අනුර කුමාර - ප්‍රේම කුමාර සටන සූදානම්

සාමාන්‍යයෙන් අපි ඕනි කෙනෙක් හීනෙන් බයවෙන අවස්ථා තියනවා.හැබැයි හැමදාම අපි හීනෙන් බය වෙන්නේ නෑ.ඒ අතරට සුභ සිහිනත් පේනවා.අපි ඉතිහාස කතාවල සහ ආගමික සාහිත්‍යය ඇතුලේ රජවරු දැකපූ හීන ගැනත් අහලා තියනවා.…
සාමාන්‍යයෙන් අපි ඕනි කෙනෙක් හීනෙන් බයවෙන අවස්ථා තියනවා.හැබැයි හැමදාම අපි හීනෙන් බය වෙන්නේ නෑ.ඒ අතරට සුභ සිහිනත් පේනවා.අපි ඉතිහාස කතාවල සහ ආගමික සාහිත්‍යය ඇතුලේ රජවරු දැකපූ හීන ගැනත් අහලා තියනවා. කොසොල් රජතුමා දැකපු හීනවල පලාපල කියලා දීලා තිබුණේ බුදු හාමුදුරුවෝ.මේ දවස්වල අපේ රජතුමාටත් සුභ සිහින නං පේන්නේ නැතිව ඇති.සුව පහසු විලා එකක සුව නින්දක හිටියත් පේනවා ඇත්තේ භයානක හීන වෙන්න ඕනි.
රටේ රාළට නිකං හිතෙනවා අනුරට මේ දවස්වල හීනෙනුත් නිතර පේන කෙනෙක් ඇති කියලා.සමහරවිට ඒ පුද්ගලයා හීනෙන් දැක්කම අනුර බයවෙලා ඇහැරෙනවත් ඇති.එහෙම කිව්වම ඔයාලට එකපාරට හිතෙයි ඒ විජේවීර වෙන්න ඇති කියලා.නෑ ඒ විජේවීර නෙවෙයි.මේ පුද්ගලයා තවමත් ජීවතුන් අතර ඉන්න කෙනෙක්.ඒ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රේම කුමාර ගුණරත්නම්. අනුරගේ ශිෂ්‍ය අංශයේදී හිටපු ඉහල සංවිධානයයා.දැන් පෙරටුගාමීන්ගේ නායකයා.දැන් ඔයාලට හිතෙයි ඇයි රටේ රාළ එකපාරට මෙතෙන්ට ප්‍රේම කුමාර ගුණරත්නම් කෙනෙක් ඇඳලා ගත්තේ කියලා.
අනූරගේ දේශපාලනයට වගේම ප්‍රේමකුමාර ගුණරත්නම්ගේ දේශපාලනයට රටේ රාළ එකඟ නෑ.ඒත් ඉතිහාසයේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ හිටිය සහෝදරවරු දෙන්නෙක් විදිහට එයාලා අපට සමීපව කටයුත කළා.අනුර ප්‍රසිද්ධ කරපු දේශපාලන මණ්ඩල සභිකයෙක් වගේම ප්‍රේම කුමාර එදා ප්‍රසිද්ධ නොකරපු දේශපාලන මණ්ඩල සභිකයෙක්.අනුරට වඩා ප්‍රේම කූමාර පහල සමාජිකයාට සමීප කෙනෙක්.ඊටත් වැඩිය පහලට සමීප අය ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුලේ හිටියා.
දැන්වීම
නන්දන ගුණතිලක,ජී කුලරත්න වගේ නම් ඒ අතරින් ප්‍රධානයි. කොහොම උනත් රටේ රාළ ප්‍රේම කුමාර සම්බන්ධ සාකච්ඡාව ගේන්නේ ඇතිවෙමින් තියන තත්වය යටතේ ප්‍රේම කුමාරට ඇතිවෙන්න පුළුවන් අනතුරක් ගැන ඉවක් රටේ රාළ දැනෙන හින්දයි.පෙරටුගාමීන් සහ ජවිපෙ කියන්නේ එකම කණ්ඩායමේ දෙකඩවීමක්.බලයට එනකම් ජවිපෙත්,ඒ වගේම පෙරටුගාමීන් තවමත් සමාජවාදය විශ්වාස කළා සහ කරනවා.ජවිපෙ දැන් සමාජවාදය විශ්වාස කරන්නේ නෑ.එයලා දැන් ලිබරල්වාදය සරණ ගිහින් වැරදි වැරදි හරි ඒ පාරේ යනවා.
සමාජවාදය විශ්වාස කරන ඕනි කෙනෙක් පිලිගන්නේ පන්ති සටන් ආකෘතිය.ඒ කියන්නේ පන්ති පදනමෙන් අරගල කිරීම.අර බිමල් එක්තරා කාලයක් අලි ගහන එකත් පන්ති ප්‍රශ්නයක් කිය කියා ගියේ එයාලා සමාජවාදය පිලිගන්න කාලේ.පන්ති සටන ඇතුලේ පෙරටුගාමීන් නිර්ධන පන්ති පදනමින් බලද්දී එයාලට ජවිපෙ කියන්නේ තවදුරටත් නිර්ධන පංන්තියේ පක්ෂයක් නෙවෙයි.ජවිපෙ නායකයන්ගේ පවුල් පසුබිම් කියන්නේ නිර්ධන පන්තික හැඩයක් හරි පහල මධ්‍යම පන්තිය හැඩයක් හරි බව ඇත්ත.
හැබැයි අද එයාලා සම්පුර්ණයෙන්ම තමන්ගේ නිර්ධන පංතික සම්භවය අමතක කරලා තියනවා.ඒක උපක්‍රමික වැඩපිලිවෙලක් නෙවෙයි.මූලධාර්මිකවම ජවිපෙ නිර්ධන පන්තිය සහ සමාජවාදය අතහැරලා ඉවරයි.අද එයාලා මෙහෙයවන්නේ ලිබරල් යාන්ත්‍රණයක් විසින්.එයාලගේ යාලුවෝ කියන්නේ ජාවාරම්කාරයෝ,ව්‍යාපාරිකයෝ.එයාලා මෙච්චර කල් නියෝජනය කරපු නිර්ධන පන්ති සංස්කෘතික අතෑරලා එයාලා නව ධනේෂ්වර සංස්කෘතිකට ගිහින්.ගොඩක් අය සල්ලාලයෝ වෙලා.එයලා දැන් පෙනී ඉන්නේ සුරාකන්නන් වෙනුවෙන්.
නිර්ධන පන්ති අර්ථයෙන් ගත්තොත් දැන් ජවිපෙ කියන්නේ නිර්ධන පන්තියේ පන්ති හතුරෙක්.මෙතනදී ජවිපෙ සහ පෙරටුගාමින් අතර ගැටුම උඩට එන්නේ ජවිපෙ වටේට තිබුණ නිර්ධන පන්තියේ බෆර් එක පෙරටුගාමීන් විසින් ටිකෙන් ටික ගලවා දමන නිසයි.ඇත්තටම ඒ බෆර් එක තමයි එදා මොදා තුර ජවිපෙට තිබුණ එකම රැකවරණය.අද ජවිපෙට රාජ්‍ය බලය තිබුණත් ධනේශ්වර රාජ්‍ය බලයේ මර්ධන උපකරණ වන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජවිපෙ අතේ තිබුණත් ඒවායින් ජවිපෙට සලසන්න පුළුවන් රැකවරණය තාවකාලිකයි.
දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මොකද්ද මේ බෆර් එක කියලා.ඒ බෆර් එක තමයි ජවිපෙ 3%නේ බෆර් එක.දැන් මේ බෆර් එක ජවිපෙ හැරයමින් ඉන්නවා.දැන් පෙරටුගාමීන් ජවිපෙ පිට කටුව ආක්‍රමණය කරමින් ඉන්නවා.ඒ හිල් තුලලින් ඇතුලට ගිහිනුත් තියනවා.දැන් ටිල්වින්ගේ වෛරස් ගාඩ් වැඩ කරන්නේ නෑ.ඔයාලට මේක තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත්,ඉස්සර දේශපාලන භූමියේ ප්‍රධාන හතුරෝ දෙන්නා උනේ එජාපයයි ශ්‍රීලනිපයයි.මේ පක්ෂ දෙක ගත්තොත් ගොඩක් දුරට එක හා සමානයි.බොරුවට වම සහ දකුණ කියලා පෙනී ඉන්නවා.ඉස්සර ඡන්ද කාලෙට මේ දෙගොල්ලෝ මරා ගන්නවා.
ඡන්ද කාලෙන් පස්සේ ආයෙත් සාමාන්‍යකරණය වෙනවා. නායකයෝ යාලු වෙනවා.එහෙම වෙන්නේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ බලය ගැනීමේ පදනම වෙන්නේ මහජන ඡන්දය හින්දයි.ඡන්ද කාලෙට මේ දෙගොල්ලොම සටන් කරන්නේ එකම ඡන්ද ගොඩකට.හැබැයි පන්ති සටන් ක්‍රියාවලිය ඇතුලේ ඒක එහෙම නෑ.එතන හැමදාම සටනක් තියනවා.එතන ඉන්නේ විප්ලවාදීන්,පන්ති සතුරෝ සහ ද්‍රෝහීන්.එතන තියෙන්නේ පන්ති සටනක්.පන්ති සටන ඇතුලේ තියෙන්නේ පන්ති වෛරය.
දැන් සටන ඇතිවෙලා තියෙන්නේ ජවිපෙ සහ පෙරටුගාමින් අතර එකම පන්ති බලවේගයක් දිනාගැනිම වෙනුවෙන්.දැන් ඔයාලට පේනවා ඇති ජවිපෙ පන්ති බලවේග සහ පන්ති සටන පෙරටුගාමීන් අතට මාරුවෙමින් තියනවා.එදා ධනපති ආණ්ඩු බිදවට්ටපු,රට අකර්මන්‍ය කරපු පන්ති සටන් ක්‍රියාවලියට නායකත්වය දුන්නේ ජවිපෙ.අද ජවිපෙ ආණ්ඩුවක් යටතේ ආණ්ඩුව බිඳ වට්ටන්න,රට අකර්මන්‍ය කරන පන්ති සටන් ක්‍රියාවලිය මෙහෙයවන්නේ පොරටුගැමින්.ජන අරගල ව්‍යාපාරය විදිහට පෙරටුගාමීන් ඒ සටන අතට ගනිමින් ඉන්නවා.
ඔයාලා දන්නවා ජවිපෙ විපක්ෂයේ ඉන්දැද්දී තිබුණ ආණ්ඩුවත් එක්ක සහ ඒ ආණ්ඩුවේ නායකයෝ එක්ක මොනතරම් වෛරයකින්ද ඒ සටන මෙහෙව්වේ කියලා.අද ජවිපෙ බලය අත්පත් කරගෙන ඉන්න වෙලාවක ඒ බලයට එරෙහිව සටන් කරන ව්‍යාපාරය එක්ක ජවිපෙට මොනතරම් වෛරයක් ඇතිද?සමහරවිට ඔයාලට ඕක හිතා ගන්න බෑ.මොකද ඔයාලා පන්ති සටන ගැන දන්නේ නෑ වගේම පන්ති වෛරය ගැන දන්නෙත් නෑ. දැන් ජවිපෙන් පන්ති බලවේග ගිලිහෙමින් යනවා.වෘත්තීය සමිති ව්‍යාපාරය දැන් ජවිපෙ අතේ නෑ.
ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙ අතේ නෑ.ගොවි ව්‍යාපාරය ජවිපෙ අතේ නෑ. මේවායේ බලය ක්‍රමයෙන් ඡන අරගල ව්‍යාපාරය අතට පත්වෙමින් තියනවා.ඒක නිසා ජවිපෙ සහ පෙරටුගාමීන්ට බේරගන්න තියන දේශපාලන ගනුදෙනුව ආයෙත් කරලියට එන එක වළක්වන්න බෑ. අනුර රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය අරගෙන සහ ප්‍රේම කුමාර පන්ති බලවේගත් අරගෙන සටනට එන දවස වැඩිය ඈතක නෑ.දැන් මේ තැනින් තැන සිද්ධ වෙන්නේ ඒ මහ සටනේ රියසල්.මෙතනදී පෙරටුගාමීන්ට තමන්ගේ නායකත්වය ආරක්ෂා කරගන්න උපරිම උත්සාහයක් දරන්න වෙනවා.
ඔයාලා දන්නවා ඉතිහාසයේ එක පාරක් ගෝඨාභය ආරක්ෂක ලේකම් විදිහට ඉන්දැද්දී කිව්වා අනුර දිගටම ප්‍රේම කූමාර අරන් රටින් පිටුවහලක් කරන්න කියන බලපෑම් කළා කියලා.එදා ප්‍රේම කුමාර පැහැරගෙන ගැනීම ඇතුලේ එයාගේ ජීවිතය රැකුනේ එයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වීම නිසයි.අද ඒ ජීවිත අවධානම ප්‍රේම කූමාරට එදාට වැඩිය තියනවා.මෙතනදදී පෙරටුගාමීන් පාවිච්චි කරන උපක්‍රමය ඉතාම පැහැදිලියි.එයාලත් අනතුර ගැන හිතන බව පේනවා.
එයාලා හදන්නේ පුළුවන් තරම් ජනතාව අතරට ගිහින් ජනතාව තුල රැඳෙමින් ආරක්ෂා වෙන්න.දේශපාලන වශයෙන් එකඟ නැති උනත් ප්‍රේම කුමාර ගුණරත්නම්ට අනතුරක් වෙනවට රටේ රාළ කැමති නෑ.ඒක නිසයි මේ කතාව ඔයාලගේ අවධානයට යොමු කරන්න තීරණය කළේ.