අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

"අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා" නායක දිමුත්!

"අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා" නායක දිමුත්!

(නායක බණ්ඩාර) "අපට හැමෝම Wish කරලා තිබුණා. අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා. ඉතින් ඒකට අපිත් ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. 2019 ලෝක කුසලාන එක් දින…

(නායක බණ්ඩාර)

"අපට හැමෝම Wish කරලා තිබුණා. අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා. ඉතින් ඒකට අපිත් ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

2019 ලෝක කුසලාන එක් දින තරඟාවලියේ මුල් වටයෙන් ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (08) යළි දිවයිනට පැමිණි අතර, එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක  දිමුත් කරුණාරත්න මේ බව පැවැසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා මෙසේ ද පැවැසීය.

"කණ්ඩායම තෝරද්දී ඒ වෙලාවේ ඉන්න හොඳම කණ්ඩායම තමයි අපි තොරන්නේ. ක්‍රීඩා කරන එක නැති එක එතනට ගියාට පස්සේ තමයි බලන්න වෙන්නේ. හැමෝටම එක විදිහට ක්‍රිඩා කරන්න බැරිවෙයි. හැබැයි ක්‍රීඩකයෝ 15 දෙනෙක් ඉන්නේ ඒකටයි. හොඳට ක්‍රීඩා කළා. සමහරු හොඳට ක්‍රීඩා කළා. සමහරුන්ට ප්‍රෆෝම් කරන්න බැරි වුණා. ඒක ක්‍රීඩාවේ හැටියක්. අපට හැමෝම Wish කරලා තිබුණා. අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා. ඉතින් ඒකට අපිත් ගොඩක් සතුටුයි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න