අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අද සිට බස් ගාස්තු අඩු වෙයි

අද සිට බස් ගාස්තු අඩු වෙයි

අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පසුගියදා ඩීසල් මිල පහළ…

අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
 
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පසුගියදා ඩීසල් මිල පහළ යාමත් සමග එම මිල අඩුකිරීම් සිදුකෙරෙන බවය. 
 
ඉන්ධන මිල පහත හෙළනුයේ කුමන ප්‍රතිශතයකින් ද යන්න අද දහවල් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
 
කෙසේ නමුත් අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අද සිට බස් ගාස්තු අඩු වෙයි | Lanka Newsweek