අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරලිය මැදුරේ රජ සිව් කට්ටුවේ තවත් රජ කතා එළියට..!

ජනපතිට-අගමැතිට එරෙහි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියාගේ කුමන්ත්‍රණය හෙළිවෙයි

“පෑගුණු ගොම රිටි උඩ එයි-තිරිවානා ගල් යට යයි” (සුමුදු පෙරේරා) සාගල රත්නායක,මලික් සමරවික්‍රම,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා යන සිව් කල්ලියෙන් ගැල වෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට…

“පෑගුණු ගොම රිටි උඩ එයි-තිරිවානා ගල් යට යයි”

අරලිය මැදුරේ රජ සිව් කට්ටුවේ තවත් රජ කතා එළියට..!

(සුමුදු පෙරේරා)

සාගල රත්නායක,මලික් සමරවික්‍රම,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා යන සිව් කල්ලියෙන් ගැල වෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පුටුවේ වාඩි විය හැකි යැයි අරලිය ගහ මන්දිරයේ සිටින අගමැතිවරයාට අතිශය සමීප ජ්‍යෙෂ්ඨයකු “lankanewsweek” සමග පැවසීය.

සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා  එක්සත් ජාතික පක්ෂයටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් අත්ව ඇති ඉරණමට හේතු දක්වමින් ඔහු“lankanewsweek” සමග කළ ප්‍රකාශය මෙසේය,

දැන්වීම

“සාගල රත්නායකගේ,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහගේ සහ සැන්ද්‍රා පෙරේරාගේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් නොව අගමැතිතුමාගේ සහ පක්ෂයේ කාර්ය මණ්ඩලයටත් විශාල ප්‍රශ්නයක් වෙලා...මේ අයට මලික් සමරවික්‍රම මහතාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිටියදී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්,ස්ථාන මාරු ඒ අයට එරෙහි ක්‍රියාමාර්ග ආදී බොහොමයක් තීන්දු තීරණ ගනු ලැබුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ලෙසයි.

ඒ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහ පක්ෂයට හිතවත් ආරක්ෂක නිලධාරීන්ට විශාල අසාධාරණයක් වී තිබෙනවා.ඊට හොඳම උදාහරණය අවුරුදු ගණනාවක් මුළුල්ලේ  වැඩ තහනමට ලක්ව සිටින ඇමති ආරක්ෂක අංශයේ  සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරී රෝහිත අතපත්තු මහතාට සාධාරණය ඉටු කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කරුණාසේන කොඩිතුවක්කු මහතා අරලිය ගහ මන්දිරයටම පැමිණ සාගල රත්නායක මහතාගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කිරීමයි.

1994 සිටම එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව  කරුණාසේන කොඩිතුවක්කු මහතා සමග සිටී මේ ආරක්ෂක නිලධාරියා අද සිය ජීවිකාව ගෙන යන්නේ ත්‍රී රෝද රථ රස්සාවෙනුයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට අපේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිස් සමරසිංහ මහතාගේ ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් දිගට හරහට පහර දුන්න.ඒ වෙලාවේ මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා එතුමා දුරකතනයෙන් සාගල රත්නායක මහතාට කතා කළා.එවිට එතුමාගේ ආරක්ෂකයින් කියා සිටියේ ඇමතිතුමා නිදා ගෙන සිටින නිසා එතුමාට ඇහරවීමට නොහැකි බවයි.

පස්සේ එතුමා කිව්වා “මම මේ සංදිස් සමරසිංහ...කෑගල්ලේ මන්ත්‍රී..අපට මේ පැත්තේ විශාල ප්‍රශ්නයක්..කරුණාකරලා ඇමතිතුමාට දුරකථනය දෙන්න..”කියලා.ඉතිං ඒ ආරක්ෂක නිලධාරීන්ට කරන්න කිසිවක් නැහැ...ඒ අය කිව්වා “සමාවෙන්න සර්...අපට උපදෙස්දීලා තියෙන්නේ අගමැතිතුමා හැරුණාම කිසිම අයෙකුගේ දුරකතන ඇමතුමක් ලබා දෙන්න එපා කියලයි”

කිසිවක් කර කියා ගත නොහැකිව අවසානයේ එතුමා අගමැතිතුමාට කතා කළා.විශ්වාස කරන්න ඒ වෙලාවෙත් අගමැතිතුමා අවදිව සිටියා පමණක් නොවෙයි ක්ෂණිකව දුරකතනයට ද පැමිණියා.එපමණක් නොවෙයි එතුමා මැදිහත්වෙලා එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගත් ගත්තා.

අනතුරුව දවසක් අරලිය ගහ මන්දිරයේදී සංදිස් සමරසිංහ මහතා හමුවූ අවස්ථාවකදී සාගල රත්නායක මහතා ඉදිරිපිටදීම අගමැතිතුමා මේ ගැන ප්‍රශ්න කළා.එවිට එතුමා පැමිණිල්ලක් කරන ආකාරයට මේ සිද්ධිය මුල සිට අගට අගමැතිතුමාට විස්තර කළේ සාගල රත්නායක මහතාට චෝදනා එල්ල කරමිනුයි.

සේවා කාලය අවසන් වන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යළි සේවා දිගු ලබා නොදීමට මේ ආණ්ඩුව පත් වූ මුල් අවස්ථාවේදීම තීරණයක් ගත්තා.ඒ අතරම අපේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික නියෝජ්‍ය  පොලිස්පති හේමචන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාගේත් කාලය අවසන් වෙමින් තිබුණා.ඒ වෙලාවේ හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාව අල්ලා ගෙන ඔහු මාර්ගයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා සහෝදරයට පමණක් සේවා දිගුවක් ලබා දුන්නා.

සාගල රත්නායක මහතා සිය ආරක්ෂාව වෙනුවෙන් අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසිපහකට වැඩි පිරිසක් යුතු ලෙස යොදා ගෙන තිබෙනවා.ඇමතිවරයකු ලෙස ඔහුට සිය ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකුල යොදා ගත හැක්කේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් වුණත් ඔහු එම නිලධාරීන් යොදා ගන්නේ නැහැ.

ඒ වගේම  එතුමා අරලිය ගහ මන්දිරය ඇතුළත ගමන් කරන්නෙත් ආරක්ෂක වළල්ලක් (Ring Down) මැද වන අතර එතුමා මන්දිරය ඇතුළත පසු කර යන සෑම දොරකම දෙපැත්තේ ආරක්ෂක නිලධාරීන් යොද වනවා.අපේ අගමැතිතුමවත් අරලිය ගහ මන්දිරය ඇතුළතදී එවැනි ආරක්ෂාවක් පාවිච්චි කරන්නේ නැහැ.

එතුමාගේ උදැසන කිරි වීදුරුව දහවල් අහර වේල සහ සවස ඇපල් යුෂ වීදුරුව ඇතුළු සියලුම කෑම සහ බීම සකස් කිරීම සඳහා යොදා ගෙන සිටින්නේ ද  මේ ආරක්ෂක අංශ නිලධාරීනුයි.

අගමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක ලෙස සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක කරවිට මහතායි.සිය බාල සොයුරාගේ ඉල්ලීමට සාගල රත්නායක මහතා මාර්ගයෙන් එතුමාව මේ තනතුරට පත් කර ගත්තේ හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතායි.මේ අසංක කරවිට කියන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී විමල් වීරවංශලා ඇතුළු පිරිස සිරිකොත් මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරද්දී අයුතු සහ බලහත්කාර ලෙස සිරිකොතට කඩා වැදී අපට  ප්‍රහාර එල්ල කරමින් තර්ජණය කළ නිලධාරියායි. අප විපක්ෂයේ සිටින විට මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ මන්ත්‍රීවරුන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ නිලධාරියාගේ ක්‍රියාකලාපය කෙතරම් විවේචනය කළා ද ?

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී දවසක් මෙතුමා කොළඹින් පිට රැස්වීමකට හෙලිකොප්ටරයෙන් යන්න කටයුතු යොදා තිබුණා.ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාත් එතුමා සමග යන්න නියමිතව සිටිය.කෙසේ නමුත් එතුමාට හෙලිකොප්ටරය ළඟට එන්න විනාඩි පහක් පමණ පරක්කු වුණා.ඉතිං හෙලිකොප්ටරයට නැග්ගට පස්සේ සාගල රත්නායක මහත්තයා පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් ද ඉදිරිපිට  රුවන් විජයවර්ධන මහත්තයාට ඉතාම පහත් ලෙස බැණ වැදුණා.මේ සිද්ධිය ගැන රුවන් විජයවර්ධන මහතා අදටත් සිටින්නේ ඉතාම කලකිරීමෙනුයි.

සාගල රත්නායක,මලික් සමරවික්‍රම,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා යන සිව් කමිටුව ගත තීරණයකට අනුව නවීන තාක්ෂණයෙන් යුතු විශේෂ දුරකථන ඒකකයක් විශේෂ කුටියක පිහිටෙව්වා.

එහෙම කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජංගම දුරකතනයට එන ඇමතුම් ඍජුව එතුමා වෙත ලැබීම වළක්වා ඒ සියලු ඇමතුම් පෙරනයකට ලක් කරමින් තෝරා ගත ඇමතුම් ප්‍රමාණයක් පමණක් එතුමාට ලබාදීම සඳහායි.

මේ අනුව අගමැතිවරයාට කෙතරම් සමීපව සහ විශ්වාසවන්තව සිටිමින් එතුමාට උදව් උපකාර කර තිබුණත් අදාළ පුද්ගලයාට මේ අය විරුද්ධ නම් හෝ ඔහු මේ යට විරුද්ධ නම් හෝ කිනම් කාරණයක් හෝ අවශ්‍යතාවක් සඳහාවත් ඔහුට අගමැතිතුමා හමුවීමටවත් එතුමාට දුරකතනෙන් කතා කිරීමටත් අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

අගමැතිවරයාව හමුවීමට තබා ඔහුට දුරකථනයෙන්වත් කතා කිරීමට හැකියාවක් නැතැයි එතුමාට උදව් කළ භික්ෂූන් වහන්සේලා,සිවිල් ක්‍රියාකාරීන්,ජනමාධ්‍යවේදීන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මෑතක සිට චෝදනා කරන්නේ මේ තත්ත්වය නිසයි.ඒ අය සිතන්නේ අගමැතිවරයා ඒ අයව අත හැරල කියලා ...සමහර විට අගමැතිවරයා සිතනවා ඇති ඒ අයට ප්‍රශ්නයක් නැහැ කියලා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අයගේ සිරකරුවකු බවට පත් වෙලා කියලා අප කියන්නේ ඒ නිසයි.මේ කල්ලියෙන් ගල වුණොත් එතුමාට ඇත්තටම ජනාධිපති පුටුවේ වාඩි විය හැකියි.

හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා සුඛෝපභෝගී වාහන තුනක් යත ලෙස පාවිච්චි කරමින් සිටිනවා.එතුමා ජීප් රථයක් පාවිච්චි කරනවා...දුවගේ දූ දරුන් පෙර පාසල් ගෙන යාම ඇතුළු ඒ ගෙදර වැඩ කටයුතු සඳහා කාර් එකක් දී තිබෙනවා..ඒ වගේම එතුමාගේ පුතාගේ වැඩවලට තවත් කාර් එකක් යොදවා තිබෙනවා.

ඒ වගේම එතුමා මාසික කුලී පදනම යටතේ අති විශාල මුදලකට කොළඹ පස් වැනි පටුමගේ අගමැතිවරයාගේ නිවසට යාබදව නිවසක් ද කුලියට ගෙන තිබෙන අතර ඊට මුදල් ගෙවීමට සිදුව තිබෙන්නේ ද ආණ්ඩුවටයි.ඒ තුමාට ආණ්ඩුවෙන් එසේ ගෙවල් කුලී ගෙවන්නේ කිනම් පදනමක් යටතේ ද කියා අප නම් දන්නේ නැහැ.

සාමාන්‍ය මිනිස්සු අවොත් තමාට යොමු කරන්න එපා යැයි සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන සැන්ද්‍රා පෙරේරා මහත්මිය හමුවන්නේම කෝටිපතියන් සහ ලක්ෂපතියන් විතරමයි.

ඇය මේ දිනවල ඇසුරු කරන එක්තරා ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ද විවිධ කතා පැතිර යනවා.ඒ ආරංචිවල හැටියට නම් එම ව්‍යාපාරිකයා එක්සත් ජාතික පක්ෂයේ අයෙකු නම් නොවෙයි.ඔහු කිසියම් දේශපාලන අදිසි හස්තයක් මගින් මෙහෙය වනු ලබන උපාය දුතයකු ද යන ප්‍රශ්නය බොහෝ අය අතර තිබෙනවා”

අරලිය මැදුරේ රජ සිව් කට්ටුවේ තවත් රජ කතා එළියට..!

(මතු සම්බන්ධයි)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
අරලිය මැදුරේ රජ සිව් කට්ටුවේ තවත් රජ කතා එළියට..! | Lanka Newsweek