අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..?

අනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..?

ඒ සඳහා මුදල් දෙන්නේ කවුද..? ජවිපෙ දේශපාලනය දෙබිඩියි-පාදඩයි-මජරයි නව සිහළ උරුමය ප්‍රශ්න කරයි (හේෂාන් සම්පත් ) ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින්ව සමාන කළ හැක්කේ, "බුදු…

ඒ සඳහා මුදල් දෙන්නේ කවුද..?

ජවිපෙ දේශපාලනය දෙබිඩියි-පාදඩයි-මජරයි

නව සිහළ උරුමය ප්‍රශ්න කරයි

අනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..?

(හේෂාන් සම්පත් )

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින්ව සමාන කළ හැක්කේ, "බුදු සරණයි" කියන පුවරුව ඉදිරියෙන්ම ගසා ගෙන මසට හොර හරක් පට වන ලොරියක කප්පම්කාරයින්ට සහ හොරුන්ට යැයි නව සිහළ උරුමය චෝදනා කර සිටියි.  

"රෑ ඩැනියෙල්-දවල් මිගෙල්" භූමිකාව රඟ දක්වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයින් ඒ තරමටම පාදඩ යැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසූ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

දැන්වීම

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නායකයින්ගේ දේශපාලන භාවිතය සමාන කළ හැක්කේ, "බුදු සරණයි" කියන පුවරුව ඉදිරියෙන්ම ගසා ගෙන මසට හොර හරක් පට වන ලොරියකට බව පැහැදිලිව කිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ රඟ දක්වන්නේ "දවල් මිගෙල්-රෑ ඩැනියෙල්" භූමිකාවයි. ඒ තරමටම දෙබිඩියි. පාදඩයි. මජරයි. කුහකයි. අවස්ථාවාදීයි.  

විදේශ රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහ අපේම රටේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට යවා සිය දූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එහි නායකයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව සටන් කරමින් එම ව්‍යපෘති කඩාකප්පල් කර රටේ දරු දැරියන්ට තිබෙන අධ්‍යාපන අවස්ථා අහිමි කරනවා.

සිය පුත්‍රයා දියුණු ධනේශ්වර රටක පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නේ කිනම් අයෙකුගේ ආධාර සහ අනුග්‍රහය යටතේ ද, නැත හොත් ඒ සඳහා මුදල් සොයා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රටට-ජනතාවට කරුණු හෙළිදරව් කළ යුතුයි.

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ දූ දරුවන් කිසිවෙකුට ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධි ඇත්තේ නැහැ. එහෙම ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලින් සිය දූ දරුවන් ලබා ගත් උපාධි තිබෙනවා නම් රට-ජනතාව හමුවේ ඒ බව ඔප්පු කරන්නැයි නව සිහළ උරුමය ලෙස අප එම පක්ෂයේ නායකයින්ට අභියෝග කරනවා. මේ සියලු දෙනාගේ දරු දැරියන්ට තිබෙන්නේ විදේශ රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් සහ අපේ රටේ ඉහළ පෙළේ උසස් අධ්‍යාපන ආයතනවලින් ලබා ගත් උපාධියි.

ජනතා විමක්ති පෙරමුණේ "දවල් මිගෙල්-රෑ ඩැනියෙල්" භූමිකාව, දෙබිඩි බව, පාදඩකම, මජර ස්වභාවය කුහකකම සහ අවස්ථාවාදීකම මේ තත්ත්වයෙන් මනාව ඔප්පු වනවා. මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ධනේශ්වර සමාජවාදී ක්‍රමයක් ඇතුළත ඉහළ සහ ගුණාත්මක පරිභෝජනයක යෙදෙන අතර සිය පාක්ෂිකයින් ඇතුළු ජනතාව නිර්ධන සමාජ වාදයකට කොටු කර ඇති බවයි.

මේ තරම් ඉහළ සහ අතිශය ගුණාත්මක පරිභෝජනයක නියැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායකයින්ට සල්ලි දෙන්නේ කවුරුන්ද..? ඔවුන් මේ අරමුදල් රැස් කර ගන්නේ කෙසේද..? මොවුන් ඇත්තටම මේ සල්ලි ගොයන්නේ ධනපතියන්ගෙන් කප්පම් ලබා ගෙන බව කිව යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් සහ ඒ අයට සල්ලි ලැබෙන මාර්ග පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු අතර ඔවුන්ගේ අරමුදල් විගණනය කළ යුතු බව අප කියා සිටින්නේ මේ යථාර්ථය අප දන්නා නිසයි. ධම්මික පෙරේරා, නිමල් පෙරේරා සහ මලික් සමරවික්‍රම ඇතුළු කුප්‍රකට ධනපතියන් විශාල පිරිසක් කප්පම් ලෙස හෝ ආධාර ලෙස පරිත්‍යාග ලෙස හෝ අනුග්‍රහයක් ලෙස හෝ ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දෙන බව ඔබ දැන සිටියා ද..?     
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අනුරගේ පුතා විදේශ රටක අධ්‍යාපනය ලබන්නේ කෙසේද..? | Lanka Newsweek