය දේපොළ,මුදල් සහ සම්පත් අවභාවිත කිරීමක් යැයි ද සඳහන් කළේය.
මේ කරණය ඇතුළු අතවත් කරුණු කරණා ගණනාවක් සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අඹන්පොල ඥානාලෝක නා හිමියෝ මෙසේ ද අවධාරණය කළහ.
“එක්සත් ජාතික පක්ෂයට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ විනාශය කළේ ගැත්තන් සහ ඉත්තන් ලෙස සිටින මේ සාගල රත්නායක,මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අයයි.මේ අය න්යකයට සහ පක්ෂයට කළ විනාශය මහා සංඝ රත්නය ලෙස අප මුළු රටටම හෙළි කරනවා.
සාගල රත්නායකගේ මේ ක්‍රියාකලාපය ගැන මහා සංඝ රත්නය ලෙස අප පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ද අරලිය ගහ මන්දිරයේ සේවක සේවිකාවන් ද අතිශයින්ම කලකිරීමට පත්ව සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ද කර තිබෙනවා.මොහුගේ මේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙන ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුලෙන් යුතුවයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කියන තනතුර දැරිය යුත්තේ නායකයාට,පක්ෂයට,පක්ෂිකයාට ආදරයක් තිබෙන දේශපාලනය ගැන දන්නා,නායකයාගෙන් මිනිස්සු ඈත් කිරීම වෙනුවට ඔහුට මිනිස්සු සමීප කර වන සිවිල් පුද්ගලයකු විනා ඇමතිවරයකු නොවෙයි.රටේ තරුණ කටයුතු ඇමතිවරයා ලෙස සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර දරන්නේ කෙසේ ද?
මේ පිළිබඳව මහා සංඝ රත්නය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වා තිබෙන අතර ඒ අනුව ඉදිරියේදී මේ සියලු තත්ත්වයනේ සාධනීය ලෙස වෙනස් වීමට නියමිතයි”