අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අම්පාර සිද්ධිය ගැන පුළුල් ප්‍රරීක්ෂණයක් ඇරඹේ

අම්පාර සිද්ධිය ගැන පුළුල් ප්‍රරීක්ෂණයක් ඇරඹේ

අම්පාරේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය සම්බධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. පසුගිය…

අම්පාරේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය සම්බධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පසුගිය දින අම්පාර ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු සිදුවූ බවට පැමිණිලි ලැබී ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසම්පූර්ණ බවට ද තොරතුරු වාර්තා වී ඇත.

දැන්වීම

නීතිය හා සාමය අමාත්‍යංශය විසින් සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇත.

නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

එසේම, අලාභාහානියට පත්වූ පෞද්ගලික දේපොළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට මෙන්ම අලාභාහානියට පත්වූ වෙළෙඳසැල් මෙන්ම මුස්ලිම් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් වන්දි ලබා දීමටද කටයුතු කරනු ඇත.

මෙම උණුසුම් තත්ත්වයේදී සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කැප වූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්‍ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත් සියලූ ජනකොටස් වෙත විශේෂ ස්තුතියක් පිරිනමනු කැමැත්තෙමු.

ඉදිරියේදී මෙවැනි සිදුවීම්වලට හවුල් වන සියලූදෙනා හට තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කරනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අම්පාර සිද්ධිය ගැන පුළුල් ප්‍රරීක්ෂණයක් ඇරඹේ | Lanka Newsweek