අනුර-විමල්-කුමාර් ඉන්දු-චීන බළල් අත් ද..?

ජවිපෙ එක්ක සිංගප්පූරුව කරන්නේ කුමක්ද..? අනුර කුමාර ඉන්දීය "රෝ" නියෝජිතයෙක් ද..? බුද්ධි අංශ අවධානයෙන්..! ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී…
ජවිපෙ එක්ක සිංගප්පූරුව කරන්නේ කුමක්ද..?
අනුර කුමාර ඉන්දීය "රෝ" නියෝජිතයෙක් ද..?
බුද්ධි අංශ අවධානයෙන්..!
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් යන මහත්වරුන් විදේශ රටවල් සහ විදේශ බුද්ධි අංශ සමග පවත් වන සම්බන්ධතා සහ සිදු කරන දේශපාලන ගනුදෙනු සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානය යොමු වී තිබේ.
ආරක්ෂක සහ දේශපාලන බුද්ධි තොරතුරු සහ දත්ත අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන එම පක්ෂය සිංගප්පූරුව, ඉන්දියාව සහ ඉන්දීය "රෝ" බුද්ධි අංශය සමග අතිශය සමීප සම්බන්ධතා පවත් වන අතර ඔවුන් අනුර කුමාර දිසානායක ප්‍රධාන ජාතික ජන බලවේගයට අනුග්‍රහය ද දක්වයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් යන මහත්වරුන් චීනය සමග අතිශය සමීප සම්බන්ධතා පවත් වන අතර චීනය එම දේශපාලන පක්ෂ දෙකට සහ එහි නායකයින් දෙපොළට අනුග්‍රහය ද දක්වන බව එම බුද්ධි තොරතුරු පෙන්වා දෙයි.
දැන්වීම
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් යන මහත්වරුන් සහ එම පක්ෂ මෙහෙය වන්නේ ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව බව මෙම බුද්ධි තොරතුරු අනුව පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙක් "lankanewsweek" සමග පැවැසීය.
අනුර කුමාර දිසානායකලා, විමල් වීරවංශලා සහ කුමාර් ගුණරත්නම්ලා ජනතාව කුලප්පු කරමින් ප්‍රශ්න ඇති කර රට අස්ථාවර කරමින් සිටින්නේ කිනම් න්‍යාය පත්‍රයකට අනුව ද යන්න මේ අනුව හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රබල නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.