අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර සිංහල ප්‍රභාකරන් උනේ කොහොමද..?

අනුර සිංහල ප්‍රභාකරන් උනේ කොහොමද..?

පහුගිය පාර්ලිමේන්තු සතියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අචුනා ආණ්ඩු පක්ෂයට හරි අපූරු අභියෝගයක් කළා.අර්චුනා කිව්වේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා 159 දෙනාගෙන් ප්‍රහාකරන්ට ත්‍රස්තවාදියා…

පහුගිය පාර්ලිමේන්තු සතියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අචුනා ආණ්ඩු පක්ෂයට හරි අපූරු අභියෝගයක් කළා.අර්චුනා කිව්වේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා 159 දෙනාගෙන් ප්‍රහාකරන්ට ත්‍රස්තවාදියා කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න කියලයි. ජවිපෙ මුළු මහත් ඉතිහාසයටම ලැජ්ජා කරමින් ඒ අභියෝගය බාරගන්න පුළුවන් කොන්ද පණ තියන කිසිම කෙනෙක් මාලිමා මන්ත්‍රීලා 159 දෙනා අතර හිටියේ නෑ.

අඩුම ගානේ ඒ 159 දෙනා අතර ඉන්න ජවිපෙ මන්ත්‍රීවරයෙකුට හරි මන්ත්‍රීවරියකට හරි ප්‍රභාකරන්ට ත්‍රස්තවාදිය කියන්න කොන්දක් තිබුණේ නෑ.

එහෙම කොන්ද නැති බිමල්ලා,සරෝජා පෝල් රාජ්ලා තමයි පාර්ලිමේන්තුව කනපිට පෙරලන්න කතා කරන්නේ. අර්චුනා ජවිපෙ නායක රෝහණ විජේවීර ත්‍රස්තවාදියෙක් විදිහට හැදින්වුවේ නෑ. අර්චුනා කිව්වේ ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු යාපනේ ජනතාව අනුරට ජන්දය දුන්නේ එයා සිංහල ප්‍රභාකරන් කියලා හිතාගෙන කියලයි.අර්චුනාගේ ඒ කතාවෙන් කියන්නේ මොකද්ද?

දැන්වීම

අර්චුනා කියන්නේ තවමත් තමන්ගේ නායකයා විදිහට ප්‍රභාකරන්ව ප්‍රසිද්ධියේ පිලිගන්න කෙනෙක්.

ප්‍රභාකරන්ගේ දේශපාලනයට සමාන දේශපාලනයක් කරන කණ්ඩායමක් විදිහට ජවිපෙට දෙමල ජනතාව අතර පිලිගැනීමක් හම්බවුනේ කොහොමද?ඒක අපි උත්තර හොයාගන්න ඕනි ප්‍රශ්නයක්. හරිනං ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා. ටිල්වින්ටත් දැන් ඒකට උත්තර දෙන්න කොන්දක් නැති බව රටේ රාළ දන්නවා. උතුරේ දෙමල ප්‍රභාකරන්ට සමාන සිංහල ප්‍රභාකරන් අනුර කියලා අර්චුනා ඇතුළු දෙමළ ජනතාවට හිතුනේ ඇයි?

කවුද එහෙම දෙමල ජනතාවට කිව්වේ.. ප්‍රභාකරන් හරි කොටි සංවිධානයේ නායකයෙක් හරි එහෙම කීයටවත් කියන්නේ නෑ.මොකද 2005 න් පස්සේ කොටි ඝාතන ලැයිස්තුවේ ජවිපෙ නායකයින්ගේ නම් තිබුණා.ඇත්තටම කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්න මහින්දව පොළඹවා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය වගේ පක්ෂ විසින්.ජවිපෙ එදා මහින්දට කිව්වේ අපි ඔයා ජනාධිපති කරවන්නම්,ඔයා ජනාධිනතිවෙලා ඉස්සෙල්ලාම කරන්න ඕනි කොටින්ට ගහලා යුද්ධය අවසන් කරන එක කියලයි.

ඒ වෙනුවෙන් ජවිපෙ සහ ශ්‍රිලනිපය අතර අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් පවා තියනවා.එදා ජවිපෙ ඇතුලේ දේශප්‍රේමී සටනක් සහ දේශද්‍රෝහි සටනක් තිබුණා. සේමවංශ,නන්දන.විමල්,ලාල්,ජී කුලරත්න,චන්ද්‍රසේන විජේසිංහ ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ දේශප්‍රේමී පාර්ශවය විදහටත්,අනුර,ටිල්වින්,ප්‍රේම කූමාර,විජීත,ඕපාත දේශද්‍රෝහී පාර්ශවය විදිහටත් හඳුනගන්න පුළුවන්.මේ බෙදිමේ තව තවත් පහලට බෙදී යද්දී 2008දී ජවිපෙ ප්‍රධාන බිඳියාමක් සිද්ධවුනා.

මහින්දව යුද්ධයට තල්ලු කරපු ජවිපෙ මහින්ද යුද්ධය පටන් අරන් කෙටි කාලයක් ඇතුලත දෙකඩවුනා.විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු එකොලොස් දෙනෙක් ජවිපෙන් ඉවත්වෙලා මහින්දගේ කොටි පරදන සටනට සහයෝගය දුන්නා.ඒ වගේම ජවිපෙ ඇතුලේ ඉතිරිවුන අනෙක් කණ්ඩායමක් යුද්ධය නතර කිරීමට සහ කොටින්ට වාසි වෙන විදිහට තත්වය කළමණාකරණය කරන්න උත්සාහ කළා.

ඒකට නායකත්වය දුන්නේ අනුර,ටිල්වින් සිල්වා,ප්‍රේම කුමාර ගුණරත්නම් සහ විජිත හේරත්.පස්සේ ප්‍රේමකුමාර තවත් කණ්ඩායම එක්ක ජවිපෙන් ඉවත්වුනා. ලාල් කාන්ත අනුර - ටිල්වින් පැර්ශවයට යටත්වුනා.ඒ වෙනකොට සෝමවංශ නිහඩ කරලා හතර දෙනාගේ කල්ලියේ අත්අඩංගුවේ හිටියේ.

ඉතාම පැහැදිලිවම යුද්ධයේ අවසන් කාලය තුලදී ජවිපෙ හිටියේ ප්‍රභාකරන්ට පක්ෂපාතී තැනක.ඒ වගේම ජවිපෙ හිටියේ පක්ෂයේ න්‍යායික ස්ථාවරවලින් පිට පැනලා පාර වරද්දගෙන.ජවිපෙ ඇතුලේ කොටි සංවිධානය හැදින්වුනේ බෙදුමීවාදී ත්‍රස්ත සංවිධානයක් විදිහට.ඒ බව විඡේවීර බොහොම තාර්කිකව නිරවුල් කරලා තිබුණා.එදා ලයනල් බෝපගේ කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් ජවිපෙ එයාලත් එක්ක එකතුවෙලා විප්ලවය කරන්න ඕනි කියන මතයට විජේවීර කොන්දේසි විරහිතව පහර දුන්නා.

විජේවීර කිව්වේ ජවිපෙ අරමුණ සමස්ථ සිංහල,දෙමල,මුස්ලිමි,බර්ගර්,මැලේ ජනතාවට සමාජවාදය දිනා දීම කියලයි.

ප්‍රභාකරන්ගේ අරමුණ දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් දිනා දීමයි.විජේවීර කිව්වේ ප්‍රභාකරන් සමාජවාදයට අහිතකර කොන්දේසි හදන බෙදුම්වාදියෙක් කියලයි.මේ මත ගැටුමේ ප්‍රතිපලයක් විදිහට ලයනල් බෝපගේ පක්ෂයෙන් ඉවත් කළා.විජේවීර " ජාතික ගැටලුවට අපේ විසදුම " පොත ලියලා ජවිපෙ ඇතුලේ නිවැරදි මතය තහවුරු කළා.

ජාතික ගැටළු පොතේ දෙමල බෙදුම්වාදය ගැන විස්තරය විතරයක් නෙවෙයි ඉන්දියාව තුල ක්‍රියාත්මක බෙදුම්වාදී ව්‍යාපාරය ගැනත් කතා කළා.ඒ විතරක් නෙවෙයි ඉන්දියානු ව්‍යාප්තවාදය ගැනත් කතා කළා.හැබැයි හතර දෙනාගේ කල්ලිය බලය අල්ලනවාත් එක්ක එයාලා සමාජවාදය අතෑරියා,ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා එකක් නෑ කියලා ටිල්වින් කිව්වා.කොටි සංවිධානය සම්බන්ධව ජවිපෙට තිබුණ විග්‍රහ සහ ස්ථාවරයත් අතෑරියා.අතෑරලා ලයනල් බෝපගේගේ ස්ථාවරය පිලිගත්තා.

ලයනල් බෝපගේ ගේ ස්ථාවරයට අනුව කොටි සංවිධානය කියන්නේ විමුක්ති සංවිධානයක්.හතර දෙනාගේ කල්ලියේ ග්‍රහණයට ජවිපෙ නතු වෙනවත් එක්ක ජවිපෙ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරන මහින්දගේ මෙහෙයුම අඩපන කරන්න හැමදේම කළා.එදා අනුරට තමයි කිව්වේ ශ්‍රී ලංකා හමුදාව උතුරේ දෙමල ජනතාව ඉන්න ප්‍රදේශවලට බර අවිවලින් පහර දෙනවා කියලා. කොහොම උනත් කොටි පරාජය වීම නතර කරගන්න ජවිපෙ සහ කොටි සංවිධාන වෙහෙසෙද්දී කොටි පැරදවීමේ සටනට රටේ සමස්ථ ජනතාව එකතුවුනා.

ඒ සටනින් කොටි සංවිධානය සමූලඝාතනය වුනා.ඒ සටනට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ. යුද්ධය ජයග්‍රහණයෙන් පස්සේ මහින්දලා ඊළඟට යන්න ඕනි පියවරවලට ගියේ නෑ. මහින්දලා යුද්ධ අවසන් කරපු රට තමන්ගේ පවුලේ බුදලයක් විධිහට සලකමින් තමයි පාලනය කළේ ඒක නිසා ජනතාව යුද්ධ දිනා දුන් නායකයා 2015 දී ගෙදර යවලා යහපාලනය ගෙනාවා. යහපාලනයෙන් පස්සේ රාජපක්ෂලා නැවත බලයට ආවත් එයාලා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන තිබුණේ නෑ.

රාජපක්ෂලා ආයෙත් පරණ පුරුදු පවුල් පාලන සංස්කෘතියම පවත්වාගෙන ගියා. ඒක රට බංකොලොත්භාවය දක්වාම ගියා.අන්තිමට යුද්ධය දිනාදීපු නායකයෝ විසින්ම රට බංකොලොත් කළා.ප්‍රතිඵලය උනේ ජනතාව ඇවිත් රාජපක්ෂ පන්නලා දාපු එකයි.එදා ඒ මතුවුන ජනතා නැගිටීමේ අයිති මංකොල්ලකමින් ජවිපෙ ඉදිරියට ආවා.පහුගිය මැතීවරණවලදී ජවිපෙ යාපනයේ ජනතාව අතර ගියේ බෝපගේගේ බෙදුම්වාදී මතවාදයත්, රාජපක්ෂ විරෝධය කරගහගෙන.

එහෙම ගිහින් ජවිපෙ යාපනය ජනතාවට බෝපගේගේ බෙදුම්වාදී බණ දේශනා කළා.ඒ වෙනකොට ජවිපෙ කොට් විමුක්ති සංවිධානයක් කියලා පිලිඅරන් ඉවරයි.ඒක නිසයි ජවිපෙ යාපනයට ගිහින් ප්‍රභාකරන් ජාතියේ නායකයා විදිහට හැදින්නුවේ. ප්‍රභාකරන් වෙනුවෙන් පිලිම හදන්න,ජැටි නම් කරන්න උතුරේ ජනතාවට යෝජනා කළේ.ප්‍රභාකරන්ගේ බලාපොරොත්තු ඉටු කරන නායකයා විදිහට ජවිපෙ නායකය අනුර නම් කලේත් ජවිපෙන්ම තමයි. ප්‍රභාකරන්ට වීරත්වය ආරෝපණය කළේ ජවිපෙන්.එහෙම කරනකොට ඉතින් උතුරේ ජනතාව මේ තමයි සිංහල ප්‍රභාකරන් කියලා හිතෙන එක නතර කරන්න බෑ ඒක තමයි අර්චුනා කිව්වේ.

අනුරලාගේ මේ තියන නිවටකම පාවිචිචි කරගෙන කොට් ඩයස්‌පෝරාව හදන්නේ ප්‍රභාකරන්ගේ තුවක්කුවෙන් දිනා ගන්න බැරිවුන දෙමල ඊළම සිංහල ප්‍රභාකරන්ගේ එක පෑන් පාරකින් දිනා ගන්න.ඒකේ ආරම්භය තමයි යුද්ධය අවසන් කරපු සේනාධිනායක සහ.යුද්ධය අවසන් කරපු රණවිරුවන් ලෝකය ඉස්සරහා හැල්ලුවට ලක් කරන්නේ. රණවිරුවා නිකම්ම නිකං යුධ සෙබළා වෙන්නේ නිකං නෙවෙයි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
අනුර සිංහල ප්‍රභාකරන් උනේ කොහොමද..? | Lanka Newsweek