අපනයනය කරනු නැති නම් වැනසෙනු..!

අපනයනය කරනු නැති නම් වැනසෙනු (Export or Perish) යන අවධාරණය රටක් ලෙස ශ්‍රී ලංකාව තේරුම් ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ…
අපනයනය කරනු නැති නම් වැනසෙනු (Export or Perish) යන අවධාරණය රටක් ලෙස ශ්‍රී ලංකාව තේරුම් ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබිම අනුව අපනයන ක්‍රේෂ්ත්‍රයේ වැඩිදියුණුව උදෙසා වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය අවධාරණ කරනු කැමැත්තෙමු. ඊට එක් හේතුවක් වන්නේ යුරෝපීය සංගමය මගින් ලබා දෙන "ජීඑස්පී ප්ලස්" (GSP+) සහනය ලෝකයේ දියුණු වෙමින් සිටින රටවල් රාශියක් උපරිම ලෙස ලබා ගන්නා බව පෙනී යන නමුත් රටක් ලෙස අප මේ වන විටත් ලබා ගෙන ඇත්තේ එමගින් 60%ක් අඩුවෙන් වන බව පැහැදිළි වන නිසාය. රජය මේ ගැන නොපමාවම අවධානයට යොමු කළ යුතුව තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත. Covid-19 වසංගතය සහ මෑතක දී ඇති වුණු ඉහළ පොලී අනුපාතය ද මීට හේතුවක් වූ බව පෙනේ. මෙම තත්ත්වය වහා වෙනසකට ලක් නොකර රටේ ආර්ථිකය දියුණු මට්ටමකට පත් කළ නොහැකි බව ඉතා පැහැදිළිය.
දැන්වීම
අපනයනය දියුණු කිරීම සඳහා සිංගප්පූරුවේ ද සංවර්ධන බැංකුවක් ඇතත්, අපට එවැනි පහසුකමක් නොලැබීම අවාසනාවකි. සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා අඩු පොලියකට පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බව අපගේ හැගීමයි. 1990 දශකයේදී අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා අපනයන මණ්ඩලය මගින් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක විය. විදේශීය ප්‍රදර්ශන සඳහා සහභාගි වීමට පහසුකම් සහ දිරිදීම් ලබා දීම වැනි උදාහරණ එහිදී විශේෂයෙන් සඳහන් කළ හැක.
අපනයනය දිරිමත් කිරීම සඳහා මීට කලින් D.F.C.C සහ ජාතික සංවර්ධන බැංකු "සංවර්ධන " බැංකු වශයෙන් පවත්වා ගෙන ගියද 2003 වර්ෂයේ එය වාණිජ බැංකු බවට පත්විය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ලෝකයාට හදුන්වා දීම සඳහා අන්තර්ජාතික අපනයන ප්‍රදර්ශනයක් "Expo-92" නමින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමන්ගේ ඉල්ලීම පරිදි පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් අති සාර්ථකව පැවැත්විණි. එහි ප්‍රතිඵල ඉතා සුළු කාලයකින් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
අපනයනය කරනු නැති නම් වැනසෙනු (Export or Perish) යන තේමාවෙන් පවත්වන ලද මෙම ප්‍රදර්ශනයට 5200ක් පමණ විදේශික ගැනුම්කරුවන් පැමිණීම විශේෂත්වයකි. එදා බිහි වූ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් අද දැවැන්ත ව්‍යාපාරිකයින් බවට පත්වී ඇති බව අපි දන්නා කරුණකි. එහෙයින් 2024 වසරේ අපනයන සංවර්ධන සැළැස්ම මත මෙවැනි අන්තර්ජාතික ප්‍රදර්ශනයක් පැවැත්වීම ද ඵලදායී වන බව පෙන්වා දෙනු කැමැත්තෙමු.