අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක්..!

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක්..!

" අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි " ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක…

" අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි " ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක කරලා පහර දීලත් තිබුණා.රටේ රාළට එයාලට කියන්න තියෙන්නේ සහෝදරවරුනි අපි තවමත් සුවෙන් කියලයි.නිවන් සුව සහ මිහිදන් වෙයන් කියලා පතනවාට ඔබලාට ස්තූතියි.

ඔයාලා අහලා ඇතිනේ ලෙඩ්ඩු කළබල උනාට වෙද්දු කළබල වෙන්නේ නෑ කියන කතාව.ලෙඩ්ඩු තව ටික දවසක් ඔහොම කෑගහපු දෙන් එයාලා බෙහෙත් ලගදීම හම්බවෙයි.දිට්වා සුළි කුණාටුව අපට පහර දෙන බව වාර්තා වෙනවත් එකක් රටේ රාළ ලිපි මාලාව කේන්ද්‍රගත උනේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් ආපදා තත්වයට අදාලවයි.ආපදා තත්වයේදී රජය ගන්න ඕනි ක්‍රියාමාර්ග එකින් එක රටේ රාළ පෙන්වලා දුන්නා.හැබැයි ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ.

රටේ රාළත් එක්ක තියන දේශපාලන වෛරය නිසා ඒවායේ ගතයුතු දේවල්ව පවා ප්‍රතික්ෂේප උන බව තමයි ආරංචිවුනා. කොහොම හරි රට දැන් මහා විනාශයකට පත්වෙලා ඉවරයි.මේ තත්වය යටතේ ආණ්ඩුව කරන්න ඕනිදේ රටේ රාළ ඉස්සෙල්ලාම පෙන්නලා දුන්නා.ඒ වගේම ආණ්ඩුව ඒ දේ කරන්නේ නැත්තං විපක්ෂය පැත්තෙන් කරන්න ඕනි දේත් රටේ රාළ පෙන්නලා දීලා ඇති.ඒ වගකීම ඔය දෙපැත්තෙන්ම වෙන්නේ නැත්තං ජනතාවගේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය ගැන රටේ රාළ තවම කතා කළේ නෑ.

දැන්වීම

ඒක කතා කරන එක රටේ රාළ හිතාමතා කල්දාලයි තියෙන්නේ. මහ ජනතාව ඇවිත් නීතිය අතට ගන්න එක මේ වෙලා තියන විනාශයටත් වැඩිය බරපතල දෙයක්.එහෙම නැතිව රටේ රාළ ඒ ගැන කතා නොකරන්නේ ජෙප්පන්ට බයේ නං නෙවෙයි.මොකද මේ බුරබුරා නැගෙන ජනාතා විරෝධයට පැට්රෝල් දාන් රටේ රාළට ඕනි නෑ.රටේ රාළ බොහොම පැහැදිලිවම ජනාධිපති අනුර කුමාරට කිව්වා කරන්න ඕනිදේ.අනුරට දැන් කරන්න තියෙන්නේ තමන්ගෙන් සිද්ධවුන අඩුපාඩුව තේරුම් අරන් ඒ ගැන ජනතාවගෙන් සමාව අරන් ඉදිරි අභියෝගයට මුහුණ දෙන එකයි.

රටේ රාළ ඉතාම පැහැදිලිව කියලා ඇති දිට්වා සූළි කුණාටුව රටේ පොදු හතුරා බවට පත්කරලා ඉදිරි අවුරුදු දහය ඇතුලේ රට ගොඩනැගීමේ සැලස්මක් හදලා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු කරගෙන ජාතිය ගොඩනැගීමේ එක්සත් ක්‍රියාමාර්ගයකට යන්න ඕනි කියලා.වෙන උත්තරයක් අනුරට නෑ.අනූර එහෙම කරන්නේ නැත්තං වෙන්නේ අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව පොදු හතුරා බවට පත්වෙලා රටේ ජනතාව ඉදිරි මාස කීපය ඇතුලේ අනුරට සහ මාලිමාව එරෙහිව නැගිටීමයි.

ඇත්තටම මේ දෙක හැර වෙන්න වෙන උත්තරයක් නෑ. අනුර ඇවිත් ජාතිය අමතලා කිව්වේ බින්දුවෙන් පටන් අරන් තිබුණට වැඩිය හොඳ රටක් හදනාවා කියලයි.ඒක වෙනුවෙන් අරමුදලක් පිහිටවනවා කියලයි.අනුර කියපු කතාව වලංගු වෙන්නේ ඒක රටේ රාළ කියන සූත්‍රයට දැම්මොත් විතරයි.එහෙම නැතිව ආණ්ඩුවේ මේ ඉන්න 159 දෙනා එක්ක ඒක කරන්න යනවා නං ජනතාවගෙන් ගුටි කාලා තමයි වැඩේ නතරවෙන්නේ.බින්දුවෙන් පටන් අරන් මීට වැඩිය හොඳ දෙයක් හදනවා කියලා කියන අනුරට අඩුම ගානේ රනිල් නතර කරපූ තැනින් එක දශමයක් රට ඉස්සරහට ගෙනියන්න බැරිවුනා.

දැන් බින්දුවට වැටිලා තියන රට ආ පස්සට තමයි අනුර මේ ගෙනියන්නේ.ඇත්තටම මෙයාලට සැලැසුම් නෑ විතරක් නෙවෙයි වැඩේ කරන්න අවශ්‍ය මිනිස්සුත් නෑ.අනුර රට ගොඩනැගිමේ වෙනුවෙන් අරමුදල් එකතු කරන්න බාරදෙන කමිටුවෙන් තේරෙනවා අනුර වැඩේ ගොඩදාන්න යන්නේ කොහොමද කියලා. දැනටත් අනුරගේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රටේ ජනතාව හූරගෙන කන ජාවාරම්කාරයෝ ටිකකට අනීතික අරමුදලක් හදන්න බාරදීලා.එතන ඉන්නේ වංචා, දුෂණ චෝදනා තියන අය.රටේ බදු ගෙවීම පැහැර හැරපු අය,රජයේ කොන්ත්‍රාත් කරන අය.

ඇත්තටම බිස්නස්කාරයෝ ටිකක්.අනුර හදන්නේ මේ ආපදාව බිස්නස් එකක් බවට පත් කරන්න.ඒකත් හරියට නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ වැඩක්.දැනටමත් ජෙප්පන්ගේ හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවෙනවා.සමහරු ජනතාව එකතු කරපු ආධාර මංකොල්ල කාගෙන රතු තරුව ගහගෙන බෙදනවා.මාලීමාවේ අයට විතරක් බත් පාර්සල් බෙදනවා.දළදා මාලිගාවේ බත් පැකට් අරන් ගිහින් තමන්ගේම නම්න් බෙදලා.සමහරු ආධාරවලින් ඉස්සෙල්ලාම තමන්ගේම කොටස වෙන් කරගන්න හැටිත් විඩියෝවල අපූරුවට පෙනුනා.

ජනතාව මාලිමා මන්ත්‍රීලට හූ කියලා පන්නන විඩියෝ ගණනාවක් අන්තර්ජාලයේ තියනවා.මේ විදිහට වනචාරීන් වගේ හැසිරිලා කොහොමද රට ඉස්සරහට ගෙනියන්නේ.එයාලට පුළුවන් මේ රට ගල් යුගයට ගෙනියන්න.රටේ රාළ අනුරට සිංහලෙන් කිව්වේ ඒ කතාව.මේ උත්සාහයට සියලු දෙනා එකතු කරගන්න කියලයි. අනුර ඒ වැඩේට සුදානම් නැති බව දැන් පෙන්වනවා.පළවෙනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ කටවහන්න හදපු හැටියෙන් ඒක පේනවා.බිස්නස් කමිටි එකේදී බිමල් විපක්ෂයට කියලා තියෙන්නේ ඔයාලා ගම්වලට ගිහින් කානු ටික ගොඩදාන්න කියලයි.

සුජීව සේනසිංහ බිමල් එහෙම කිව්ව බව කිව්වා. රටට කරන්න ඕනි විනාශය කරලත් බිමල්ගේ මොකද්ද ඒ තරම් උද්දච්චකමක්. ඇත්තටම මේ ඛේදවාචකය ඇතුලේ දේශපාලන කරන්නේ මාලිමාව.ආණ්ඩුවේ ඩෝබිලා කියන්නේ ආණ්ඩුව විවේචනය නොකර එයාලගේ වැඩ ටික කරන්න දෙන්න කියලයි.ජනතාව සහ සමාජ ක්‍රියාකාරින්ගේ විවේචනය නිසා තමයි මේ රට මෙහෙම හරි තියෙන්නේ.නැත්තං ටිල්වින්ගේ පැලවත්තේ දේශපාලන යමපල්ලෝ ටික පැනලා ආපදාවට ලක්වුන රට මෙලහටත් සුද්ද කරලා ඉවරයි.

රටේ රාළ කියන්නේ ජනතාව මේ තත්වය ඉවසන්නේ නෑ. අනිවාර්යයෙන්ම ජනතාව හෙට දවසේ මේ ආණ්ඩුවට එරෙහිව නැගිටිනවා.ඒ නැගිටිනකොට අපට උත්තරයක් තියෙන්න ඕනි. එක්කෝ අනුර ජනතා බලය ඉදිරියේ දණ ගහලා අන්තර්වාර ආණ්ඩුවට එකඟ වෙන්න ඕනි.එතකොට ඉතින් තියෙන්නේ මේ කැබිනට් එක නෙවෙයි.ඒකට පාර්ලිමේන්තුවේ වගකීම් දරන්න පුළුවන් සුදුස්සන් පත්කර ගන්න ඕනි.පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න දක්ෂයන් ඊට මැදිහත් කරගන්න අවස්ථාවක් තියෙන්න ඕනි.

වහාම දස අවුරුදු සැලැස්මක් හදලා ඒ ඔස්සේ රට මෙහෙයවන්න ඕනි.එහෙම කරන්නේ නැත්තම් මේ ආණ්ඩුව එලවන්න ඕනි. එලවලා ව්‍යවස්ථානුකූල නව ආණ්ඩුවක් පත්කරගෙන රට ගොඩනැගීමි ක්‍රියාමාර්ගයට යන්න ඕනි.තවත් එක තැන පල්වෙන රටක මේ රටේ ජනතාවට අවශ්‍ය නෑ.මොකද මේ රට අනුරගෙයි, ටිල්වේන්ගෙයි ජෙප්පන්ගෙයි විතරක් නෙවෙයි.මේක සමස්ථ ශ්‍රී ලංකාවාසී අපි සියලු දෙනාගේම රට.මේක හදන්න ඕනි ජෙප්පන්ට ඕනි විදිහට නෙවෙයි.

සමස්ථ ජනතාවගේ අදහස් අරගෙන.එකටයි ඉඩ දෙන්න ඕනි.දැන් මේ ආණ්ඩුවට ජනවරමක් නෑ.ආණ්ඩුවට ඕනි නං පුළුවන් ජනමතයට අනුව කටයුතු කරන්න.එහෙම නැත්තං ජනතාව පාරට බැහැලා ආණ්ඩුව පන්නලා අන්තර්වාර ආණ්ඩුවක් හදනවා හැර වෙන විකල්පයක් නෑ.ඊට වැඩිය වෙනස් විකල්පයක් තියනවා නං කියන්න.දැන් කොහොමවත් ඡන්දයකට යන්න බෑ.ජනතාව ඇවිත් නීතිය අතට ගන්න ඉස්සෙල්ලා අනුර පලවෙනි පියවර තියන්න ඕනි.එහෙම නැත්තං ඒ එන තත්වයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න