අයි.සී.සී.ය ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කරයි ද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදඟන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව බදාදා (26) පෙරවරුවේ කරුණු විමසා ඇති බවත් සාමාජිකත්වය තහනම් නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අයි.සී.සී.යෙන් ඉල්ලා ඇති බවත් දැන ගන්නට තිබේ.
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්ව අත්හිටු වීමට ඉඩ ඇති අතර එසේ වුව හොත් ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත.