අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ජවිපෙ හමුවෙයි

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ජවිපෙ හමුවෙයි

(හේමන්ත තුසිත කුමාර) ජනතා විමුක්ති පෙරමුණ සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය අතර හමුවක් සිකුරාදා(30) පෙරවරුවේදී බත්තරමුල්ල ජනතා විමුක්ති…

(හේමන්ත තුසිත කුමාර)

ජනතා විමුක්ති පෙරමුණ සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය අතර හමුවක් සිකුරාදා(30) පෙරවරුවේදී බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. කොතලාවල පනතට එරෙහිව ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එහිදී  සාකච්ඡාවට බඳුන් වී ඇත. 

මේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පරා හනීෆා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමළල, නීතිඥ KS රත්නවේල් යන අය සහභාගි වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ජවිපෙ හමුවෙයි | Lanka Newsweek