අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර කුමාර ජනපති වීමට නම් ඡන්ද පදනම සියයට 1482කින් වැඩි කර ගත යුතුයි

අනුර කුමාර ජනපති වීමට නම් ඡන්ද පදනම සියයට 1482කින් වැඩි කර ගත යුතුයි

සරළව කිව්වොත් මාළිමාව සිය ඡන්ද පදනම 14 ගුණයකින් වැඩි කර ගත යුතුයි ඉලක්කය ප්‍රායෝගික නැහැ-එමෙන්ම පහසු නැහැ 3% සිට 1482% දක්වා යන්නේ කෙසේ ද..? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි…

සරළව කිව්වොත් මාළිමාව සිය ඡන්ද පදනම 14 ගුණයකින් වැඩි කර ගත යුතුයි 

ඉලක්කය ප්‍රායෝගික නැහැ-එමෙන්ම පහසු නැහැ 
 

3% සිට 1482% දක්වා යන්නේ කෙසේ ද..? 
 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කර රටේ ජනාධිපති වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන එම පක්ෂයේ ඡන්ද පදනම 1,482.278481012658%කින් වැඩි කර ගත යුතුව ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වා දෙති.

නොඑසේ නම් ජාතික ජන බලවේගය සහ එහි ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්ද පදනම 14 ගුණයකින් (46.84÷3.16) වැඩි කර ගත යුතුව ඇති බව ද විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කියති. 

2019 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය 418,553ක් වන අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 3.16%ක් වන බව ද එම විශ්ව විද්‍යාල ප්‍රජාව පවසති.

දැන්වීම

ඒ අනුව 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමට නම් ඔහු සිය ඡන්ද පදනම 1,482.278481012658%කින් වැඩි කර ගත යුතු බව ද ඔවුහූ කියති. ඒ  50% - 3.16% =  46.84%යි. එම සංඛ්‍යාව එනම්, 46.84% ÷ 3.16% × 100 = 1,482.278481012658% වශයෙනි. 

2019 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 3.16%ක් වන තත්ත්වය හමුවේ එම ප්‍රතිශතය අවුරුදු 5ක් ඇතුළත දී 1,482.278481012658%ක් දක්වා වර්ධන කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණට,ජාතික ජන බලවේගයට සහ අනුර කුමාර දිසානායකට කිසිසේත් ප්‍රායෝගික සහ පහසු ඉලක්කයක් නොවන බව ද විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කර සිටිති.   
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අනුර කුමාර ජනපති වීමට නම් ඡන්ද පදනම සියයට 1482කින් වැඩි කර ගත යුතුයි | Lanka Newsweek