අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. පී. හෙට්ටිආරච්චි සහ…
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. පී. හෙට්ටිආරච්චි සහ ගරු කේ. එම්. එස්. දිසානායක මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(ජනාධිපති මාධ්‍ය අංශය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1