අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

අන්තර් වැවිලි රග්බි තරඟාවලිය “Ag star” අනුග්‍රහයෙන් 7 වැනිදා

අන්තර් වැවිලි රග්බි තරඟාවලිය “Ag star” අනුග්‍රහයෙන් 7 වැනිදා

(තිළිණ සමරකෝන්) 18 වෙනි වරටත් පැවැත්වෙන අන්තර් වැවිලි සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා අනුග‍්‍රාහක දායකත්වය ලබා දීමට “Ag star” සමාගම තීරණය කොට තිබේ.මෙවර තරඟ පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 07 වන දින හැටන් හි…

(තිළිණ සමරකෝන්)

18 වෙනි වරටත්  පැවැත්වෙන අන්තර් වැවිලි සත් සාමාජික  රග්බි තරඟාවලිය සඳහා අනුග‍්‍රාහක දායකත්වය ලබා දීමට  “Ag star” සමාගම  තීරණය කොට තිබේ.මෙවර තරඟ පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 07 වන දින හැටන් හි පිහිටි “DMCC” (Dickoya Maskeliya Cricket Club) කී‍්‍රඩා පිටියේදීය.

කොළඹ,ඕවල් ක්‍රීඩා පිටියේ  දී පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරුණු අතර  මෙම මාධ්‍ය හමුවට “Ag star”  සමාගම වෙනුවෙන් එහි  අලෙවි අධ්‍යක්‍ෂ අතුල ගුණරත්න මහතා, සහකාර සාමාන්‍ය අධිකාරී අලෙවි ධනුෂ්ක ද සොයිසා සහ වෙළඳ කළමණාකරු අමිල රත්නායක යන මහත්වරුන් ද  BMCC වෙනුවෙන්  එහි ලේකම් සහ තරඟාවලියේ ප‍්‍රධාන සංවිධායක මංජුල සමරකෝන් සහ  භාණ්ඩාගාරික කැලූම් සමරතුංග යන මහත්වරු  සහභාගී වූහ.

මාධ්‍ය අමතා “Ag star” සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ අතුල ගුණරත්න මහතා පවසා සිිටියේ වැවිලි කර්මාන්තය සමග ඉතා ලඟින් කටයුතු කරන “Ag star” ආයතනය  වැවිලි කර්මාන්තයට ඉතා උසස් කෘෂි යෙදවුම් සහ පොහොර සපයනවා පමණක් නොව  ඔවුන්ගේ අනෙකුත් ක‍්‍රීයාකාරකම්වලදී නිරන්තරයෙන් සහයෝගය දක් වන අතර මෙම අනුග‍්‍රාහකත්වයද එවැන්නක් බවය.

එහිදී  මංජුල සමරකෝන් මහතා මාධ්‍ය අමතමින්  මෙම රග්බි තරඟාවලිය වසරක් පාසා පැවැත් වෙන ප‍්‍රධාන පෙළේ තරඟයක් බව පවසා සිටි අතර පාසැල් රග්බි ක්‍රීඩකයන්ට වැවිලි කර්මාන්තය සමග එකතු වී රග්බි පාපන්දු ක‍්‍රීඩාවේ නියෙලීමට ආරාධනා කරන බව ද කියා සිටියේය.

වෘත්තීය වැවිලි කරුවකු ලෙස අනාගතය සකසා ගන්නා අතරම  රග්බි පාපන්දු ක‍්‍රීඩාවේ නියලීමට මේ අවස්ථාව  මහඟු අවස්ථාවක් වන බැවින් පාසැල් රග්බි ක‍්‍රීඩකයන්ට වැවිලි ක්ෂේත්‍රය  හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම තරඟාවලිය සඳහා පහත සඳහන් කණ්ඩායම් සහභාගී වෙති.

Thalawakele Tea Estate PLC

Maskeliya Plantation PLC

දැන්වීම

Bogawanthalawa Tea Estate

Pussellawa Plantation Ltd(Combine)

Elpitiya Plantation Plc.

Hapugasthenna & Udapussalaawa Plantation Plc(combine)

Hatton Plantation Plc

Kelani Valley Plantation Plc

Malwatthe Valley Plantation Plc

Mathurata Plantation Ltd

Namunukula & Kegalle Plantations Plc(combine)

Sri Lanka Estate Plantation Corporation

  අන්තර් වැවිලි රග්බි තරඟාවලිය “Ag star” අනුග්‍රහයෙන් 7 වැනිදා  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න