අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අද පස්වරුවේ මහා බස් වර්ජනයක්

අද පස්වරුවේ මහා බස් වර්ජනයක්

සියලු බස් සංගම් එක් වෙලා.. ! "Clean Sri Lanka" වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්තනෝමතික බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් බස් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා පෞද්ගලික බස්…

සියලු බස් සංගම් එක් වෙලා.. !

"Clean Sri Lanka" වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්තනෝමතික බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සංගම් බස් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද (08) පස්වරුවේ සිට රටපුරා වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියා. අනවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන් සොයා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය..

මෙම මෙහෙයුම හරහා පොලිසිය දිගින් දිගටම පෞද්ගලික බස් රථ ඉලක්ක කර ගනිමින් සිටින බවද ඔහු කියා සිටියා. එබැවින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ඉවත් කරන ලෙස සියලුම බස් සංගම්වලින් සහ සේවකයන්ගෙන් ඉල්ලීමක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා දැවැන්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට බස් ව්‍යාපාරික ජගත් විතාන ද ප්‍රකාශ කළා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න