අපි දෙන්නා....එක්....වීලා සහයෝගෙන්....වැඩේ....දෙන්නේ....

අද 2020.01.01ක.අලුත් අවුරද්දක් ලබලා.මේ අවුරද්ද ආරම්භයේ සිටම සුවිශේෂයි.සාමාන්‍යයෙන් අලුත් අවුරද්දක් ලබනකොට සුභ අලුත් අවුරුද්දක් වේවා කියන එක අපේ සිරිතක්.ඒ වගේම ඒක අපේ ප්‍රාර්ථනාවක්.මාලිමා ආණ්ඩුව මේ…
අද 2020.01.01ක.අලුත් අවුරද්දක් ලබලා.මේ අවුරද්ද ආරම්භයේ සිටම සුවිශේෂයි.සාමාන්‍යයෙන් අලුත් අවුරද්දක් ලබනකොට සුභ අලුත් අවුරුද්දක් වේවා කියන එක අපේ සිරිතක්.ඒ වගේම ඒක අපේ ප්‍රාර්ථනාවක්.මාලිමා ආණ්ඩුව මේ රටේ මිනිස්සු කොයිතරම් අර්බුදයකට යවලා තියනවද කිව්වොත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියන හැමකෙනාම දන්නවා මේ අවුරුද්ද සුභ නෑ කියලා. සුභ නැති බව දැන දැනම අපිත් සුභ අලුත් අවුරද්දක් වේවා කියලා කියනවා.
මේ අවුරුද්ද කාටද සුභ නැත්තං කාටද අසුභ කියලා බැලුවොත්, මේ අවුරුද්ද කාටවත් සුභ නෑ.මේ අවුරද්ද ජනාධිපති අනුරට, මාලිමා ආණ්ඩුවට කිසිසේත්ම සුභ නෑ.ඒ වගේම රටේ ජනතාව විදිහට අපටත් සුභ නෑ.රටේ රාළ ගිය අවුරද්දේ ඉඳන්ම කියන්නේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් කියලා.වෙන අවුරුදු ආවම ජනතවාරි මුල් සතිය ටිකක් රිලැක්ස් ගතියක් තියනවා.හැබැයි මේ අවුරුද්ද එහෙම නෑ.
මේ අවුරුද්ද ආරම්භයත් එක්කම අපට සටන බහින්න වෙලා.දැන් කිසිකෙනෙකුට මාලිමා ආණ්ඩුවත් එක්ක සටන් කරනවා හැර අතර මැද සමාදානවලට යන්න බෑ.අතර මැද සමාදානයකට එන්න බැරි තරමට මාලිමාවේ තක්කඩි දේශපාලනය උද්දච්චයි.ඒ වගේම මෝඩයි සහ බයයි.ඔයාලාට මතක ඇති ගිය අවුරුද්දේ අවසන් සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දිනය දවසේ නලින්දට පෙත්තසමක් බාර දෙන්න විශේෂඥ වෛද්‍ය චමල් සංජීවත් එක්ක පිරිසක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට ගියා.
දැන්වීම
එයාලා එනකොට නලින්ද ගේට්ටුවලට ඉබ්බෝ දාලා හැංගිලා. බාල බෙහෙත් මගඩියට ඉස්සෙල්ලා නලින්ද එහෙම දෙයක් කළා නම් ඒ කරන්නේ උද්දච්චකමට.හැබැයි එදා නලින්ද හැංගුනේ බයට.දැන් නලින්ද දන්නවා එයත් අනාගතය ජම්පරයක සාඩම්බර හිමිකරුවෙක් කියලා.කෙහෙලියට ජම්පරය අන්ඳපු වෛද්‍ය චමල් සංජීවම නලින්දටත් ජම්පරය අන්ඳයි කියලා රටේ රාළ විශ්වාස කරනවා වගේම ඊට චමල්ට ශක්තිය.ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.නලින්ද හිතනවා ඇති එදා වගේ හැංගුනාම ප්‍රශ්නය ඉවරයි.ලියුම බාරගන්නේ නැතිව හිටියම ප්‍රශ්නය ඉවරයි කියලා.
නලින්දගේ පුංචි මොලේට එහෙම හිතුනට ඒක එහෙම වෙන්නේ නෑ.ඔයාලට මතකයි රටේ රාළ දිගටම කිව්වා අපේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයයක් එනවා කියලා.ඒකට තව පෝය කීපයක් තියනවා.හැබැයි ඊට ඉස්සෙල්ලා ඉතාමත්ම මෑතකදී Health crisis එකක් එනවා.ඒක වෙන්නේ දැනට රෝහල් පද්ධතිය ඇතුලේ තියන ඉන්දියානු බාල බෙහෙත් හින්දා සහ බෙහෙත් හිඟය හින්දයි.ඇත්තටම මේ ප්‍රශ්න දෙක හින්දා අසරණ ලෙඩ්ඩු මැරෙනවා.
අද රජයේ රෝහලකට ප්‍රතිකාර ගන්න යන රෝගියාට රෝහලෙන් ලොකු බඩු ලිස්ට් එකක් අරන් යන්න වෙලා.ටිකක් ලොකු Operation එකකට ගියොත් රුපියල් 50000 - 100000 ක් අතර බිලක් වැටෙනවා.මේකෙන් වෙන්නේ රෝගීන් මිය යන ප්‍රමාණය වැඩිවීමයි.එක පැත්තකින් බාල බෙහෙත් විෂවෙලා මැරෙනවා සහ විවිධ සංකූලතා ඇතිවෙනවා.අනිත් පැත්තෙන් ප්‍රතිකාර කරගන්න ඕනි බඩු ටික ගන්න සල්ලි නැතිව රෙඩ්ඩු මැරෙනවා. ඔයා බලන්න ඉන්දියන් බාල බෙහෙත් එනවත් එක්ක පහුගිය මාස කීපයේ රෝහල්වල මරණ සංඛ්‍යාව වැඩිවෙලා නැද්ද කියලා.
සාම්පල් එකක් විදිහට මහරගම අපේක්ෂා රෝහලේ වාර්තා පරීක්ෂා කරලා බලන්න.ඇත්තටම කෙහෙලිය කලාට වැඩිය විනාශයක් නලින්ද දැනටමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරලා ඉවරයි. මොනවා උනත් සෞඛ්‍ය ඇමති කෙනෙක් විදිහට මෑතකාලිනව වැඩක් කළේ රාජිත සේනාරත්න බව පිලිගන්න වෙනවා. නලින්දලාට රාජිතලත් එක්ක හැරෙන්නවත් බෑ.හැබැයි ඉතින් එදා රාජිත එක්ක හැමදේටම හැපුණ GMOA එක අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට මේ තරම් විනාශයක් කරලා තියෙද්දී මර නින්දකට වැටිලා.
එක අතකින් ඒක පුදුම වෙන්න දේකුත් නෑ හොරට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බෑ කියලා අපි දන්නවා.මේ තත්වය තවත් ඉදිරියට ගියොත් නලින්දට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉබ්බෝ දාගෙන හැංගිලා ඉන්න හම්බවෙන්නේ නෑ.නලින්දට නෙවෙයි ටිල්වින්ට පැලවත්තේවත්,අනුර ජනාධිපති ලේකම් කාර්යාලයේවත් ඉන්න හම්බවෙන්නේ නෑ.ජනතාව ඇවිත් වටකරනවා.ඊළඟට ඔයාලා දකින්න ඇති ගුරු - විදුහල්පති සංගම්වල නියෝජිතයන් මහජන දිනය දවසේ අධ්‍යාපන අමාත්‍යාංශයට ආවා.
ඒත් හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න.එදාත් උනේ ඒ දේම තමයි.හරිනිලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටු වහගෙන හිටියා.ඇත්තටම හරිනි ඒක කළේ උද්දච්චකමට. මොකද හරිනි කියලා තියනවා කවුරු විරුද්ධ උනත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරලා තමයි එයා පස්ස බලන්නේ කියලා.2026 නව පාසැල් වාරය 05 වෙනිදා පටන් ගන්නවත් එක්ක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට නියමිතයි.හරිනි මේ හදන්නේ එයාගේ ඔළුවේ තියන සමලිංගික මනස්ගාතය රටේ පොදු භාවිතාව බවට කරන්න.
සමලිංගිකකරණය කරපු සමාජයක් හදන්න.ඒක මේ මොඩියුල ඇතුලේ හංගලා තියනවා.06 වන ශ්‍රේණියට නිර්දේශ ඉංග්‍රීසි මොඩියුලයක යහලුවන් හදුනා ගැනීම කියලා සමලිංගික සහකරුවන් තෝරගැනම සදහා buddy.net කියන වෙබ් අයවියට ප්‍රවේශ හදලා දීලා තියනවා.අනික මේ ප්‍රතිසංස්කරණවලින් බිහිවෙන්නේ ඔරිජිනල් ජෙප්පෝ වගේ මැට්ටෝ ටිකක්.අභියෝග බාරගන්න බැරි දරු පරපුරක් සහ දක්ෂයාට ෂොට් එක දෙන වැඩපිලිවෙලක් මෙතන තියනවා.
අපේ ශිෂ්‍ය පරපුරේ ආත්ම විශ්වාසය බිඳලා දාලා තව එකෙක් මත යැපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න හදනවා.ඒ වගේම පගාවට, හිතවත්කමට,දේශපාලන බලයට විභාග පාස්වෙන ක්‍රමයක් මේක.අපේ රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.හැබැයි ප්‍රතිසංස්කරණවල තියන අවශ්‍යතාව අවභාවිත කරමින් හරිනිගේ ඔළුවේ තියන මනෝ විකාර අපේ දරුවෝ මත පටවන්න දෙන්න බෑ.ඒක නිසා නව වර්ෂයේ පාසැල් ආරම්භ වෙනවත් එක්ක කරන්න ලොකු සටනක් රටේ ගුරුවරුන්ට,විදුහල්පති වරුන්ට සහ දෙමව්පියන්ට තියනවා.
ගිය සතියේ ඉදුරාගාරේ ධම්මරතන හාමුදුරුවෝ හරිනිගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සඟ සමුළුවක් තියලා හඩ අවධි කළා.මෙතෙක් කල් භික්ෂු සමාජයේ නිහඬතාවය උන්වහන්සේ බින්දා.පින් සිද්ධවෙනවා.......අපේ හාමුදුරුවනේ. ඇත්තටම ඒක හොඳ ප්‍රවනතාවයක්.ඒකෙන් හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මන්දගාමී තිබුණ සටනට යම් ප්‍රාණවත්භාවයක් ලැබුණා.දැන් හරිනිගේ E buddy project එකෙන් සටන තවත් ඉස්සරහට ඇවිත් තියනවා.
හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිත් පැත්ත හරවන්න ආගමික සංස්ථාව,ගුරු - විදුහල්පතිවරුන්,දෙමාපියන් ඒකාබද්ධව කරන සටනක් ඕනි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගන්නවා විතරක් නෙවෙයි මේ අසංස්කෘතිය පිලිලයත් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අයින් කරන්න ඕනි.හරිනි වහාම ඉල්ලා අස්වෙන්න ඕනි.ඒ සටන වෙනුවෙන් ගුරු - විදුහල්පති සංගම් ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගවලට දෙමාපිය සංගම්වල සහ රටේ ජනතාවගේ සහය දෙන්න ඕනි.අනිවාර්යෙන්ම හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජයට පත්කරන්න ඕනි.
රටේ රාළ හිතන්නේ අවුරද්ද ලබද්දීම අපි මුහුණ දෙන ආසන්නම අභියෝග දෙක ඔය දෙක.ඊට අමතරව තවත් කප්පරක් සටන් තියනවා.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගේන්න හදන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතත් අනිවාර්යෙන්ම පරාජය කරන්න ඕනි.ඒක ගැනත් වෙනම කතා කරමු.