අපේක්ෂාවන් අතර ගැටීම ආණ්ඩුවේ අභ්‍යන්තර දෙදරවනු ඇත

(අචින්ත මධුර සමරසිංහ) වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම අභියෝගය කුමක්ද..? බොහෝ දෙනෙකු මේ සඳහා විවිධ මත ඉදිරිපත් කළත් බොහෝ අයට නොපෙනෙන කාරණය වන්නේ මෙම ආණ්ඩුවට පවතින ප්‍රධානතම අභියෝගය අපේක්ෂාවන් අතර ගැටීම…
(අචින්ත මධුර සමරසිංහ)
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම අභියෝගය කුමක්ද..? බොහෝ දෙනෙකු මේ සඳහා විවිධ මත ඉදිරිපත් කළත් බොහෝ අයට නොපෙනෙන කාරණය වන්නේ මෙම ආණ්ඩුවට පවතින ප්‍රධානතම අභියෝගය අපේක්ෂාවන් අතර ගැටීම (Conflict of interests) ලෙස පෙන්වා දිය හැකිය. එනම් දේශපාලනයේදී විවිධ කණ්ඩායම් විශාලතම සන්ධාන ලෙස අර්ථ දැක්වුවද අපේක්ෂාවන් අතින් ගත් කල විශාලතම සන්ධානය ලෙස සැලකිය හැක්කේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බිහිකිරීමට කටයුතු කරන ලද සන්ධානයයි.
ඒ තුළ විවිධ අපේක්ෂාවන් සහිත, එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට විශාල වෙහෙස මහන්සියක් වී කටයුතු කරන කණ්ඩායම් රාශියක් අපට හඳුනාගත හැකිය. ඒ තුළ මාගේ උපකල්පනය වන්නේ ඉදිරි වසර පහ සම්පූර්ණ කිරීමට ප්‍රථම මෙම අපේක්ෂාවන් ගේ ගැටීම ඉස්මතු වීම තුළින් මෙම ආණ්ඩුව බෙදීමට ලක්වීමට පවා ඉඩ ඇති බවයි. නමුත් වර්තමානයේදී එවැනි බෙදීමක් නොපෙනුනද මෙම ආණ්ඩුව තුළ එකිනෙකට සමපාත විය නොහැකි අදහස් දරන, බලාපොරොත්තු සහිත කණ්ඩායම් රාශියක් එකතු වී ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස ගත් විට උග්‍ර වාමවාදී, සමාජවාදී ආකල්ප සහිත පිරිසකුත්, වෙළඳපොළ ක්‍රමය තුළ සම්පත් බෙදා හැරීම විශ්වාස කරන ලිබරල් දේශපාලනය ක්‍රියාත්මක කිරීමට කැමති පිරිසකුත් දැක ගත හැකිය.
තවදුරටත් මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සමඟම පැන නගින විශාල වෘත්තිය සමිති ව්‍යායාපාරයක් ජාතික ජන බලවේග ආණ්ඩු කණ්ඩායම තුළ කටයුතු කරන බව පෙනී යනවාක් මෙන්ම, වෘත්තීය සමිතිවල අයිතීන් පසෙකලා ජනතා සුබ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතු බව අවධාරණය කරන පිරිසක්ද ආණ්ඩුව තුළ දැකගැනීමට හැකිවේ.
දැන්වීම
එසේම අතීත සමාජවාදී ආකල්ප තුළ ගොඩනැගෙන "ආගම අබිං" ය ලෙස සලකනු ලබන දැඩි ආගම් විරෝධී පිරිසක් මේ තුළ දැකගත හැකි වන අතරම, ආකල්පමය වශයෙන් නැතත් දේශපාලනික වශයෙන් හෝ ආගම් සමග විශේෂයෙන්ම බුද්ධාගම ප්‍රමුඛ කොටගත් ආගම් සමඟ ඉතා ළඟින් ඇසුරු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලා සිටින පිරිසක්ද මේ තුළ අන්තර්ගත වේ.
එසේම NPP පසෙකලා JVP ඉතිහාසය දෙස බැලීමේදී තවදුරටත් ඉතාම දැඩි මත දරනු ලබන ඇතැම් විට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ලෙස නොසැලකිය හැකි ආකාරයට පවා කටයුතු කිරීමේ කැමැත්තක් දක්වන පිරිස් කටයුතු කරනු ලබන අතරම, ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ගරු කරනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙලක් තුළ පමණක් බලය ලබාගත යුතු බව විශ්වාස කරන පිරිසක්ද NPPය තුල දැකිය හැකියි.
එසේම විශාල දූෂණ විරෝධී හඬක් සමඟ බලයට පැමිණි මෙම ආණ්ඩුව තුළ දූෂණයට එරෙහිව ක්‍රියා කරන බලවේග අතරම යම් යම් දුෂණ අක්‍රමිකතා වලට සම්බන්ධකම් කියන පිරිසද නැතුවාම නොවේ. ඇතැම් විට ඔවුන් මින් පෙර වෙනත් පක්ෂ සංධානවල බිම් මට්ටමේ දායකත්වය ලබා දුන් පිරිස් තම තමන්ගේ දේශපාලනික සහ සමාජ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් NPP හා එකතු වී ඇති පිරිස් ද බව පෙනී යයි.
ඒ අනුව මේ තුළ පවත්නා ප්‍රධානතම ගැටලුව වන්නේ NPP සඳහා ඡන්දය ප්‍රකාශ කළ අති විශාල ජනකාය තුළද මෙවැනි එකිනෙකාට ගැටෙන අරමුණු සහිත පිරිස් සිටීමත්, එම අරමුණු සහිත පිරිස් තම අරමුණු අතිශය මුදුන් පමුණුවා ගැනීමේ බලාපොරොත්තු සහිතව මෙම ආණ්ඩුව පිහිටුවීමට තම ඡන්දය ප්‍රකාශ කිරීමත්ය.
ඒ සඳහා NPP දේශපාලන වේදිකාවල ඔවුන් ප්‍රකාශ කරන ලද කරුණු ද හේතු වී ඇති බව පෙනී යයි. උදාහරණයක් ලෙස ගොවීන් ඉදිරි කන්න අස්වනු නෙළීමේදී ඉතිහාසයේ විශාලතම මිල තම අස්වනු සඳහා බලාපොරොත්තු වන අතරම පාරිභෝගිකයින් ඉතා අඩු මිලට සහල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටී. එසේම විදුලි බිල, ඉන්ධන මිල වැනි විවිධ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය දැකගත හැකි වේ.
මේ වන විට මෙම ඡන්දය ප්‍රකාශ කරන ලද විශාල ජනගහනය අලුත උපන් දරුවා යැයි සිතා කිසිත් බලාපොරොත්තු නොවී සිටියද දරුවාට වසර එක දෙක තුන පමණ වන විට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔවුන් ක්‍රියා කරනු ඇත.
ඉතින් මෙය නොවේද විශාලතම අභියෝගය..