අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..!

අපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..!

කවුරු කුමක් කිව්වත් ඊළඟට එන්නේ තමා බව ගෝඨා අඟවයි..! සියලු මාධ්‍ය යට ගැසූ මහින්ද-ගෝඨා පළමු ගැටුම් ජවනිකාව මෙන්න..! (සුමුදු පෙරේරා) රටේ ඊළඟ පාලකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමා…

කවුරු කුමක් කිව්වත් ඊළඟට එන්නේ තමා බව ගෝඨා අඟවයි..!

සියලු මාධ්‍ය යට ගැසූ මහින්ද-ගෝඨා පළමු ගැටුම් ජවනිකාව මෙන්න..!

(සුමුදු පෙරේරා)

රටේ ඊළඟ පාලකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොව තමා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

තමා එසේ බලයට පැමිණියාම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටට වැඩ කිරීමේ අවස්ථාව හිමි වන බව ද ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවක් තමා කිසිවකුට කියා නැතැයි ද ඔහු කියා සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේ පිළියන්දල,ශ්‍රී විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන ත්‍රිපිටක මහ සෑ රදුන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

2020 ජනාධිපතිවරණයට  ඉදිරිපත් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව අපට නොකියා හාමුදුරුවන්ට පමණක් කිව්වා නේදැයි මාධ්‍යවේදියකු එහිදී  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමා කිසිවකු සමගවත් එවැනි කතාවක් කියා නොමැති බවය.

එසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුණාම ඉතිරි සංවර්ධන වැඩ කටයුතු කර ගන්නවා යැයි ලොකු හාමුදුරුවන් වහන්සේ කියා සිටියේ මන්දැයි එම මාධ්‍යවේදියා යළිත් විමසූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමා බලයට ආවාම ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩ කළ හැකි බවය.

කෙසේ නමුත් නීති ගරුකව සහ ප්‍රජාතන්ත්‍රවාදීව රටක් පාලනය කිරීම ගැන තමාට හොඳ අවබෝධයක් තිබෙනවා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, “එළිය” සංවිධානය මගින් එදිනම හලාවතදී සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකදී කියා සිටියේ රටේ ඊළඟ නායකයා මහින්ද රාජපක්ෂ මහතා නොව තමා බව අඟවමිනි.

පාතාලය මර්දනය කරමින් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ද යුද්ධයෙන් පසුව උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ද ස්ථාපිත කිරීමට මූලික වූයේ තමා යැයි එහිදී අවධාරණය කර සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ පාලන තන්ත්‍රයේ ඉහළම ස්ථානවල සිටින බොහෝ අය එරට ත්‍රිවිධ හමුදාවේ යම් යම් අවස්ථාවල සේවය කළ අය යැයි ද පෙන්වා දුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට පිළිතුරක් ලෙස විය හැකි අතර එමගින් ඔහු තහවුරු කර කියා සිටියේ කවුරුන් කුමක් කියා සිටියත් 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයා ලෙස ඉදිරිපත් වන්නේ තමා වන බව යැයි දේශපාලන විචාරකයෝ පේනවා දෙති.

මේ අනුව පැහැදිළි වන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ පැවති සටන සහ අර්බුදය මේ වන විට දේශපාලන වේදිකාවට ද පැමිණ ඇති බව යැයි ද එම දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.

▶ වීඩියෝව නරඹන්න

 

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අපේක්ෂකයා ගෝඨා නොව තමා බව මහින්ද අවධාරණය කරයි..! | Lanka Newsweek