අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයියෝ.. තලතා ලැජ්ජයි..!

අයියෝ.. තලතා ලැජ්ජයි..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එකසත් ජාතික පක්ෂ නායකයින් අතර සඳුදා (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජිත්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එකසත් ජාතික පක්ෂ නායකයින් අතර සඳුදා (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජිත් ප්‍රේමදාස මහතා අසලින්ම අසුන් අසුන් ගෙන සිටියාය.

ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ සමයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඉතා නිර්දය ලෙස විවේචනය කළ තලතා අතුකෝරාල මහත්මිය ඔහු ඔහු සමග මෙසේ සාකච්ඡාවට එක් වීම දේශපාලන දෛවයේ සරදමක් දැයි සමහරුන් ප්‍රශ්න කරති.

ඒ මන්ද එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව  සටන් කළ තලතා අතුකෝරාල මහත්මිය, සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය ලබා දුන් අවස්ථාවේ දී ඔහු වට කර ගෙන ප්‍රීති ඝෝෂා නගමින් සිරිකොත පුරා ඇවිද්දේ සාරි පොට කරේ තාබා ගෙනය. 

ඊට පසු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කඩා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව අලුත් දේශපාලන පක්ෂයක් පිහිටු වීමට ඔහුට උපදෙස් දුන් සහ ඔහු මෙහෙය වූ අයගේ ප්‍රධානියෙකු වන්නේ ද තලතා අතුකෝරාල මහත්මිය වන අතර ඉතිරි අය ගැන "lankanewsweek" ඉදිරියේ දී හෙළි කරනු ඇත.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න