අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අන්තර් කාලීන කූට ආණ්ඩුවලට සජබය නැහැ

අන්තර් කාලීන කූට ආණ්ඩුවලට සජබය නැහැ

ජනතා විරෝධය එල්ල වූයේ ඒකාධිපති රාජපක්ෂ පවුලටයි හොරුන් එක්ක ආණ්ඩු කරනු බැහැ අන්තර් කාලීන කතා කූට දේශපාලන උපක්‍රම ජනතා විරෝධයෙන් ගැළවී යළි ඒකාධිපති බලය තහවුරු කර ගැනීම සඳහා කූට දේශපාලන උපක්‍රමයක් ලෙස…

ජනතා විරෝධය එල්ල වූයේ ඒකාධිපති රාජපක්ෂ පවුලටයි

හොරුන් එක්ක ආණ්ඩු කරනු බැහැ 

අන්තර් කාලීන කතා කූට දේශපාලන උපක්‍රම  

ජනතා විරෝධයෙන් ගැළවී යළි ඒකාධිපති බලය තහවුරු කර ගැනීම සඳහා කූට දේශපාලන උපක්‍රමයක් ලෙස පිහිටුවීමට යන අන්තර් කාලීන ආණ්ඩුවට කිසිසේත් එකතු නොවන අතර ඊට කිසිදු සහයෝගයක් ද ලබා නොදෙන බව සමගි ජන බලවේගය පවසයි.

ජනතා විරෝධය එල්ල වී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන එම පවුල් පාලනයට විනා කැබිනට් මණ්ඩලයට පමණක් නොවන බව ද එම පක්ෂය පෙන්වා දෙයි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටින්නේ, දුෂිතයින්, අපරාධකරුවන් සහ කූට දේශපාලන ගනුදෙනුකරුවන් එක්ක ගොඩනගන අන්තර් කාලීන ආණ්ඩුවලට සමගි ජන බලවේගය එකතු නොවන බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අන්තර් කාලීන කූට ආණ්ඩුවලට සජබය නැහැ | Lanka Newsweek