අනුර රිවස් ගියර් එකට දැමූ රාජිත

අනුර කියන්නේ නීලකාස බොරුකාරයෙක් කියලා දැන් හැමෝම දන්නවා.බලයට එන්න අනුරලා කියපු බොරු එකිනෙක අහුවෙනකොට අනුර සහ ගෝලබාලයෝ කිව්වේ අපි නං එහෙම කිව්වේ නෑ කියලයි.හැබැයි ඒවා විඩියෝ එක්ක එලියට එනකොට කට්ටියටම…
අනුර කියන්නේ නීලකාස බොරුකාරයෙක් කියලා දැන් හැමෝම දන්නවා.බලයට එන්න අනුරලා කියපු බොරු එකිනෙක අහුවෙනකොට අනුර සහ ගෝලබාලයෝ කිව්වේ අපි නං එහෙම කිව්වේ නෑ කියලයි.හැබැයි ඒවා විඩියෝ එක්ක එලියට එනකොට කට්ටියටම කට උත්තර නැතිවුනා.මොනවා උනත් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වෙලා අවතැන්වුන ජනතාවට බොරු කියයි කියලා කවුරුත් හිතුවේ නෑ.එදා යහතින් ඉන්දැද්දී අනුරගේ බොරුවලට රැවටුන ජනතාව අද අවතැන්වෙලා ඉන්දැද්දිත් රැවටිලා.
එක දිගටම රැවටීම කියන්නේ මාර මෝඩ වැඩක්.ඒ වගේම එක දිගටම රවට්ටනවා කියන්නේ ජරා වැඩක්.සාමාන්‍යයෙන් අපේ ගමේ ගොඩේ ඒවට කියන්නේ බලු වැඩ කියලා.හැබැයි ඉතින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනිම ඒ ජාතියේ වැඩක් කරන්න ජවිපෙ එකඟයි.එදා බලය ගන්න කෙබර අතාරිනකොට රටේ රාළ කිව්වා ඔය බලය ගැනීම වෙනුවෙන් ගහන කෙප්ප කියලා.හැබැයි අපේ රටේ බහුතර ජනතාව ඒක පිලිගත්තේ නෑ.
මේ ආපදාවෙන් පස්සේ අනුර නත්තල් සීයා වගේ පාර්ලිමේන්තුවට ඇවිත් ගේ හෝදන්න 25000යි,මුලුතැන්ගෙට බඩු මුට්ටු ගන්න 50000යි.මාසික කුලිය 25000යි.ටකරමක් ගියත් ලක්ෂ 10යි.ගේ සම්පුර්ණයෙන්ම හදන්න ලක්ෂ 50යි,ඉඩමක් ගන්න තව ලක්ෂ 50යි.කුඹුරු හෙක්ටයාර් එකකට ලක්ෂ 150000යි.ධාන්‍ය හෙක්ටයාර් එකකටත් ලක්ෂ 150000යි,එළවළු හෙක්ටයාර් එකකට ලක්ෂ 02යි.කුඩා ව්‍යාපාර නැවත පටන් ගන්න ලක්ෂ 2යි කියමින් අනුරගේ සහන මල්ල දිගෑරියා.
දැන්වීම
එදත් රටේ රාළ කිව්වා අනුර ඔය කියන්නේ බොරුවක්,ඔය හදන්නේ සුළි කුණාටුව සම්බන්ධව පුර්ව දැනුම්දීම් කරලා තියෙද්දිත් විනාශ වලක්වා ගන්න කටයුතු නොකල චෝදනාවෙන් බේරෙන්න ගහන තවත් කෝප්පයක් කියලා.ඒත් අපේ රටේ ජනතාව අනුර ගහපු සහන කෙප්පයටත් දවසකට දෙකකට හරි අහුවුණා.අනුර දැන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට ගිහින් ඒවායේ කරන පැහැදිලි කිරීම්වලින් පේනවා ඇරලා තියෙන්නේ තඩි නයෙක් කියලා.රටේ රාළට ජවිපෙ ගැනත් අනුර ගැන අවුරුදු 20ක වැඩි අද්දැකීම් තියන නිසා මේ පාරත් ඇණ ගන්න බව ස්ථිරවම දන්නවා.
හැබැයි මේ පාර ඇණ ගැනීම අනිත් හැම ඇණ ගැනීම්වලට වැඩිය බරපතලයි.මොකද මේ පාර අනුරලා කරලා තියෙන්නේ යහතින් හිටපු මිනිස්සු පිරිසක් අනුරලාගේ නොසැලකිලිමත්කම නිසා අවතැන් කරලා,ඒ අවතැන් වෙචිචි ජනතාව ආය පාරක් නන්නත්තාර කරලා.මේක හරියට සුළි කුණාටු ගහෙන් වැන්න මිනිහාට අණ්ඩුව කියන ගොනා ඇන්නා වගේ වැඩක්.රටේ රාළ කියන්නේ හෙට දවසේ ගම්පිටින්,සුරක්ෂා කඳවුරු පිටින් ආණ්ඩුවට එරෙහිව නැගිටිනවා.ඒ නැගිටීම ආවේගශීලී නැගිටීමක් බවට පත්වේවි.
අනුරගේ නොසැලකිලිමත්කම නිසා සියල්ල අහිමිවුන මිනිස්සුන්ගේ අවසන් බලාපොරොත්තුවත් වේගයෙන් කඩවෙමින් තියනවා.Rebuilding Sri Lanka වැඩපිලිවෙල කියලා ලොකු සද්ධයක් දාලා පටන් ගත්ත වැඩපිලිවෙල දැන් අයාලේ යමින් තියනවා.ඇත්තටම මෙතන ප්‍රශ්න කීපයක් තියනවා.එකක් අනුර කියපු විදිහට වැඩ කරන්න ආණ්ඩුවට සල්ලි නෑ.රාජිත ආණ්ඩුව කරනවා කියපු දේවල් ටික වෙන වෙනම අරගෙන යන වියදම ගණන් හදලා පෙන්නුවා.රාජිත ඒ පෙන්නුවට පස්සේ අනුර රිවස් ගියර් එකට දැම්මා.ඊට පස්සේ ඉඳන් අනුරගෙන් ටික ටික ඇත්ත එලියට එන්න පටන් ගත්තා.ඇත්තටම අනුර කියන වියදම කරන්න භාණ්ඩාගාරයේ සල්ලි නෑ.
ඒ වගේම තියන සල්ලි ටික හරියට වියදම් කරන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.ආණ්ඩුවට හරි සැලස්මක් හදලා දීලා වැඩේ කරගෙන යන්න පුලුවන් මිනිස්සුත් නෑ.
ඒකට හැකියාව තියෙන මිනිස්සු එකතු කරන්න දේශපාලන කුහකකම නිසා අනුරලා කැමතිත් නෑ.ඒක නිසා Rebuilding Sri Lanka වැඩපිලිවෙල දැනටමත් එකතැන පත්වෙන්න පටන් අරන්. අනුරලා දැන් හදන්නේ කඳවුරුවල ඉන්න ජනතාව අතට කීය කීය හරි දීලා එක්කෝ හිටපු තැනට පලයල්ලා නැත්තං ඕනි තූත්තුකුඩියක පලයල්ලා කියලා අත හෝදගන්න.මේ යන විදිහට සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීමේ වගකීම ආණ්‌ඩුව පැත්තෙන් බාරගන්න බවක් පේන්නේ නෑ.
අනික තමයි මේ ව්‍යසනයෙන් රටේ ආර්ථිකයට වෙලා තියන හානිය ඩොලර් බිලියන හයක් විතර වෙයි කියලා පුරෝකථනයක් තියනවා.ඒ විතරක් නෙවෙයි මේ ව්‍යසනයත් එක්ක කඩා වැටෙන අපේ රටේ ආර්ථික ඉලක්ක සුළු පටු නෑ.කෘෂිකර්මාන්ත කඩා වැටෙනවා,සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙනවා, සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා,රජයේ බදු ආදායම කඩා වැටෙනවා මේවා යථාවත් කරගන්න නිශ්චිත වැඩපිලිවෙලක් ආණ්ඩුවට නෑ.අනුර දිස්ත්‍රික්ක පුරා යමින් සම්බන්ධීකරණ රැස්වීම් කැඳවමින් වැඩේ ගොඩදාන්න උත්සාහ කරනවා කියලා සමහරු කියනවා.
ඇත්තටමත එහෙම එකක් පේන්න තියනවා.හැබැයි ඉතින් ඒකද මේ වෙලාවේ අනුර කරන්න ඕනි කියලා හිතුවොත්,අනුර කරන්න ඕනි ඕක නෙවෙයි,හැබැයි වෙන කරන්න දෙයක් නැති නිසා අනුරට ඒ දේ කරන්න වෙලා තියනවා.ප්‍රශ්නය තියෙන්නේ දිස්ත්‍රික්කවල යන වැඩපිලිවෙලට නායකත්වය දෙන්න පුලුවන් කොන්ද පණ තියන කෙනෙක් මාලිමා මැති ඇමතිලා අතර නෑ.අනුරට ඉන්නේ බත් පැකට් බෙදන,පාරවල් අතුගාන,වැසිකිලි හෝදන නායකයෝ ටිකක්.අඩුමගානේ තමන්ගේ දිස්ත්‍රික්කයකට නායකත්වය දෙන්න පුලුවන් තරමේ නායකයෝ 25 ක් අනුරට නෑ.
ඉන්නේ අර පොලොන්නරුවේ රන් ගොජා වගේ අය.ඒක නිසා අනුරට දිස්ත්‍රික්ක මට්ටමට බහින්නවෙලා.අනුරට තියෙන්නේ ඊටත් වැඩිය ලොකු අවුලක්.අනුරට මේ අවස්ථාවේදී මේ තත්වයෙන් රට මුදවා ගන්න අවශ්‍ය ජාතික නායකත්වය දෙන්න බෑ.මේ වෙලාවේ රටට ඕනි දක්ෂ නායකයෙක්.විදේශ රටවල නායකයන් එක්ක,විදේශ සංවිධාන එක්ක කතා කරලා මේ තත්වය පහදලා දීලා අවශ්‍ය ජාත්‍යන්තර සහය ගන්න පුළුවන් නායකයෙක්.අඩුම ගානේ අපේ රටේ ඉන්න තානාපතිලා ටික කැඳවලා එයාලට තත්වය පැහැදිලි කරලා දෙන්නවත් අනුරට බෑ.
වැඩිය ඕනි නෑ මහා ලොකුවට ඩිජිටල්කරණයක් ගැන පම්පෝරි ගහපු අනුරට ජලාශවල වාන් දොරටු අරිනවා කියලා ජනතාවට SMS පණිවිඩයක් දීගන්න බැරිවුනා.මේ මොහොතේ රටට අවශ්‍ය ජාතික නායකත්වය සපයන්න බැරි නිසා අනුරත් කැමති සිල්ලර වැඩවලට බව පේනවා.රටක් අමාරුවේ වැටිලා තියෙද්දී රටට නායකත්වය දෙන්න නායකයෙක් නැති ආණ්ඩුවක් මේක, ආපදාවට ලක්වෙලා තියන දිස්ත්‍රික්කවලට නායකත්වය දෙන්න කොන්ද පණ තියන දිස්ත්‍රික් නායකයෙක් නැති ආණ්ඩුවක් මේක.
අනුර කැදවන දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීම් දිහා රටේ රාළ හොදින් බලා හිටියා.ඒ වැඩෙත් අනුරට හරියට තේරෙන්නෙ නෑ. රටේ රාළ මීට කලින් කිව්වා වගේ අනුර ගිහින් ප්‍රශ්නවල මතුපිටින් අල්ලගෙන පෙනුමට විසදුම් හදලා එනවා.හැබැයි ඒවා ස්ථිර සාර විසදුම් නෙවෙයි.සමහර ප්‍රශ්නවලට මේ වෙලාවේ දෙන්න වෙන්නේ කෙටිකාලීනව විසදුම් තමයි.උදාහරණයක් ගත්තොත් විදුලිය,ජලය සහ අන්තර්ජාලය පහසුකම් සැපයිම වගේ දේවල් ක්ෂණිකව කරන්න ඕනි.පාරවල් සුද්ධ කිරීම වගේ ඒවත් එහෙමයි.
හැබැයි ජනතාව නැවත පදිංචි කිරීම කියන එක ලොකු වැඩක්. ඒක මෙයාලා බරෙන් ගන්නේ නෑ.මොකද මේ ජීවිත ආයෙත් අනතුරේ දාන්න බෑ.රටේ රාළට පේන්නේ අනුරලා හදන්නේ දෙනවා කියපු මුදලත් නොදී කීයකීය හරි අතට දීලා ජනතාව කඳවුරුවලින් එලියට දාන්න.ඒ සැකය කාට නැතත් රටේ රාළට නං තියනවා.