අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර කියන ආණ්ඩුවේ සුන්බුන්

අනුර කියන ආණ්ඩුවේ සුන්බුන්

පහුගිය 12වෙනිදා තිබුණ තරුණ සමුළුවේදී ජනාධිපති අනුර ඉතා පැහැදිලිව කිව්වේ මේ ආණ්ඩුව කියන්නේ සුන්බුන් ගොඩක එකතුවක් කියලා.ඔය කතාව වෙන කවුරු හරි කිව්වා නං ජෙප්පෝ ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා.දැන් රටේ රාළ…

පහුගිය 12වෙනිදා තිබුණ තරුණ සමුළුවේදී ජනාධිපති අනුර ඉතා පැහැදිලිව කිව්වේ මේ ආණ්ඩුව කියන්නේ සුන්බුන් ගොඩක එකතුවක් කියලා.ඔය කතාව වෙන කවුරු හරි කිව්වා නං ජෙප්පෝ ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා.දැන් රටේ රාළ මුලින් කියපු කතා ඇස්පනා පිට රඟදැක්වෙන්න පටන් අරන්.ඒත් ඉතින් මේවා අතර වෙනස තේරුම් ගන්න බැරි අසරණ ජෙප්පෝ ටිකක් තවමත් අපට කුණුහරුපෙන් බනිනවා.

ඇත්තටම එයාලා කියන්නේ ප්‍රේම් එකෙන් එහාට හිතන්න බැරි ගිරා පෝතක කණ්ඩායමක්.එයාලට සීතිමට තියන හැම අවස්ථාවක්ම ජවිපෙ සංවිධාන ක්‍රියාවලිය විසින් අහිමි කරනවා. ජවිපෙට ප්‍රශ්නයක් එන හැම වෙලාවකදීම ජවිපෙ පිටතින් බිල්ලෙක් මවලා පෙන්නනවා.එතකොට ජවිපෙට සාමාජිකයා ඒ මවපු බිල්ලා එක්ක හැපෙනවා.හැබැයි එයාලට කවදාවත් ජවිපෙ ඇතුලේ ඉන්න බිල්ලෝ පේන්නේ නෑ.ඇත්තටම අනුරටත් දැන් ජවිපෙ සාමාජිකයට අත්වුන ඉරණමම අත්වෙලා.

අනුරටත් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ.

දැන්වීම

එක පාරක් අනූර ආණ්ඩුව ගැන කිව්වේ වෙන පක්ෂවල පාපිසිවලටවත් ගන්නේ නැති අයට ජවිපෙන් අවස්ථාව දුන්නා කියලයි.ඒක කෙලින්ම හරිනි,නිහාල් අබේසිංහ ඇතුළු මාලිමා පාර්ශවය ඉලක්ක කරලා කියපු කතාවක්.දැන් ඒ අනුරම කියනවා මාලිමා ආණ්ඩුව කියන්නේ සුන්බුන් ගොඩක එකතුවක් කියලා. අනුර මිට කලින් ඔය සුන්බුන් කතාව කිව්වේ පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න යද්දී.අනූර කිව්වේ විපක්ෂය සුන්බුන් එකතු කරලා පලාත් පාලන ආයතනවල බලය පිහිවන්න හදනවා කියලයි.

සුන්බුන් එකතු කරලා පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න දෙන්නේ නෑ,කවදා හරි බලය පිහිටවන දවසේ පිහිටවන්නේ අපි කියලයි අනුර කිව්වේ.හැබැයි ගිය දොලොස්වෙනිදා කතාවෙන් අනුර කිව්වේ එයත් ආණ්ඩුව පිහිටවලා තියෙන්නේ සුන්බුන් ගොඩක් එකතු කරගෙන කියලයි. එතකොට මොනවද අනුර කියන මේ සුන්බුන්.මාලිමාව සහ ජවිපෙ කියලා ගොඩවල් දෙකක් තියනවා.ඒ ගොඩවල් දෙක එකතුවෙලා තමයි ආණ්ඩුව හැදිලා තියෙන්නේ.ගොඩවල් දෙකක් එකතුවෙලා හැදෙන සංවිධානයකට සාමාන්‍යයෙන් සුන්බුන් ගොඩක එකතුවක් කියලා කියන්නේ නෑ.

මාලිමා ආණ්ඩුවේ සංයුතිය සලකද්දී මාලිමා මන්ත්‍රීවරු ගාණන සීයකට වැඩී.ජවිපෙ මන්ත්‍රීලා ගණන පනස් පහකට අඩුයි. එතකොට ඒ දෙකටම සුන්බුන් කියන්න බෑ.ආණ්ඩුව ගත්තම ඒ කොටස් දෙකට අමතරව ජනාධිපතිත් එතෙන්ට එකතු වෙනවා. කොහොමත් අනුර තමන්ට සුන්බුන් ගොඩක් කියලා කියාගන්න එකක් නෑ.එතකොට අනුර කාටද මේ සුන්බුන් කියන්නේ.ඊට අමතරව මේ ආණ්ඩුව යන ගමනට බලපෑම් කරන ටිල්වින් ප්‍රමුඛ පැලවත්තේ කණ්ඩායම ඉන්නවා.

ඒකත් ජවිපෙ කොටසක් උනාට ඒක වෙනම ඒකකයක් විදිහට ගන්න පුළුවන්.ජවිපෙ නියෝජනය කරන මන්ත්‍රීලා 52 ක කියන්නේ මහජන නියෝජිතයෝ.හැබැයි පැලවත්තේ ඉන්නේ රටට වගකියන අය නෙවෙයි.අඩුම ගානේ රට දන්න අයවත් නෙවෙයි.එයාලා වගකියන්නේ ජවිපෙට.පැලවත්තේ සෙට් එකෙන් ඔයාලා දන්නේ ටිල්වින් විතරයි.ටිල්වින්ගේ දේශපාලන යමපල්ලන් එක්කෙනෙක්වත් ඔයාලා දන්නේ නෑ.එතන තියෙන්නෙත් සුන්බුන් ගොඩක් වෙන්න බෑ.එතන තියෙන්නේ ශක්තිමත් අර්ධ මිල්ටරි පාලනයක් සහිත යුනිට් එකක් කියලයි හිතෙන්නේ.

පැලවත්තට අනුබද්ධ තව කල්ලි තියනවා.සාමාන්‍යයෙන් පැලවත්ත යුනිට් එක කියන්නේ දේශපාලනයේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් වගේ එකක්.එයලා අපරාධ කරන්නේ කප්පන් ගන්න,කොන්ත්‍රාත් ගන්න නෙවෙයි.එයාලා බලය වෙනුවෙන් දේශපාලන අපරාධ කරන කණ්ඩායමක්.එතකොට දැන්ට ආණ්ඩුව කියන්නේ මේ නිල සහ නිල නොලත් කණ්‌ඩායම්වල එකතුවක්.දැන් තියන ප්‍රශ්නය අනුර කියන සුන්බුන් ගොඩ මේ ටිකටද?නෑ එහෙම වෙන්න බෑ.අනුර කියන කතාවෙන් රටේ රාළ ඉතිහාසයේ කියපු තවත් කතාව ඔප්පු වෙනවා.

රටේ රාළ මීට කලින් මාලිමාව බෙදිලා තියන විදිහ කිව්වා.එකේ ජවිපෙ සහ මාලිමාව කියන බේදීමට අමතරව තවත් බෙදුම් තියනවා.ඒ කියන්නේ ජවිපෙත් තවදුරටත් බෙදිලා.මාලිමාවත් තවදුරටත් බෙදිලා.ජවිපෙ කියන්නේ තවදුරටත් එක ව්‍යුහයක් නෙවෙයි.මාලිමාව කියන්නේත් එක ව්‍යුහයක් නෙවෙයි,පැලවත්ත කියන්නෙත් තනි ව්‍යුහයක් නෙවෙයි.අවාසනාව කියන්නේ ඔයාලා පත්කරගත්ත ජනාධිපති අනූර කියන්නෙත් ඔයාලා පත්කරගත්ත අනුර කුමාර නෙවෙයි.ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන අනුර එකෙනෙක් දැන් එතන නෑ.

දැන් එතන ඉන්නේ ලස්සන නෝනා,මහත්තුරුන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරන අනුර කෙනෙක්.ජවිපෙ කියන්නේ දැන් පැහැදිලිවම සුන්බුන් ගොඩක්.එක්තරා කාලයක් සමාජවාදය වෙනුවෙන් එකට පොරබදපූ කණ්ඩායමක් දැන් ඇමති මස්කටු වෙනුවෙන් පොරකනවා.අගමැති සිහින,ඇමති සිහින විතරක් නෙවෙයි අනාගතය ජනානිපති සිහින වෙනුවෙන් එකිනෙකාගේ බෙල්ල කපා ගන්නවා.පැලවත්තත් එහෙමයි.පැලවත්ත දැන් සම්පුර්ණයෙන්ම ටිල්වින්ට කොන්ට්‍රෝල් එකේ නෑ.මාලිමාවත් එහෙමයි.

මාලිමා පාර්ශවයේ අය ජවිපෙ වගේ වෛරය නියෝජනය කරනවා කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි මාලිමා පාර්ශවය ඇතුලෙත් hidden agendas ගොඩක් තියනවා.ඒ අතර පෞද්ගලික වගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර ගොඩක් තියනවා.මෙන්න මේ බාහිර මෙහෙයුම් අතර ගැටුම විසින් තමයි මාලිමාව සුන්බුන් ගොඩක එකතුවක් කරන්නේ.ඒක නිසා දැන් මේක අනුරට මෙහෙයවන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි.අනුරට රටේ ආර්ථික හසුරවන්න බෑ වගේම අනූරට තමන්ගේ ආණ්ඩුව මෙහෙයවන්නත් බෑ.දවසින් දවස අනුරගෙන් ඒ හැකියාව ගිලිහෙමින් තියනවා.අන්තිමට අනුරට කිසි දෙයක් ඉතිරි වෙන්නේ.

මෙහෙම ගියොත් අනුරට කයිය ගහන්න කටක්වත් ඉතිරි වෙන්නේ නෑ.අනුරට ඉතිරි වෙන්නේ " මගේ ආණ්ඩුව සුන්බුන් ගොඩක එකතුවක් " වගේ ශෝක ප්‍රකාශ කියන කටක් විතරයි. මොන දේශපාලන විවේචන තිබුණත් අනුරට ඒ තත්වය උරුම වෙනවා දකින්න රටේ රාළ කැමති නෑ.ඒකයි රටේ රාළ කියන්නේ මේ ඉතිරි කාලය පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු කරගත්ත සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න කියලා.

අනූරට මේ යුද්ධය මේ ළමා සොල්දාදුවෝ එක්ක කරන්න බෑ.අනුර සුන්බුන් ගොඩක් එකතු කරලා හදපු මේ ආණ්ඩුවත් එක්ක නම් තවදුරටත් ඉස්සරහට යන්න තීරණය කරන්නේ අනුර අපේ රටත් සුන්බුන් ගොඩක් බවට කරනවා.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න