අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර කබ්බෝ ෆෝම් කරයි - කබ්බෝ අනුර ෆෝම් කරයි

අනුර කබ්බෝ ෆෝම් කරයි - කබ්බෝ අනුර ෆෝම් කරයි

මාලිමා ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් සූරියකන්ද පොලිසියේ පොලිස් සහයකයෙකුට පහර දීලා.හේතුව ශාන්තගේ බිරිඳගේ පියාගේ වත්තක ගංජා පැල සොයාගැනීම.පොලිසිය…

මාලිමා ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් සූරියකන්ද පොලිසියේ පොලිස් සහයකයෙකුට පහර දීලා.හේතුව ශාන්තගේ බිරිඳගේ පියාගේ වත්තක ගංජා පැල සොයාගැනීම.පොලිසිය පැත්තෙන් වගේම ශාන්තත් පාර්ලිමේන්තුවේදී ඒ ගැන කරුණු කිව්වා.ගංජා කේෂ් එකට අත්අඩංගුවට ගත්ත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරලා ඇපත් දීලා ඉවරයි.

දැන් ඔය වගේ සිද්ධි මේ රටේ සාමාන්‍ය දේවල්.

මේ වෙනකොට මාලිමාවේ කීදෙනෙක් නං අයිස් සහ හෙරොයින් එක්ක අහුවෙලා තියනවද?මේ කාලය ඇතුලත සජබ,එජාප, පොහොට්ටු,ශ්‍රීලනිප,සර්වජන බලය ඇතුලු බහුතරයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ අයත් ඔය වගේ සිද්ධිවලට මාට්ටුවෙලා තියනවා.හැබැයි ඒ කිසිම එකකදී ඒ එක පක්ෂයකවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ විදිහට මඟ රැකලා හිටලා මෙහෙයුම කරපු පොලිස් නිලධාරියෙකුට පහර දීලා නෑ.

දැන්වීම

මාලිමා ආණ්ඩුවේ ගොබ්බ සේනලා ඒ වැඩෙත් කළා.

ශාන්ත කියන විදිහට ඒ පොලිස් සහයකයා ශාන්තගේ වාහනය නවත්තලා,ඩ්‍රයිවර්ට වීදුරුව පාත් කරන්න කියලා පාට් එකක් දාලා,ඇතුලේ ඉන්න ශාන්තගෙන් ගේමත් ඉල්ලලා.පස්සේ කට්ටිය ඉන්නවා දැකලා බයිසිකලෙත් දාලා දුවලා.දැන් ඩෝබිලා ශාන්තයා බෝධිසත්වයෙක් කරලා ගුටිකාපු පොලිස් සහයකයා මාර පුත්‍රයෙක් කරලා අපිට ඒක පිලිගන්න කියනවා.මේ පොලීසියේ පොලිස්පතිට තමන්ගේ අසාධාරණයට ලක්වුන නිළධාරියා වෙනුවෙන් පෙනී ඉන්න කොන්දක් නෑ.ඒකනේ ශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ.

නැත්තං ශාන්තව දැන් අත්අඩංගුවට අරන් තියෙන්න ඕනි. අවසානයේ වෙන්නේ ඔය පොලිස් සහයකයා වැරදිකාරයා කරලා තවත් ඈත පලාතකට මාරු කරන එක විතරයි.ශාන්තලා කවුද කියලා අමුතුවෙන් රටේ රාළට උගන්නන්න දෙයක් නෑ.රටේ රාළ ඡවිපෙන් අයින් වෙනකන් රත්නපුර දිස්ත්‍රික් කම්කරු සංගමය තිබුණේ රටේ රාළ යටතේ.දැන් ඔය ඇඹිලිපිටියේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නා ( ශාන්ත සහ උපුල්) හිටිය කමිටුව කැඳෙව්වේ රටේ රාළ.ශාන්තයා හැමදාම වගේ සංවිධානය කට් කරනවා.

බැරිම තැන දවසක් සංවිධානය කැඳවන දවසට ඉස්සෙල්ලා දවසේ රටේ රාළ ගිහින් ශාන්තගේ ගෙදර නැවතුණා.එදා රටේ රාළ ශාන්තගේ ගෙදරට එක්කරගෙන ගියේ ජවිපෙ හිටපු පලාත් සභා මන්ත්‍රී සරත් කූමාර.එහෙමයි ඔය යකා සංවිධානයට ඇඳගෙන එන්නේ.අද ඔය චණ්ඩි එදා පක්ෂ සංවිධානයට ඇඳගෙන ආවේ බල්ලෝ නාවන්න අරගෙන යනවා වගේ.ශාන්තලා කියන්නේ වැඩ කරපු මිනිස්සු නෙවෙයි,අනුන් කරපු වැඩවලින් ලකුණු දාගත්ත කයිවාරු ඡෙප්පෝ.ඒ ශාන්තලා තමයි දැන් නීතිය අතට අරන් තියෙන්නේ.

නිකං හිතන්නකෝ උසාවියෙන් ඇප දීලා,නඩුවේ කොතැනකවත් ශාන්තගේ නමක් සදහන්වෙලා නැති තත්වයක් යටතේ ඒ වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකුට ගහන්න තරම් වෛරයක් තියනවා නම්.

අනුර,ටිල්වින් ඇතුළු සමස්ථ ජවිපෙ විවේචනය කරන රටේ රාළලා එක්ක කොහොම වෛරයක් ජෙප්පන්ට ඇද්ද?ජෙප්පන්ගේ වෛරයට හෙට ඔයාලත් ලක්වෙන්න පුළුවන් නෙවෙයි අනිවාර්යෙන්ම ලක්වෙනවා,ඒකයි රටේ රාළ කියන්නේ මේ දුෂ්ඨ ෆැසිස්ට් ගමන නතර කරන්න ඕනි කියලා.මෙහෙම ගියොත් ඔයාලට වෙන්නේ ගමේ ජෙප්පෝ කියන විදිහට ජීවත් වෙන්න. අපේ නිදහස ජෙප්පන්ගේ කැමැත්ත,අකමැත්ත මත තීරණය වෙනවා.දැන් ආණ්ඩුවටත් 2026 අර්බුදය පේනවා.එයාලාට එන අර්බුදය නවත්තන්න බැරි උනාට එන්න නියමිත ජනතා නැගිටීම නවත්තන්න ඕනි.දැන්ම ඉඳන් ඒකට Try කරනවා.

ඒ අනතුරු ඇඟවීම් තමයි ඔය හැමතැනින්ම මතු වෙන්නේ. ආණ්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන මුවාවෙන් ඊටත් වැඩිය භයානක පනතක් ගේන්න ලෑස්ති වෙනවා. රටේ රාළලා වගේ ආණ්ඩු විරෝධීන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවශ්‍ය නීති අණ පනත් සකස්වෙමින් ඉන්නවා.මේ කරන්න හදන්නේ ආයෙත් වධකාගාර පවත්වාගෙන යන තැනට රටේ නීතිය නමාගන්න.බටලන්ද වගේ වධකාගාර රට පුරා නිර්මාණය කරන්න.

මේ තත්වය වලක්වන්න ඕනි.

මේ තත්වය වලක්වන්න ලොකු මැදිහත්වීමක් කරන්න ඕනි.ඒ මැදිහත්වීම කරන්න ඕනි අපේ රටේ ජනතාව.එහෙම නැතිව එක්සත් ජාතීන් හරි ජිනීවා මානව හිමිකම් කොමිසම හරි එනකම් බලා හිටියොත් අපිට වරදිනවා.ඒවායේ සහය ගන්නත් රට ඇතුලේ ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් තියෙන්න ඕනි.මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න ඕනි තරම් සාධාරණ හේතු තියනවා.පොදු එකඟතාවලට එන්න ඕනි තරම් කාරණා තියනවා. හැම සමාජ ස්ථරයකටම ආණ්ඩුවේ අත්තනෝමතික මුර්ග ප්‍රහාරය එල්ලවෙලා.

හැම ආයතනයක්ම පිඩාවට පත්වෙලා,මාලිමාවට රෙදී නැතිව කඩේ යන පොලීසියටත් මෙහෙම නම් අනිත් ආයතන ගැන කවර කතාද?රටේ රාළලා ගැන කවර කතාද?කොහොම උනත් රටේ රාළ මේ උත්සාහය අතාරින්නේ නෑ.මොකද හරි දෙයක් කරන්න උත්සාහ කරලා වැඩේ හරි ගියා හෝ වැරදුනා කියලා උත්සහ කිරීම වරදක් නෙවෙයි,කවදා හරි දවසක ඔයාලා මෙහෙම නිහඩව හිටලා මේ රටේ ජනතාවගේ නිදහස අහිමිවුන දවසට, පැලවත්තෙන් පොල්පොට් කෙනෙක් බිහිවුන දවසට,අපේ දරුවෝ අපෙන් අහයි උඹලා අපට ඉතුරු කළේ මෙහෙම රටක්ද කියලා.

හැබැයි මේක වෙනස් කරන්න උත්සහ කරලා තිබුණොත් ඒ ප්‍රශ්නය අහන අපේ පොඩි එකාට අඩුම ගානේ අපට දෙන්න උත්තරයක් හරි තියෙයි,ඔව් අපිට බැරිවුනා තමයි ඒත් අපි උත්සහ කළා කියලා.අඩුම ගානේ ඒ උත්සාහය දරපු අයෙක් විදිහට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අන්තිමට හුස්ම ටික හරි පිටකරන්න පුළුවන්.ඒක නිසා රටේ රාළ නං උත්සාහය කීයටවත් අතාරින්නේ නෑ.අන්තිම හුස්ම පොද දක්වාම උත්සහ කරනවා, සටන් කරනවා.

ඒ උත්සාහය දරන ඕනිම කෙනෙකුට මේ රටේ ජනතාව විශ්වාස කරන්න වෙනවා.

රටේ රාළ තවමත් විශ්වාස කරනවා අපේ රටේ ජනතාව මේ සටනට එකතු වෙයි කියලා.අපිට සාධාරණය,යුක්තිය,නිදහස පවතින ආණ්ඩුවෙන්,පවතින නීතියෙන් ඉෂ්ඨ වෙන්නේ නැතිනම් ඒවා ඉල්ලලා සටන් කරන්න අපිට පූර්ණ අයිතියක් තියනවා,පාරට බැහැලා ගනුදෙනුව බේර ගන්නවා හැර වෙන උත්තරයක් එතකොට අපට නෑ.හැබැයි ජනතාව පාරට එන්න ඕනි ජවිපෙ වගේ රාජ්‍ය දේපල විනාශ කරන්න නෙවෙයි,ඒවට ගිනි තියන්නත් නෙවෙයි.මිනිස්සු මරන්න නෙවෙයි.මහජන බලය ඉදිරියේ මේ ෆැසිස්ට් ගමන නතර කරන්න.

ඒකට එකතු වෙන්න ඕනි කණ්ඩායම් කිපයක් ඉන්නවා.පළවෙනි එක ආගමික සංස්ථාව.විශේෂයෙන්ම ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා විදිහට හදුන්වන ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂු සමාජය. අද බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ සමාජය ඇතුලේ පීඩාවට ලක්වුන කොටසක් බවට පත්වෙලා.නිරාගමිකයන් සුදු රෙදි පෙරවගෙන පන්සලට රිංගලා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරනවා.මේ විනාශය ඉස්සරහා බවුන් වඩ වඩා නිවන් පතන්න බෞද්ධ භික්ෂුවකට පුළුවන්ද?

ඒ වගේම දේශපාලන පක්ෂ මේ සටනට එන්න ඕනි.විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

රටේ රාළ සජිත්ට කියන්නේ ඔය හොරගල් අහුලන වැඩේ 2026ට නං තියාගන්න එපා කියලයි.ඇරස්ට් කරනවා....කියන වචනයට පවා බය.ඒක කියපු ගමන් යටත් වෙන කුමාර සැප විඳපු කුමාරයෝ නං මේ සටනට වැඩක් නෑ.අපි කිසිම විපක්ෂ දේශපාලන පක්ෂයක් එක්ක තරහා නෑ.2026 සටනට දේශපාලන පක්‍ෂ සියල්ල එකතු වෙන්න ඕනි.හැබැයි මේ සටනේ ලොකුම වගකීම තියෙන්නේ දේශපාලන පක්ෂවලට නෙවෙයි.මේ සටනේ ලොකුම වගකීම තියෙන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට.සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක මතවාදී පෙරමුණකට ගේන්න ඕනි.ඊට උත්සාහයක් දරන කීපදෙනෙක් හරි ඉන්න එක සතුටක්.

ඒ වගේම අපේ රටේ ජනතාව,ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් බලවේග විදිහට ජනතාව පෙරට එන්න ඕනි.

මේ කියපු කිසිකෙනෙකුට මේ වගකීමෙන් මිදෙන්න බෑ.මේ සියලු දෙනා එකතු කරගත් පෙරමුණ හතරක සටනක් ඕනි.ඒ පෙරමුණු හතර අවසන් සටන වෙනුවෙන් ඒකාබද්ධ කරන්න ඕනි.2026 ආරම්භයත් එක්ක අපි ඒ සටනට මුල පුරනවා.ලෝකය වටේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ඒ සටනට සහය දෙන්න කියලා රටේ රාළ ආයාචනා කරනවා.ඇත්තටම දැන් ඉවසුවා හොඳටම ඇති.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න