අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුරගේ බොරු නැවත කරළියට

අනුරගේ බොරු නැවත කරළියට

ජනාධිපති අනුර ගිය 29වෙනිදා පලාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු දකුණු පලාතෙන් පටන් ගත්තා.අනුර මේ රැලි මාලාවට සහභාගී වෙන්න ඉස්සෙල්ලා ටිල්වින් සහ අනෙකුත් පක්ෂ නායකයන් දිස්ත්‍රික් මට්ටමෙන් අපේක්ෂක සහ…


ජනාධිපති අනුර ගිය 29වෙනිදා පලාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු දකුණු පලාතෙන් පටන් ගත්තා.අනුර මේ රැලි මාලාවට සහභාගී වෙන්න ඉස්සෙල්ලා ටිල්වින් සහ අනෙකුත් පක්ෂ නායකයන් දිස්ත්‍රික් මට්ටමෙන් අපේක්ෂක සහ ක්‍රියාකාරී සාකච්ඡා වට පැවැත්වුවා.මැතිවරණ ව්‍යාපාරයේ ඉන්න අනිත් දේශපාලන පක්ෂ එක්ක සන්සන්දනය කරද්දී මාලිමාව පැත්තෙන් මැතිවරණ ක්‍රියාවලියේ පළමු පිම්ම සාර්ථකව තියලා තියනවා.

මේ මැතිවරණයේ සංව්ධාන දැල රට පුරා එලාගන්න ජවිපෙ සමත්වෙලා තියනවා.දැන් එයාලා ඉන්නේ ප්‍රචාරක ක්‍රියාවලියේ.ප්‍රචාරක ක්‍රියාවලියේ මුලදීම අනුරව use කරන්න පටන් අරන්.අනුර ඇවිත් ජනතාවගෙන් ඉල්ලන්නේ ගම ගහන්න ගමේ බලයත් මාලිමාවට දෙන්න කියලයි. අනුර කියන්නේ ජනාධිපතිධූරය සහ ආණ්ඩුව හොරුන්ගෙන් ගලවාගත්තා වගේ ප්‍රාදේශීය සභාවත් හොරුන්ගෙන් ගලවා ගමු කියලයි.

මහ හොරු විතරක් නෙවෙයි පොඩි හොරුත් පන්නමු කියලා අනුර යෝජනා කරනවා.අනුරගේ කතාව සාවධානව ඇහූවොත් අනුර කරන්නේ පරණ බොරු සියල්ල නැවත වටයකින් අලුත් කිරීමක් බව පේනවා.අනුර ඒක කරන්නේ ඉතා සියුම් විදිහට,පරණ බොරුවලට අලුත් කෑලි එකතු කරමින්.අනුරගේ කතාව කියන්නේ පරණ බොරුවේම තවත් දිගුවක්.උදාහරණයක් විදිහට අනුර කියන්නේ ඉදිරියේදී මහා පරිමාණ ආයෝජකයෝ රටට ගේනවා කියලා.

දැන්වීම

අනුර එතනදී ලොකු බරක් බල ශක්තිය ක්ෂේත්‍රයට තියනවා.විදුලි බිල දැනට වැඩි උනත් ඉදිරි අවුරුදු තූන ඇතුලත මේ කලාපයේ විදුලි බිල අඩුම රට බවට අපේ රට පත්කරනවා කියනවා.අනුර විදුලි බිල අඩු කිරීමේ කතාව ගේන්නේ ජනාධිපතිවරණයටත් එහා ඉඳන්.තෙල් මිල අඩු කිරීමත් එහෙමයි.අනුර බලයට ආපු ගමන් පැය 24න් කරනවා කියපුවා ටික දවසක් යනකොට මාස හයක් බවට පත්වුනා.

දැන් මාස හය ගෙවෙනකොට අනුර ඒක අවුරුදු තූනක් දක්වා දික් කරලා.තමන් බලය අරන් මාස හයෙන් මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳනවා කියපු කතාව අනුරට දැන් අමතක වෙලා.ඒ වගේම අනුරගේ කතාවට අලුත් පොරොන්දු ගණනාවක් එකතු කරලා තියනවා.අනුර 2025 ගැන අලුත් බලාපොරොත්තුවක් දෙනවා,වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන වර්ෂය,වැඩිම අපනයන ආදායම ගන්න වර්ෂය,වැඩිම බදු ආදායමක් ගන්න වර්ෂය,බස් සමාගම් නිර්මාණය කරන වර්ෂය,රට පුරා රජය ගානේ හොඳ හෝටල් දාන්න වර්ෂය ඔය වගේ වමට දකුණට දෙපැත්තටම ගැලපෙන පොරොන්දු මල්ලක් දෙන්නා.

දැන් අනුර මහින්ද ගෙදරින් එලියට දාන කතාව දැන් ගන්නේ නෑ.ගිය මහ මැතිවරණයේ අංක එකේ සටන් පාඨයක් උනේ ඒක.හොරු අල්ලන කතාව,පාස්කු ප්‍රහාරය ආයෙත් අරන්.කොහොම උනත් රට ඉස්සරහට ගෙනියන්න තමන්ගේම වැඩපිලිවෙලක් නැතිව මෙහෙම දෙන පොරොන්දු ආයෙත් වැටෙන්නේ පරණ බොරු කන්දරාවටම තමයි.

පහුගිය දවස්වල ටිල්වින් - බිමල් කල්ලිය විසින් ඉස්මුදුනේ තියාගෙන ආපු බටලන්ද වධකාගාර කතාවත් අනුර ඇල්ලුවේ නෑ.මැතිවරණයේ ආරම්භය නිසා අනුරගේ කතාවට තවමත් නිසි උත්තර විපක්ෂ වේදිකාවලින් ආවේ නෑ.සජිත්, නාමල්,දිලිත් රට පුරා ඡන්ද සටනට මැදිහත්වෙන බව පේනවා.තවත් පක්ෂ ගණනාවක කැම්පේන් එක තවමත් මාධ්‍ය සාකච්ඡාවලට විතරක් සීමාවෙලා තියනවා.පහුගිය මැතිවරණවලදී මතවාදී පෙරමුණ හැසිරෙව්වේ රනිල්.

රනිල් අනුරට කෙලින්ම උත්තර දුන්නා.මැතිවරණ ජයග්‍රහණය කරන්න බැරි උනත් රනිල් මතවාදීව අනුරව පැරැද්දුවා.මේ මැතිවරණයේදී රනිල්ගේ ප්‍රහාරය කොහොම එකක් වෙයිද කියලා තවමත් පැහැදිලි නෑ.මැතිවරණ සටන ආරම්භයේදී ඉදිරියෙන් ඉන්න මාලිමාව දැනට සමත්වෙලා තියනවා.මෙතනදී ඉදිරියෙන් ඉන්නවා කියලා රටේ රාළ කියන්නේ කැම්පේන් එක ගැන මිසක ඡන්ද ගැන නෙවෙයි.

මේ මැතිවරණයේදී මාලිමා වේදිකාවේ බොරුව තර්කානුකූලව බිඳවට්ටන්න පුළුවන් කාටද? සජබයටද,පොහොට්ටුවටද,එජාපයටද,පොදුජන එක්සත් පෙරමුණටද,දිලිත්ටද,චම්පිකටද,විමල්ටද නැත්තම් වෙනත් පක්ෂයකටද කියලා තවම පැහැදිලි නෑ.මේ මැතිවරණයේදී විපක්ෂයට ජයග්‍රහණ තියෙන්නේ මාලිමාවේ බොරුව හරියට සමාජගත කරන ප්‍රමාණයට සාපේක්ෂවයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා..!

මීට,

රටේ රාළ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න