අමතර ගාස්තුවකින් තොරව දකුණු ඉන්දියාවේ ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමට අවස්ථාව..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කටුනායක සිට ඉන්දියාවේ කොචින් බලා යාමට ගුවන් ටිකට්පත් ලබා ගත් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමේ පහසුකම් සලසා ඇතැයි ශ්‍රි ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ…
කටුනායක සිට ඉන්දියාවේ කොචින් බලා යාමට ගුවන් ටිකට්පත් ලබා ගත් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමේ පහසුකම් සලසා ඇතැයි ශ්‍රි ලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ කේරල ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ය.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයෙන් විමසිය හැකි බවයි.
එසේ නැතහොත් 00914842611313 යන දුරකථන අංකයෙන් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල කාර්යාලය සමග හෝ 00914842362042 යන දුරකථන අංකයෙන් කොචින් නුවර පිහිටි ශ්‍රි ලංකන් එයාර් කාර්යාලය අමතා ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1