අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර කුමාරගේ කැනඩා සංචාරයේ දී දෙමළ ඩයස්පෝරාව සිදු කළ මැදිහත් වීම හෙළි වෙයි..?

අනුර කුමාරගේ කැනඩා සංචාරයේ දී දෙමළ ඩයස්පෝරාව සිදු කළ මැදිහත් වීම හෙළි වෙයි..?

දෙමළ ඩයස්පෝරාව කැනඩා ඩොලර් මිලියන 3ක් ප්‍රදානය කරලා ලු..! ජනපතිටත් තොරතුරු ආරංචි වෙලා උපන්දිනය දා කපටි නරියා දැමූ ජෝගි "රනිල්ගෙ පුත්තු" මඩ ලිපියට ගුටිබැට මුලින්ම එන්නෙ ජනපතිවරණය-නරියාගෙන් කපුටාට…

දෙමළ ඩයස්පෝරාව කැනඩා ඩොලර් මිලියන 3ක් ප්‍රදානය කරලා ලු..!

ජනපතිටත් තොරතුරු ආරංචි වෙලා 

උපන්දිනය දා කපටි නරියා දැමූ ජෝගි

"රනිල්ගෙ පුත්තු" මඩ ලිපියට ගුටිබැට

මුලින්ම එන්නෙ ජනපතිවරණය-නරියාගෙන් කපුටාට යළිත් වහෙන් ඔරෝවක්

"තාත්ත පාසල් හැදුවා-පුතා රෝහල් හදනවා"

පිනට කන-බොන-අඳින අය දරුවන්ට පිනට කන්න දෙන බවට මඩ ගැසීම

"මම CID ..? .හිටං කිව්වෙ මොනවද කියා මම දන්නෙ කොහොමද"

රාජපක්ෂලාට චමල්ගෙන් ඇඩ්වයිස්

කළුතර රත්තරංගේ බෙල්ලෙන් නාමල් කැඩූ මාලය

ජනපති e කොළම

අනුර කුමාරගේ කැනඩා සංචාරයේ දී දෙමළ ඩයස්පෝරාව සිදු කළ මැදිහත් වීම හෙළි වෙයි..?

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

උපන්දිනයට සක් පිඔලා අණ බෙර ගසා කන බොන පිරිස් ගෙන්වා කාලය හා සල්ලි පුච්චා ජෝගි නැටීම හෝ රට පුරා බැනර් එල්ලීම රනිල්ගේ ක්‍රමය නොවේ. නිවසේ සිට බිරිඳ මෛත්‍රී සමග සුබපැතුම් භුක්ති විදීම එකම උපන්දින සැමරුම විය.

තවද පෞද්ගලිකව පවත්වා ගෙන යන ළමා නිවාසවලට විශේෂ ආහාර පොත් හා ඇදුම් සැපයීම සිදු කෙරිණ. ඒ අතරේ සතියේ රට පුරා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඇමතුම් දීමේ වැඩක් ද සිදු විය.

දැන්වීම

සදුදා ඔහු නාරාහේන්පිට සුජාතා ප්‍රාථමිකයට ගියේ දරුවන්ට ආහාර දීමේ ජාතික කටයුත්ත ඇරඹීමටය. එම ව්‍යාපෘතිය ගැන එදින ජනපතිගේ දුරකතනයට සුභ පැතුම් 3500 ක් ලැබිණ. "අපේ පාසලේ දරුවන්ගේ 90% ක් දෙමව්පියන් කුලී කරන අයයි. කෑම හිග නිසා පාසැල් එන්නෙ නෑ. එන අය කුස ගිනි නිසා කලන්තෙ දානවා. සමහරු ගෙදරට වෙලා නිදා ගන්නවා.දැන් කෑම නිසා දරුවො පාසැල් ඒවි.ඒකට පිං" විදුහල්පති කෙනෙකුගේ පණිවිඩය එසේ විය.

"මේ සංවේදී මැසේජ් ගැන ක්‍රියා කළ යුතුයි" ජනපති කීවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත්ට ය. "පිනට කන බොන අදින පක්ෂයෙ අය පාසැල් දරුවන්ට පිනට කන්න දෙනවායි මඩ ගහන එක පුදුමයි" එහිදී කියවින.

කැබිනට් එකට පෙර දේශපාලන කැබිනට්ටුව රැස්විණ. මුලින් එන ඡන්දය ගැන එහිදීද කතා බහ විය. "IMF වැඩේ නිසා අගෝස්තු තෙක් ඡන්ද බෑ. ඒක මම කැබිනට් එකටත් කියනවා. ව්‍යවස්ථාව අනුව මුලින් නියමිත ඡනපතිවරණයයි" රනිල් කීය.

අකිල සරසවි ඇදුරන්ගේ හමුවක් සූදානම් කොට තිබිණ.ස්වාධීන පිරිසක් වූ ඔවුන් රනිල්ගේ දර්ශනය හදාරා ඊට ලැදි පිරිසක් බව පෙණින. "රට ගොඩ ගැනීම ඇරඹී ඇති නිසා අත්දැකීම් නැති අයට රට ගියොත් ආපහු වැටෙනවා. මිනිස්සු මේව තේරුම් ගන්න ඕනෑ" ඇදුරෝ කීවෝය. පසුදා ඩිජිටල් සමුළුවට ගිය රනිල් කෘතිම බුද්ධිය සදහා වන මධ්‍යස්ථානයක් ඇමෙරිකානු සමාගමක සහායෙන් පිහිටවීම ගැන ද කතා කළේය.

ගෙවුණ සතිය රනිල් හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයේ ජයග්‍රාහී වකවානුවක් විය. උතුරේ හා දකුණේ රෝහල් 03 ක් ඇරිණ. පේදුරුතුඩුව, රාගම අක්මා රෝහල හා ආසියාවේ විශාලම ගාල්ල මාතෘ රෝහල ඒවාය. "තාත්ත පාසැල් හැදුවා. පුතා රෝහල් හදනවා" රනිල් වෛද්‍ය රමේෂ්ට සෙටිපිකට් දුන්නේ ය.

සුනාමි එන විට ගාල්ලේ හෝටලයක සිටි හිටපු ජර්මන් නායක හෙල්මුට් කෝල් විපත දැක මෙම රෝහල ගාල්ලට දුන් ත්‍යාගයකි. ඊට ලැබුණු මුදල් පවා හොර පාරේ ගොස් වැඩ ඇණහිට තිබිණ. ජර්මනිය යළිත් මුදල් ලබාදී වැඩ නිම කළේ සුනාමියෙන් වසර 18 කට පසුවය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී දරුවන් යොමු කළ ප්‍රශ්නවලින් පසුව නිලධාරියෙකු කීවේ අපූරු කතාවකි. "සර්, පාර්ලිමේන්තුවෙ අහන ඒවට වඩා ළමයි බුද්ධිමත් ප්‍රශ්න ඇහුව නේද" කියාය. "අපේ  Z ජෙනරේෂන් එක ගැන බය වෙන්න දෙයක් නෑ" ජනපති කීවේ සමන් ඒකනායකට ය. "මම මතු කළේ ජවිපෙ අහන ප්‍රශ්නයි. ඒත් මේ ළමයි දුන්නෙ ජවිපෙ දෙන උත්තර නෙවෙයි" කපටි නරියා කීවේ කොක්හඩලමිනි.

භූතානය පැරදූ පාපන්දු පිළ ජනපති හමුවූ අතර ඔහුට වෙන් කළ ජර්සියක් තිළිණ කළහ. ඉන්දු-ලංකා එකගතා  ගැන සාකච්ඡාවකට ඉන්දියා ගිය සාගල හා පිරිස එහි ප්‍රගතිය වාර්තා කළෝය. කපුටා හා නරියාගේ හමුව එහි සිටි පිරිස් රටට ලීක් කොට තිබිණ.

"දේශපාලන වාසිවලට වඩා රටේ ප්‍රගතිය ගැන හිතලා තීන්දු ගනිමු" අන්තිමට නරියා කපුටාට එහිදී කී හූව එය විය. "පොහොට්ටු ජාතික සංවිධායකකම රෝහිත අබේගුණවර්ධනට දෙන්න ඉදල කාන්තා බලපෑම නිසා නාමල්ට දීල ලු" මනූෂ ජනපතිට කීවේ මුදල් අමාත්‍යාංශයේදීය.

"බැසිල් අයින් වුණාම රාජපක්ෂ පවුල හමු වෙලා. අපට විරුද්ධ මත සජබ ජවිපෙ පතුරන නිසා අපෙන් පිට අයට ඉහළ තනතුරු දෙමු කියල චමල් යෝජනා කරලා" මහාචාර්ය ආශු කීවේය. "රෝහිත හා ප්‍රසන්නගෙ නමත් යෝජනා වුණාලු.ආණ්ඩුවේ සංවිධායක නිසා ප්‍රසන්න එපා කිව්වලු. ඒත් නාමල්ට දුන්නම ෂොක්. චමල් වගෙම බැසිලුත් කලකිරිලලු" එහිදී කියවින. "නාමල්ගෙ පත්වීම ගැන පොහොට්ටු මයික් ටයිසන්ලත් දැගලුවේ නෑ" අයෙක් කීවේ සිනාමැදය.

"රනිල් පුත්තු කියල මඩ ලිපියක් ලියපු කෙනාට ඇමති කාංචන ගහලා.දැන් පක්ෂෙයි පවුලයි දෙකම අවුල්. අපි බැලන්ස් එකේ එගොඩට පීනමු" ආශු කී විට පිරිස සිනාසුන ද කපටි නරියා නළල රැළි ගැන්වූවා පමණය.

"මාළිමාවෙ කැනඩා ට්‍රිප්එක පිටුපස දෙමළ ඩයස්පෝරාවත් ඉදලලු. එයාල කැනඩා ඩොලර් මිලියන 03ක් දුන්න කියලත් කියනවා. සාධාරණ දෙමළ අරගලයට කැනඩාව දීපු සහායට අනුර ස්තුති කළේ ඩයස්පෝරාව සතුටු  කරන්න වෙන්නැති.  රැස්වීමට ගිය අයත් දැන් හෙණ අවුල් වෙලා කියල ආරංචියි" එහිදී කියවින.

"හිටං, පාස්කු ප්‍රහාරය ගැන මොනව කියලද දන්නෙ නෑ නේද" ඒ පැනයට ද නරියාගෙන් "හූම්" නැත. "මම CID එකේ වැඩ නෑ" කී ඔහු ඉවත බලා ගත්තේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
අනුර කුමාරගේ කැනඩා සංචාරයේ දී දෙමළ ඩයස්පෝරාව සිදු කළ මැදිහත් වීම හෙළි වෙයි..? | Lanka Newsweek