අනුරාධපුර-පාදෙණිය මාර්ගයේ මාරක රිය අනතුරක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී ඊයේ (17) සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක…
අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී ඊයේ (17) සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ.
පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුලත් කරන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වය අවුරුදු 28 හා 32 හැවිරිදි තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුයි.මොවුන් දෙදෙනා අබන්පොල සහ ඇල්පිටියේ පදිංචි කරුවන්ය.
මේ වන විට අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1