අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධ්‍යාපන සේවා සඳහා සියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු

අධ්‍යාපන සේවා සඳහා සියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු

ගුරු-විදුහල්පති සේවා සඳහා 2/3 හිඟ මුදල් අයවැයෙන් ගෙවනු..! අනෙකුත් අසියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු..! සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉරිදා (02) පුවත්…

ගුරු-විදුහල්පති සේවා සඳහා 2/3 හිඟ මුදල් අයවැයෙන් ගෙවනු..!

අනෙකුත් අසියළු හිඟ වැටුප් අය-වැයෙන් වෙන් කරනු..!

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉරිදා (02) පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට ලබා දුන් පොරොන්දු ඉක්මනින් ඉටු කල යුතු බවයි. 

ගුරු-විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු ඉතිරි 2/3 ක වැටුපත්, අනෙකුත් සියළුම අධ්‍යාපනය සේවාවන් හි නිලධාරින්ට හිමි විය යුතු සම්පූර්ණ හිඟ මුදලත් ගෙවා දැවීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික්ක  පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අය වැය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති අය වැය යෝජනාවේ මෙසේ ද දැක්වේ.

දැන්වීම

‘අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් අති වූ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ලම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්වන කටයුතු කරනු ලැබීය.

එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදෙන ලදී.   නමුත්, එතන දීත් අධ්‍යාපන පරිපාලන‌ සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවන් හි නිලදාරීන්ට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබුණේ නැත.  

ඒ නිසා, 2025 අය වැය මගින්, 97/2 චක්‍ර ලේඛනයේ නිසා ඇති වූ වැටුප් විශමතාවය නිවැරදි කර, වත්මන් ආණ්ඩුව ද, විපක්ෂය එක්ව පිළිගත් පරිදි අධ්‍යපාන කේෂ්ත්‍රයේ සියළුම සේවාවන් හි නිලධාරීන් වෙත පූර්ණ වැටුප් හිමිකම ලබා දීමට කටයුතු කළ යුතුය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට  2/3 ක වැටුප් හිමිකම ද, අනෙකුත් සේවාවන් හි සියළු නිලධාරයන්ට පූර්ණ හිඟ මුදල ද, ලබා දීමට අවශ්‍ය මුදල් මෙවර අය වැය මගින් ලබා දෙන ලෙස යෝජනා කරමි.

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න