අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර සහ ජේ.ආර් අතරින් ද්‍රෝහියා කවුද..?

අනුර සහ ජේ.ආර් අතරින් ද්‍රෝහියා කවුද..?

අනුරගේ ජනාධිපති ධූරයේ පළවෙනි වර්ෂ පුර්ණය සම්පුර්ණ උන සැප්තැම්බර් 21 වෙනිදා ඔහේ ගෙවිලා ගියා.සාමාන්‍යයෙන් වර්ෂ පූර්ණය දවසට ගොඩක් ජනාධිපතිවරු ජාතිය ඈමතුවා.සමහරු හිතුවාත් අනුර ජාතිය අමතයි කියලා ඒකවත්…

අනුරගේ ජනාධිපති ධූරයේ පළවෙනි වර්ෂ පුර්ණය සම්පුර්ණ උන සැප්තැම්බර් 21 වෙනිදා ඔහේ ගෙවිලා ගියා.සාමාන්‍යයෙන් වර්ෂ පූර්ණය දවසට ගොඩක් ජනාධිපතිවරු ජාතිය ඈමතුවා.සමහරු හිතුවාත් අනුර ජාතිය අමතයි කියලා ඒකවත් සිදුවුනේ නෑ. ඇත්තටම අනුරට ජාතිය ඇමතීමට ඉඩක් තිබුණේ නෑ.අනුරට ජාතිය අමතනවා නං කරන්න තිබුණේ ජාතිය අමතලා ජාතියෙන් සමාව ඉල්ලන්න එක විතලයි.

අවුරුද්දක් ඇතුලත අනුර කරන්න ආවේ මොනවද?

අවුරුද්දකට පස්සේ අනුර කරලා තියෙන්නේ මොනවද කියන ප්‍රශ්නය හැමෝටම තියනවා.එදා අනුර ජාතිය ඇමතුවේ නැතත් ජාතියම අනුරට ඇමතුව බව නං රටේ රාළ විස්වාසයි.ඇත්තටම මේ අවුරුද්දක කාලය ඇතුලේ අනුර කාටද සාධාරණ ඉෂ්ඨ කරලා තියෙන්නේ.රටට ජපතාවට නම් අනුරගෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙලා නෑ.හැබැයි අනුර අපේ රටේ හිටපු ජනාධිපතිලා සියලු දෙනාටම සාධාරණ ඉෂ්ඨ කරලා තියනවා.දැනට ජීවතුන් අතර ඉන්න ජනාධිපතිලා ගෙවල්වලින් එලියට ඇදලා දාලා ආරක්ෂාවත් අඩු කරලා මොකද්ද ඉෂ්ඨ කරලා තියන සාධාරණය කියලා ඔයාලා අහයි.

නෑ අනුර ඒ සියලුම දෙනාට සාධාරණය ඉෂ්ඨ කරලා තියනවා. ඉතිහාසයේ විවිධ වකවානුවලදී ජවිපෙ විසින් එක් එක් ජනාධිපතිවරයාට එක එක වර්ගයේ ද්‍රෝහී ලේබල ඇලෙව්වා. ජනතා ද්‍රෝහී ලේබලය සහ දේශද්‍රෝහී ලේබලය ඒ අතින් ප්‍රධානයි. එදා ජවිපෙ විසින් ඇලවු ඒ ද්‍රෝහී ලේබල් අනුර විසින් ගලවලා එයාලා නිදොස්කොට නිදහස් කරලා තියනවා.ඒක නිසා අපේ රටේ හිටපු ජනාධිපතිවරු සහ අනුර අතර සන්සන්දනයක් අවශ්‍යයි. ජේආර්ගෙන් පටන් අරන් විටන් විට අපි ඒක කරගන්න ඕනි.

දැන්වීම

අපේ රටේ පළවෙනි විධායක ජනාධිපති ජේආර් ජයවර්ධනට ජවිපෙ ඇලෙව්වේ දේශද්‍රෝගියෙක් කියන ලේබලය.ඒකට ප්‍රධානම හේතුවවුනේ ජේආර් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි එක්ක අත්සන් කරපු ඉන්දු - ලංකා ගිවිසුම.ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරලා 13 වන ව්‍යවස්ථාව සම්මත කරලා අපේ රටේ පලාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ ජේආර්.එදා ඉන්දු - ලංකා ගිවිසුමට ජවිපෙ කිව්වේ රට පාවාදීමේ ගිවිසුම කියලයි.එදා ජේආර් මරමු කියලා රට පුරා තාප්පවල ලිවිව ජවිපෙ සමාජිකයිප් අතරින් රටේ රාළත් එක් කෙනෙක්.

ඒ කාලේ උසස් පෙල කරන ශිෂ්‍යයෙක් විදිහට රටේ රාළ සමාජවාදී ශිෂ්‍ය සංගමයට එකතු වුනා.ඒ කාලේ අපි කිව්ව සටන් පාඨයක් තවමත් කටපාඩම්.

" ජේආර් - මහල්ලා

රත්නපුරට - ගෙනැල්ලා

අර මුල්ලේ - තියාලා

මේ මුල්ලේ - තියාලා

මඩු වලිගෙන් - තලාලා

හතර හන්දි - කඩාලා

අපි හදනවා - ආණ්ඩුවක්

සාධාරණ - ආණ්ඩුවක්

යුක්ති ගරුක - ආණ්ඩුවක් "

ඒ තරම් විරෝධයක් ජවිපෙන් ජේආර්ට එරෙහිව හැදුවා.ජේආර් ඉතිහාසයේ කුණු බක්කියට දැම්මා කියලා ජවිපෙ මේ ළඟක් වෙනකම්ම සතුටුවුනා.එදා ජේආර් අත්සන් කරපු ඉන්දු - ලංකා ගිවිසුමට රටේ රාළ අදත් එකඟ නෑ.ඉන්දු - ලංකා ගිවිසුමෙන් අපේ රටේ ජාතික ගැටළුව විසදුනේ නෑ.සිද්ධවුන එකමදේ අපේ රටේ තිබුණ ඒකීය ව්‍යවස්ථාවට පෙඩරල් ලක්ෂණ එකතු කරමින් පලාත් සභා කියන සුදු අලියා රට මත බලහත්කාරයෙන් පැටවීමයි.

අද අනූර අත්සන් කරලා තියන ඉන්දු - ලංකා ගිවිසුම්වලට සාපේක්ෂව ජේආර් අත්සන් කරපු ඉන්දු ලංකා ගිවිසුම දිහා බලද්දී ජේආර්ට සාපේක්ෂව හිතද්දී අනුර ජේආර්ට වඩා ‍දේශද්‍රෝහියෙක්. එදා දැඩි ඉන්දියානු බලපෑම හමුවේ උනත් රට තවදුරටත් නොබෙදී පවත්වාගෙන යන්න ඕනි කරන ශක්තිමත් ආධාරක ගණනාවක් ජේආර් ඉන්දු ලංකා ගිවිසුමට ඇතුලත් කරලා තියනවා.එදා ජේආර් ඇඳරිනීතිය දාගෙන ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කලත් ගිවිසුම ජනතාවගෙන් හැංගුවේ නෑ.

හැබැයි අනුර අද ඉන්දියාවටත් එක්ක අත්සන් කරපු ගිවිසුම් හත අපි දැකලා නෑ.ඒක එතෙක් මෙතෙක් ඉන්දියාවත් එක්ක ලංකාව අත්සන් කරපු ශක්තිමත්ම ආරක්ෂක ගිවිසුම කියලා ඉන්දියානු රාජ්‍ය මාධ්‍යවල කියනවා.හැබැයි ඒ ගිවිසුමේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නෑ.ඒක අපේ රටේ ජනතාවට කියන එක ඉන්දියාව පැත්තෙන් තහනම් කරලා තියනවා.අපේ පාලකයෝ ඒ තරම් ඉන්දියාවේ ඔඩොක්කු කුක්කෝ බවට පත්වෙලා.කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සට අනුව තුන්වෙනි පාර්ශවයකට ගිවිසුම් පෙන්නන්න නං ඉන්දියාවේ අවසරය ඕනි.

ඒ කියන්නේ අපේ රටේ ජනතාව අපේ රට ඇතුලේම තුන්වෙනි පාර්ශවයක් කරලා.තොරතුරු දැන ගැනීමේ පනත යටතේවත් කිසිම ගිවිසුමක් මේ ආණ්ඩුව විසින් දෙන්නේ නෑ.මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් නඩත්තු වෙන තමන්ගේ මාධ්‍ය අංශයේවත් තොරතුරු දෙන්නේ නැති අනුර ඔය වගේ හොර ගිවිසුම් ගැන තොරතුරු දෙයිද?ඇත්තටම ජේආර් කියන්නේ අපේ රට පරිවර්තනයකට ලක් කරපු නායකයෙක්.විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක්,විවෘත ආර්ථිකය සහ නව මෑතිවරණ ක්‍රමයක් ජේආර් රටට හදුන්වා දුන්නා.

ජේආර්ගේ ඒ ප්‍රතිසංස්කරණ සම්බන්ධව එදා වගේම අදත් විවේචන සහ ප්‍රසංසා තියනවා.ජේආර් තමන් හදුන්වා දුන්න ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දේශපාලනයෙන් සමුගන්න මොහොත දක්වාම පෙනී හිටියා.ඒ ජේආර්ට තමන්ගේ ක්‍රමය සම්බන්ධව විශ්වාසයක් තිබුණ නිසයි.ජේආර්ට එරෙහිව ප්‍රබලම මතවාදය ගොඩනැගීමේ ජනතා විමුක්ති පෙරමුණයි.ඡේආර් නියෝජනය කළ දේශපාලන අරමුණුවලට සම්පුර්ණයෙන්ම විරුද්ධ පැත්ත නියෝජනය කළේ ජවිපෙයයි.

ජේආර්ගේ ඉන්දු ලංකා එරෙහිව ජවිපෙ විසින් සන්නද්ධ අරගලයක් පටන් ගත්තා.ඒ සන්නද්ධ අරගලය ජේආර්ගෙන් පස්සේ ප්‍රේමදාස දක්වා ඉදිරියට ගියා.කොහොම උනත් සන්නද්ධ අරගලය තුළදීත් එදා ජවිපෙ නායක විජේවීර ඇතුළු ජවිපෙ සඟයන් තමන්ගේම අරමුණ සහ ප්‍රතිපත්තිය පාවා දුන්නේ නෑ, විජේවීර දැඩි වධ බන්ධන සහිතව මාරා දාද්දී උනත් පක්ෂය විසින් ඊළඟට ගන්න ඕනි ක්‍රියාමාර්ග පක්ෂයට යෝජනා කරන්න තරමේ ශක්තියක් විජේවීරට තිබුණා.

ඒ වගේම විජේවීරගෙන් පස්සේ ජවිපෙ නායකත්වය පත්වුන සෝමවංශ අමරසිංහත් මිය යන තුරුම පක්ෂයේ අරමුණ මත සහ ප්‍රතිපත්ති මත පිහිටලා හිටියා.අනුර ජනාධිපතිවරයෙක් විදිහට ජේආර් එක්ක සංසන්දනය කරද්දී නැවතත් වීරයා කවුද ද්‍රෝහියා කවුද කියන ප්‍රශ්නය අපට එනවා.එදා ඉන්දීය ආක්‍රමණ ඉස්සරහා යටත්වීම හැර වෙනත් උත්තරයක් නොතිබුණ තතවයක් යටතේ අත්සන් කරපු යටත්වීම ගිවිසුම ඇතුලේ උනත් ජේආර් අපේ රට ව්‍යවස්ථානුකූලව බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වෙන් දුන්නේ නෑ.

ඒ නිසා අදත් බෙදුම්වාදයට එරෙහි සටනේදී අපට තවමත් ශක්තිමත් ව්‍යවස්ථා රාමුවක් තියනවා.බෙදුම්වාදය සන්නද්ධ පෙරමුණ පරාජය කරලා තියන වෙලාවක,ඉන්දියානූ බලපෑම එදාට සාපේක්ෂව අද ඉතාමත් අඩුයි.එහෙම අවස්ථාවක පවා අනුර නැවතත් ශ්‍රී ලංකාව ඉන්දීයානු ව්‍යාප්තවාදී උපායමාර්ගය ඇතුලට ගෙනිහින් තියනවා.ඒ හරහා අනුර තමන් විසින්ම ද්‍රෝහියාගේ ලෝගුව දාගෙන ජේආර් නිදොස් කොට නිදහස් කරලා තියනවා.

ඒ වගේම මෙතෙක් ජවිපෙට නායකත්වය දුන් නායකයන් තුන්දෙනා අතරින් වසර 55ක ඉතිහාසය පාවාදුන් ද්‍රෝහියා බවටත් හෙට දවසේ ජවිපෙ ඇත්ත ඉතිහාසය ඇතුලේ ලියවෙනවා ඇති.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න