අනුර පාඩම් ඉගෙන ගන්නේ ජම්පරේ ඇඳගෙන

අනුර කුමාර බලය ගත්තේ බොරුවෙන්.අනුර බලය පවත්වාගෙන යන්නෙත් බොරුවෙන්.අනුරගෙන් බලය ගිලිහිලා යන්නෙත් බොරුව හින්දයි.බලය ගන්න කියපු බොරු ගැන දැන් කතා කරලා වැඩක් නෑ.රටම ඒවා දන්නවා.දැන් තියෙන්නේ බලය පවත්වාගෙන…
අනුර කුමාර බලය ගත්තේ බොරුවෙන්.අනුර බලය පවත්වාගෙන යන්නෙත් බොරුවෙන්.අනුරගෙන් බලය ගිලිහිලා යන්නෙත් බොරුව හින්දයි.බලය ගන්න කියපු බොරු ගැන දැන් කතා කරලා වැඩක් නෑ.රටම ඒවා දන්නවා.දැන් තියෙන්නේ බලය පවත්වාගෙන යන්න බොරු කියන කාලපරිච්ඡේදය.ඒ වගේම ඉස්සරහට එන්නේ බොරුව නිසා අනුරට ගෙදර යන්න වෙන කාලපරිච්ඡේදය.
ඩෝබි ජෙප්පෝ රටේ රාළගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි කෝ උඹ කිව්ව විදිහට ආණ්ඩුව පෙරළුනාද කියලා.අනුර බලය අරන් මාස හයෙන්,අවුරද්දෙන් ආණ්ඩුව පරලෙනවා කියලා රටේ රාළ කිව්වේ නෑ.රටේ රාළ කිව්වේ 2026 අවුරුද්ද අර්බුදකාරී වර්ෂයක් සහ 2027 අවුරුද්දේ මුල් කාර්තුව පෙරළිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.ඇත්තටම මේ ආණ්ඩු ඇවිත් මාස හත අටකින් නැත්තං අවුරද්දකින් ගෙදර යන්න ඕනි තරම් ඉඩ තිබුණා.හැබැයි ආණ්ඩුවට යන්න උනේ නැත්තේ 2022 සිට 2024 දක්වා රනිල් දාපු ආර්ථික පදනම හින්දයි.
රනිල් නිසා අනුරගේ ආණ්ඩුවට යන්තම් අවුරද්දක් ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙලා තියනවා.ඒ කියන්නේ 2025 අවුරුද්ද යන්තම් පියමං කරගන්න පුළුවන් වුනා.රටේ රාළ 2026 අවුරුද්දේ අර්බුදය සහ 2027 අවුරුද්දේ මුල් කාර්තුවේ බල පෙරලිය ගැන කියනකොට දිට්වා සුළි කුණාටුව ඇවිත් තිබූණේ නෑ.දිට්වා නැතිව තමයි රටේ රාළ කිව්වේ මේ ගොඩනැගෙමින් තියන ආර්ථික අර්බුදය 2026 අවසන් කාර්තුව වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදයක් දක්වා උත්සන්න වෙනවා කියලා.ඊට පස්සේ ඒ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙලා බල පෙරලියක් දක්වා යෑමේ වැඩි සම්භාවිතාවක් තියනවා කියලා.
දැන්වීම
දැන් ඒකට දිට්වා විසින් කරපු විනාශයත් එකතු වෙලා.දිට්වා විසින් කරපු විනාශයෙන් නැවත රට ගොඩනැගීමට අඩුම ගානේ ඩොලර් බිලියන 6 - 7 ක් අතර මුදලක් යනවා.ඒ කියන්නේ රටේ රාළ කියන අර්බුදයට තවත් ඩොලර් බිලියන 6 ක් නැත්තං හතක් එකතු වෙනවා.එතකොට වෙන්න පුළුවන්දේ තමයි 2026 අවසානයේ එන්න නියමිත අර්බුදය තවත් මෙහාට එන එකයි.2027 මුල් කාර්තුවේ වෙන්න නියමිත බල පෙරලිය තවත් මෙහාට එන එක. ඒ අර්ථයෙන් තමයි රටේ රාළ ඉදිරි මාස දෙක සඳහා ආණ්ඩුවට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ.
ඒකෙන් කියන්නේ පෙබරවාරි වෙනකොට ආණ්ඩුව පෙරලෙනවා කියන එක නෙවෙයි.හැබැයි ආණ්ඩුව බරපතලම අර්බුදයට යන මාස දෙක තමයි පශ්චාත් ආපදාවේ පළවෙනි මාස දෙක.ආණ්ඩුව අර්බුදයට යන්නේ ආපදාවට පත්වූන ජනතාවට අනුර කියපු බොරු හින්දයි.අනුර සහයෝගයෙන් වැඩ කරන්න කැමති නැති හින්දයි.අනුර සහන පැකේජ බොරුව කිව්වේ ඒ මොහොතේ අනුරට ආපු පීඩනයෙන් බේරෙන්න.ඒ කියන්නේ දිට්වා සුළි කුණාටුව ගැන ජාතික සහ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශවලින් ප්‍රමාණවත් අනතුරු ඇඟවී නිකුත් කරලා තිබියදී හානිය අවම කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවයි.
අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තියෙන්නේ අනුරගේ අමාත්‍යාංශය යටතේ.අනුර මේ අපරාධයේ පලෙනි වගකිවවයුත්තා බවට පත්වෙන එක නවත්තන්න බෑ.ජනතාව තුල තියන ඒ අවධානය සහ අනුරට තියන අවධානමෙන් මිදෙන්න අනුර ලොකු සහන පැකේජයක් ගෙනත් රටට පෙන්නුවා.ඒක ජනතාවට දෙනවා කියන එක තහවුරු කරන්න අනුර දුන්න සහතිකය තමයි " තහඩුවක් ගැලවිලා ගියත් ලක්ෂ දහයක් දෙනවා " කියන එක.
ඒ වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරලා භාණ්ඩාගාරය පුරවලා තියනවා කියලා අනුර කිව්වා.ඊළඟට ටිල්වින් කිව්වේ මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැති හින්දා කවදාවත් නොදුන්න විදිහට විදේශීය ආධාර ගලාගෙන එනවා කියලයි.ඒ වගේම ටිල්වින් කිව්වා ඒ කිව්ව සහන පැකේජ් එක අනිවාර්යෙන්ම දෙනවා කියලා.ඒක නිසා විපක්ෂය ආණ්ඩුවට සල්ලි නෑ කිය කියා ඉන්නේ නැතිව කරන්න ඕනි අනුර දෙනවා කියපු සහන ටික ජනතාවට අරන් දීම වෙනුවෙන් සටන් කිරීමයි.
භාණ්ඩාගාරයත් පිරිලා නං,විදේශ රටවලින් ආධාර ගලාගෙන එනවා නම් මදි පාඩුව ජවිපෙ අරමුදලෙන් හරි දාලා එයාලා වැඩේ කරයි.ඒකට අවස්ථාව මාලීමා ආණ්ඩුවට සහ ජවිපෙට දෙන්න ඕනි.විපක්ෂය පැත්තෙන් හොයලා බලන්න ඕනි ඒ අධාර උපකාර ටික කලට වෙලාවට විපතට පත් ජනතාවට හම්බ වෙනවාද කියලයි.නැත්තං ඔය ටිකත් අර ජනතාව එකතු කරපු ආධාර ටික රතු තරුවෙන් මංකොල්ල කෑවා වගේ වෙන්න බැරි නෑ.මේ ආපදාව හමුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියන යෝජනාව රටේ රාළ අනුරට කළා.
එහෙමත් නැත්තං ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සක්‍රීය කරමු කියලා යෝජනා කළා.ආණ්ඩුව ඒ කිසිම දේකට සුදානම් නෑ.අඩුම ගානේ ආපදාව දැකලා රටේ හදිස්සි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න කියලා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත්,එජාප මන්ත්‍රී රවී කරුණානායක සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක්ම කරපු ඉල්ලීම සත පසකට ගණන් ගත්තේ නෑ.විපක්ෂ නායකයා විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්නද කියලා සජිත් ඇහුවම අනුර කිව්වේ Pls...සජිත් එපා කියලයි.
ඒ විතරක් නෙවෙයි නුවර ඉපදිලා,නුවර හැදිලා වැඩිලා,නුවර ඉස්කෝලේ ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගැන ලාල් කිව්වේ එයාලා නුවර ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ කියලයි.එනනදි ලාල් ළඟ හිටිය අර කොට මහත මන්ත්‍රී ඩයල් එක කිව්වේ අපි නිකං පව් හින්දා එයාලට එන්න දුන්නා වගේ කතාවක්.ආපදා කළමනාකරණ ගැන ජවිපෙන් අහගන්න,ඔයාලා ගිහින් පාරවල් සුද්ධ කරන්න කියලයි බිමල් පාර්ලිමේන්තුවේදී කියලා තිබුණේ. අපිට රතු තරුව තියනවා කියලත් බලගල්ල කිව්වා.
ආණ්ඩුව කිසි කෙනෙක් දෙන සහයක් ගන්න ලෑස්තිවුනේ නෑ.දැන් විපක්ෂය තියෙන්නේ මේ වැඩේට දායක වෙන්න තවදුරටත් පස්සෙන් යන එක නෙවෙයි.මේ ක්‍රියාවලිය ඇතුලේ විපක්ෂයේ කාර්යභාරය හරියට ඉෂ්ඨ කිරීමයි.ඒ කියන්නේ අනුර කියන සහන ටික විපතට පත් ජනතාවට අරන් දෙන්න,විපතට පත් ජනතාවගේ පැත්තේ ඉඳන් සටන් කරන එකයි.ඒ කාර්යය කරන රාජ්‍ය නිලධාරීන්ට එල්ලවෙන දේශපාලන බලපෑම් අවම කරන්න රාජ්‍ය නිලධාරින්ගේ පැත්තේ ඉඳන් සටන් කිරීමයි.
උද්දච්චකම ඔළුවට ගැහුවම සහයෝගයෙන් වැඩ කරන්න, අනෙකා දන්න දේ එකතු කරගන්න කැමති නෑ.ඒ වගේ අය ඇණගෙනම තමයි ඉගෙන ගන්නේ.අනුරලා මේ දක්වා ඇණ ගත්ත කිසිම ඇණ ගැනිල්ලකින් පාඩම් ඉගෙන නෑ.හැබැයි අනුරලා මේ පාර ඇණගෙන පාඩම් ඉගෙන ගන්නේ ගෙදර ගිහිල්ලා නෙවෙයි හිරේ ගිහිල්ලා.