අනුර හොරකම නීතිගත කරයිද..?

අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් දුන්න කප්පරක් බොරු පොරොන්දු අතර ප්‍රමුඛතම පොරොන්දුව උනේ හොරු ඇල්ලීමේ පොරොන්දුව.ඒ සටන් පාඨය උඩට ගන්න අනුරලා කළේ මාලිමාවේ අය හැර අනිත් සියලු දෙන…
අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් දුන්න කප්පරක් බොරු පොරොන්දු අතර ප්‍රමුඛතම පොරොන්දුව උනේ හොරු ඇල්ලීමේ පොරොන්දුව.ඒ සටන් පාඨය උඩට ගන්න අනුරලා කළේ මාලිමාවේ අය හැර අනිත් සියලු දෙන හොරු බවට පත්කිරීමයි.ඒ වෙනුවෙන් වෙනමම බොරු ගොතලා කිව්වා. අනුරලා කිව්වේ පිරිසිදු මිනිස්සු ඉන්නේ ජවිපෙ සහ මාලිමාවේ විතරයි.අනිත් ඔක්කොම හොරු කියලයි.
ජවිපෙ සහ මාලිමාවට ඒ චෝදනාව අනිත් අයට එල්ල කරන්න පහසුවුනේ ජවිපෙ යම් යම් අවස්ථාවල රාජ්‍ය පාලනයට සම්බන්ධවෙලා තිබුණත් ජවිපෙ මුලිකත්වයෙන් කවදාවත් ආණ්ඩුවක් නොතිබුණු හින්දයි.ඇත්තටම රාජ්‍ය දේපල හොරකම් නොකලා නෙවෙයි හොරකම් කරන්න ජවිපෙට අවස්ථාවක් ඇවිත් තිබුණේ නෑ.ජවිපෙ අනිත් අයට හොරකමේ චෝදනා එල්ල කරද්දී රටේ රාළ කිව්වේ අනිත් අය හොරු නම් ජවිපෙ ඉන්නෙත් හොරු කියලයි.ජවිපෙට රාජ්‍ය දේපල හොරකම් කරන්න අවස්ථාවක් නොලැබුණත් ජවිපෙ නායකයෝ පක්ෂයේ දේපොල හොරකම් කළා.
පක්ෂයේ දේපොල කියන්නේ පක්ෂ සාමාජිකයා මහත් කැපවීමෙන් උපයා ගත්ත දේපල.එහෙමත් නැත්තං ඉතිහාසයේ ජවිපෙ සාමාජිකයන් කරපු කැපකිරීම්,පරිත්‍යාගයන් වෙනුවෙන් පක්ෂයට ලැබුණ දේවල්.ජවිපෙ සමාජිකයා හොල්ලපු කැටයකට රුපියලක් හරි දාපු අහිංසක මනුස්සයාගේ පටන් ජවිපෙ ගොඩනගන්න ලොකුවට උදව් උපකාර කරපු අය උදව් කළේ අනුර වෙනුවෙන්වත්,ටිල්වින් වෙනුවෙන්වත් නෙවෙයි.ඉතිහාසය පුරාවටම ජවිපෙ සහෝදර,සහෝදරියන් කරපු කැපකීරීම්වලට ඇත්තටම වටිනාකමක් තිබුණා.
දැන්වීම
ඒ කැපකිරීම්වලට,පරිත්‍යාගවලට චටිනාකමක් දෙන්න ඉදිරිපත් උන ව්‍යාපාරිකයෝ කරපු පරිත්‍යාගයන් පක්ෂයට එකතු නොවී නායකයින්ගේ ගෙවල්වලට ගිය හැටි A to Z කියන්න රටේ රාළ දන්නවා.ජවිපෙ පක්ෂ මූලස්ථානය හදන මුවාවෙන් එකතු කරපූ බඩු භාණ්ඩ කොළඹ,අනුරාධපුර,බණ්ඩාරවෙල,කඩවත මාලිගා හදන්න ගෙනියන්න ලොරි පවා ගත්ත අය ඉන්නවා.පක්ෂයේ දේපොල කියන්නේ හරියට සාංගික දේපලක් වගේ උතුම් දෙයක්. ඒවා හොරකම් කරපු ජෙපි නායකයන්ට රාජ්‍ය දේපළ හොරකම් කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.
ඇත්තටම තිබුණේ ඒකට අවස්ථාවක් නැති එකයි.දැන් ඒ අවස්ථාව ඇවිත් ඉතිහාසයේ මෙතෙක් නොවුන දැවැන්ත හොරකම්,කොමිස් ගැහිලි මාලිමා ආණ්ඩුවේ සිද්ධවෙනවා.සමහර ආනයනකරුවන්ගෙන් පැලවත්තට කොමිස් ඉල්ලපු හඩපටි ළඟදීම එලියට එන බවත් රටේ රාළට ආරංචියි.ඒකෙන් රටේ රාළ කියන්නේ මෙතෙක් තිබුණ ආණ්ඩුවල හොරු හිටියේ නෑ කියලා නෙවෙයි.මහින්දගේ කාලයේදී බරපතල දුෂණ වංචා සිද්ධවුනා. එදා රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න අපු යහපාලන ආණ්ඩුව යටතෙත් හොරකම් ඕනි තරම් සිද්ධවුනා.
පස්සේ වෙච්චි වැරදි හදාගන්නවා කියලා ආපු ගෝඨාභයගේ ආණාඩුවෙනුත් ඉතාමත් බරපතල පන්නයේ හොරකම සිද්ධවුනා. ඒ විතරක් නෙවෙයි අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතෙත් කෙහෙලියලා ඇතුළු කැබිනට් ඇමතිලා ගණනාවකට හොරකමේ චෝදනා එල්ලවුනා.හැබැයි මේ සියලු දෙනාගේම හොරකම් අල්ලන්න ආපු බත් මුට්ටි ජෙප්පන්ගේ ආණ්ඩුව අද හොර ගුහාවක් බවට පත්වෙලා.අනුරගේ කැබිනට් මණ්ඩලයේ ගොඩක් ඇමතිලාට දුෂණ,වංචා සහ අපරාධ චෝදනා එල්ල වෙලා.
අනුර ඇතුළු,වසන්ත සමරසිංහ,බිමල් රත්නායක,නලින්ද ජයතිස්ස,කුමාර ජයකොඩි,මහින්ද ජයසිංහ,චතුරංග අබේසිංහ, ලාල් කාන්ත,විජිත හේරත් ඇතුළු ගොඩක් දෙනෙකුට දූෂණ සහ අපරාධ චෝදනා එල්ලවෙලා.සමහර අයට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලත් තියනවා.ඒත් මාලිමාවේ ශාකා සමිති බවට පත්වෙලා තියන ඒ ආයතනවලින් හරියට පරීක්ෂණ සිද්ධවෙන්නේ නෑ.
ඇත්තටම මේ අණ්ඩු දූෂිතයි කියලා නිගමනය කරන්න තියෙන ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය මුදල් විගණනය සදහා ස්වාධින හිමිකම සහිත ආයතනය වන ශ්‍රී ලංකා රාජ්‍යයට වගකියන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ස්වාධින විගණකාධිපතිවරයෙක් පත් නොකිරීමයි.අනුර ජනාධිපතිවෙලා දැන් අවුරද්දකට වැඩි කාලයක් ගෙවිලා තියනවා.ඒත් රටට තවමත් විගණකාධිපතිවරයෙක් නෑ.අනුර මේ දක්වා ව්‍යවස්ථාදායක සභාවට යවපු නම් හතරම ප්‍රතික්ෂේපවෙලා තියනවා.ඒකට හේතුව ඒ වගකීම දරන්න සුදුසු කෙනෙක් යවන්න අනුරට කොන්දක් නැතිවීමයි.
අනුර එක වෙලාවක අනුරගේ කැලණි බැචෙක් නම් කරලා එවනවා.ආයෙත් හමුදා නිලධාරියෙක් නම් කරලා එව්වා.ඔය අතර තවත් ඇච්චෝ බැච්චෝ දෙන්නෙක් නම් කරලා එවනවා.අනුර මෙහෙම කරන්නේ ඊට සුදුසු අය අපේ රාජ්‍ය සේවයේ නැති හින්දා නෙවෙයි.අනුරගේ දේශපාලන තක්කඩිකම සහ කොල්ලකාරී මනස හින්දයි.අනුර ජනාධිපති ලේකම් පත්කර ගත්ත විදිහට, පොලිස්පති පත්කර ගත්ත විදිහට,අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමත DG පත්කරගත්ත විදිහට පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිට යටත් නැති තනතුරක් වන විගණකාධිපති ධූරයට තමන්ගේ ඔඩොක්කු කුක්කෙක් දාගන්න හදනවා.
දැන් අවස්ථා හතරක් අනුර ඒ තක්කඩ් උත්සාහ ගත්තත් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුරගේ ඉල්ලීම පරාජයට පත් කළා.ඒ ගැන ව්‍යවස්ථාදායක සභාවේ කොන්ද තියන නියෝජිතතන් පස්දෙනාට ඩබල් සැලියුට්.
හැබැයි ඔය බේරීම දිගටම ව්‍යවස්ථාදායක සහාවට බේරන්න බෑ.අනිවාර්යෙන් අනුරගේ දූෂ්ඨ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් එනවා.ලබන අවුරද්දේ ජනවාරි 18 වෙනිදායින් පස්සේ අනුරගේ දුෂ්ඨ උවමනාව ඉෂ්ඨ කරගන්න තවත් උත්සාහයක් දරන්න පුළුවන්.දැන් පවතින ව්‍යවස්ථාදායක සභාවේ කාලය 2026 ජනවාරි 18 වෙනිදායින් අවසන් වෙනවා.දැනට මේ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ස්වාධීන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා මීට කලින් පැවති ආණ්ඩුව යටතේ පත්කරපු අය.
ඒ අයගේ නිල කාලය අවසන් උනාට පස්සේ නව සාමාජිකයින් තුන්දෙනෙක් පත්කරන්න නැවත අවස්ථාව උදා වෙනවා.අලුත් තුන්දෙනා පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයෙන්.අනුර සමහරවිට එතනින් චාන්ස් එකක් ගන්න හිතනවා ඇති.ස්වාධීන නමින් පැල්වත්තෙන් හරි,කැලණි බැචෙක් හරි,තඹුත්තේගම වරිග සභාවෙන් හරි තුන් දෙනෙක් යෝජනා වෙයි.කොහෙන් දැම්මත් අනුර දාන්නේ එයාගේ රූකඩ තුනක්.ඒවා ඇත්තටම රූකඩවලත් රූකඩ.ඇයි ඉතින් අනුර කියන්නේ ඇමරිකන්,ඉන්දියන් සහ කොටි ඩයස්‌පෝරා රූකඩයක්.එතකොට මේ දාන අය අනුරගේ රූකඩ.
ඒක නිසා මෙතනදී විපක්ෂ නායක සජිත්ට විශාල වගකීමක් පැවරෙනවා.ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ආණ්ඩුව පැත්තට ගියොත් අපේ රටේ ස්වාධීන විගණකාධිපති ධූරයට දෙයියන්ගේම පිහිටයි.
(මේ ලියනකොටත් inbox එකට ජෙප්පන්ගේ මරණ තර්ජණ. ජෙප්පන්ට එකක් කියනවා රටේ රාළ කියන්නේ රිචඩ්ට විද්ද කී රාළගේ මිමුණපුරා.අපි මව්බිම වෙනුවෙන් සටන් කරපු පරම්පරාවක්.ඕනි නං සබරගමු සංදේශ අරන් බලපන්.)
පොලිස්පති විදිහට රූකඩයක්පත් කරලා අපට විතරක් නෙවෙයි පොලීසියට වෙලා තියනදේ ඔයාලට පේනවා ඇති.ඒකට හොඳම උදාහරණය තමයි අර ශාන්තගෙන් ගුටිත් කාලා වැඩත් තහනම් වෙලා ඉන්න සූරිය කන්ද පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා. තවත් උදාහරණයක් තමයි ස්වාධීන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ ලොක්කා විදිහට රංග දිසානායක පත්කිරීම.එතන යන්නේ තනිකරම මාලිමාවේ දේශපාලන මෙහෙයුමක්.
රාජ්‍ය සේවයේ ඉහලම තනතුර වන ජනාධිනති ලේකම් ධූරයට රූකඩයක් දැමීමේ ප්‍රතිපලය අද මේ රටේ ජනතාව විතරක් නෙවෙයි මේ රටේ රාජ්‍ය සේවකයොත් බුක්ති විදිනවා.
මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනියක් ඇවිත් එක්තරා ග්‍රාම නිළධාරියෙක්ගේ කාර්යාලය යතුර අරන් ගිහින් ඒ කාර්යාලය ඇරලා ග්‍රාම නිළධාරීවරයා භාරයේ තිබුන බඩු අරන් යනවා.එතන අයුතු ඇතුළුවීමක් සහ රාජකාරියට බාධා කිරීමක් තියනවා. හැබැයි කෝ එතන නීතිය.මේ කිසිම දේකට සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නෑ.ඇත්තටම සාධාරණය ඉෂ්ඨ කරන්න දෙන්නේ නෑ.ඒ වෙන කවුරුවත් නෙවෙයි ටිල්වින්.සූරිය කන්දේ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනමෙන් පස්සේ ටිල්වින් හිතනවා පොලිසිය තවත් යටත් වෙයි කියලා.
ග්‍රාම නිළධාරිගේ කාර්යාලයට ඇතුල්වෙලා එයා බාරේ තියන භාණ්ඩ අරන් ගිය එකට නීතිය ක්‍රියාත්මක නොවීමෙන් එයාලා හදන්නේ ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ග්‍රාම නිළධාරිව යට කරන්න සහ ග්‍රාම නිලධාරීන්ගේ කට වහන්න.රටේ ඉහලම මහජන නියෝජිතයා වන ජනාධිපති සහ රටේ පහලම මහජන නියෝජිතයා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දෙන්නම පාවිචිචි කරන්නේ බලහත්කාරය.මේ බලහත්කාරය පිරුණු සමාජයට හෙට දවසේ ස්වාධීන විගණකාධිපති ධූරයත් අහෝසි කරලා අනුරගේ රූකඩයක් ආවොත් අපේ රටේ මූල්‍ය විනයට මොකක් වෙයිද?
මේක ලෝකයේ මූල්‍ය විනයක් නැති උගන්ඩාවක්,සීසෙල්ස් වගේ රාජ්‍යයක් වෙන එක වෙනවාම තමයි.අනුර මේ දරමින් ඉන්නේ මාලිමාවේ හොරකම නීතිගත කරගැනීමේ උත්සාහයක්.දැන් ඔයාලාට තේරෙන්න ඕනි හොරු අල්ලනවා කියලා පරණ හොරුන්ට ඇඟිල්ල දික් කරගෙන ආපු අලුත් හොරු පරණ හොරුන්ට වැඩිය භයානකයි කියලා.