අමාශා ද සිල්වාට රිදී පදක්කමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය…
(නිලන්ති චන්ද්‍රසේන)
ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.
මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වෙන අතර එහිදී මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා ගන්නට සමත් වී ඇත. ඇය මෙම තරගය අවසන් කළේ තත්පර 24යි දශම 4යි 7ක කාලයකිනි.
දැනට දින 3 ක් පුරා පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසාන දිනය අදයි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියෙන් රන් පදක්කම් 2 ක් , රිදී පදක්කම් 4 ක් හා එක් ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 7 ක් හිමිකරගෙන සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1